ගලහ ඩබ්ලිව්.ඒ. අසේල
බස් රථයක් තුළදී එම මීයන් රොත්තක් මල්ලකින් එළියට පැනීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවට පත් වී මීයන් රැගෙන ගිය පුද්ගලයාද දැඩි දෝෂාරෝපණයට ලක්වීමේ සිද්ධියක් වාර්තාවේ.
තලාතුඔය ප්‍රදේශයේ පදිංචි මොහු මහනුවර ප්‍රදේශයේ කාර්යාලයක රැකියාවක නිරත වී සිටී. තමා පදිංචි නිවෙසේ මීයන් බෝවීම පසුගිය කාලයේ බොහෝසේ වැඩි වූයේ බලා සිටිද්දීම මෙනි. මීට පිළියම් කීපයක් යෙදුවත් වැඩේ හරි නොගියේය. අන්තිමේදී ඔහු මීයන් නැති කිරීමට මී කූඩු කිහිපයක් ගෙනැවිත් එතුළට එන මීයන් බෑගයකට දමා රැකියාවට යන අතර වෙනත් ප්‍රදේශයකට දැමීමට කටයුතු කළේය.
පසුගිය දිනෙක එසේ අල්ලාගත් මීයන් තිදෙනකු බෑගයක දමාගෙන බස් රථයේ ගමන් කරමින් සිටියේය. හිටි ගමන්ම බෑගයෙන් එළියට පැනගත් මීයෝ බස් රථය පුරා දුවන්නට වූහ. කලබල වූ මගීන්ගේ කෑගැසීම නිසා බස් රථය අතරමග නැවැත්වීය. මගීහු බසයෙන් බැස මීයන් බසයෙන් එළවීමට කටයුතු කළහ.
සැණෙකින්ම මීයන් රැගෙන ආ පුද්ගලයා බස් රථයේ හඳුනාගෙන ඇති අතර සියලු දෙනා ඔහුට දැඩි සේ දෝෂාරෝපණය කරන්නට වූයේ ලවක් දෙවක් නැතිවය.
අදටත් උදෑසන එම පුද්ගලයා බස් රථයට ගොඩවීමට බස් නැවතුමේ සිටිද්දී මගීන් අන්න මී අන්කල් ඉන්නවා යනුවෙන් කසු කුසු ගාන්නේ සිනාසෙමිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මී රොත්තක් බසයෙන් එක්ක ගිහින් ජංජාලයක්