IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මුඛ ආවරණයෙන් අලි ජංජාලයක්

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
යතුරුපැදියෙන් යමින් සිටියදී ගැලවී යාමට වෙර දැරූ මුඛ ආවරණය සැකසීමට සිය බිරියගෙන් ඉල්ලූ සහයෝගය නිසා තුවාල පමණක් සිදු වී ජීවිතය අනූනවයෙන් බේරාගත් යුවළක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


 මේ යුවළ සිය අවශ්‍යතාවකට යතුරුපැදියෙන් ගමන් ගනිමින් සිටියහ. යතුරුපැදිකරු පැලඳ සිටියේ දින කිහිපයක්ම පාවිච්චි කළ මුඛ ආවරණයකි. ඒ නිසාම එහි පටි ඇදී බුරුල් වී තිබිණ.


ඒ නිසාම යතුරුපැදියෙන් ගමන් ගනිද්දී වදින සුළඟත් සමගම ඔහුගේ මුඛ ආවරණය ගැලවී යාමට වෙර දැරුවේ වරක් දෙවරක් නොවේ. එය යතුරුපැදියේ ගමන් ගනිද්දීම සැකසීමට උත්සාහ ගත්තත් එය සාර්ථක නොවීය. මුඛ ආවරණය නිරන්තරයෙන්ම ගැලවී යාමට වෙර දැරුවේ එය ඔහුට මහා වදයක් වෙමිනි.


ඒ නිසාම ඔහු මුඛ ආවරණය ගැලවී යාමට නොහැකි වන සේ සකසා ගැනීමට සිතුවේ, යතුරුපැදිය ධාවනය කරමින් සිටියදීය. ඒ සදහා බිරියගේ සහාය ගැනීමට ඔහු සිතුවේය. ඒ, මුඛ ආවරණය දෙකනේ පටලවා ගැනීමටය. ඒ සඳහා ඔහු සිය හිස් ආවරණය බුරුල් කර සිය බිරියට මඳකට එය අතට ගන්නට යයි කියූවේ එහෙයිනි.


සැමියාගේ නියමය පරිදි හිස් ආවරණය අතට ගත් සැණින් ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේය. එය සම්බන්ධ වූ සැණින් සැමියා මුඛ ආවරණය දෙකනේ පටලවාගෙන හිස් ආවරණය හිසේ දමන ලෙස බිරියට කීවේය.


ඒ අනුව බිරිය හිස් ආවරණය ඔහුගේ හිසේ දැමුවාය. ඒ සමඟම යතුරුපැදිය පෙරැළී ගියේ මහ හඬක් නංවමිනි. ආ ඇමතුමට අවධානය යොමු කළ බිරිය, ඔහුට හිස් ආවරණය පලඳවා ඇත්තේ ඉස්සර පස්ස මාරු කරය. ඒ සන්තෑසියෙන් දෙදෙනාට තුවාල පමණක් සිදු වී බේරී ඇත්තේ, ඒ අවස්ථාවේ වෙනත් වාහනයක් පාරේ නොගිය නිසාලු‍.

 



අදහස් (0)

මුඛ ආවරණයෙන් අලි ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 101 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 36 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site