මොරගොල්ලාගම සිසිර කැලේගම
වෙළඳසලක අලෙවි කරන්නට තිබූ ජංගම දුරකතනවලට භාවිතයට ගන්නා ෆෝන් කාඩ් තොගයක් මීයන් රැගෙන යාමේ පුවතක් කුරුණෑගල දඹුල්ල පාරේ නගර සීමාව අවට වෙළෙඳසලකින් අසන්නට ලැබිණි.
වෙළෙඳසලේ හිමිකරු හදිසියේ මිය ගියේය. මේ නිසා වියපත් විවාහක කාන්තාව ජීවත්වීමේ අරගලයට මුහුණදීම සඳහා එය පවත්වාගෙන යාමට කටයුතු කළාය.
නිවහන වෙනත් තැනකය. වෙළඳසලට උදේම එන ඇය සවස් යාමයේ නිවසට යයි.
මේ තත්වය නිසා වෙළඳසලේ අලෙවි කරන්නට තිබෙන සිල්ලර වෙළඳාමට මීයන්ගෙන් සිදුවන්නේ ඉමහත් තර්ජනයකි.
අලෙවි කරන පිටි කිරි පැකට්, බිස්කට්, තුන පහ ආදී සියල්ල මීයන්ගේ හානිය නිසා දවසින් දවසට සිදුවන්නේ පාඩුවකි.
මේ තත්වය හමුවේ ඇය දැඩි කලකිරීමකින් යුතුව පසු වූවාය.
ඇය හානියට පත් දේ ඉවත් කරමින් සිටියාය. ඒ අතරේ එතැනට බඩු ගන්නට අයෙක් පැමිණියේය.
සිදුවෙන හානිය ඇය ඔහුට පෙන්වා සිටියේය.
“මුදලාලි හාමිනේ ඔය හානිය මම නවත්වලා දෙන්නම්. මට අවැසි දේවල් ටිකක් සිංහල බෙහෙත් බඩු කඩේකින් ගෙනැත් දෙන්න. ඒක මී බන්ධනයක්. ඒක කළාම මීයෝ පැත්ත පළාතකට එන්නේ නෑ’’ ඔහු කීවේය.
එය පිළිගත් ඇය අවැසි දේවල් කඩිනමින් ගෙන ආවාය. ඒ බව ඔහුට දැනුම් දුන්නේය. එතැනින් නික්ම ගිය ඔහු පසු දිනක එහි ආවේ මී බන්ධනය සිදු කිරීමටය.
ඔහු කළ යුතු ශාන්තිකර්මය කළේය. එදින රාත්‍රියේ සිට මාස අටක පමණ කාලයක් මීයකු ආශාවට දකින්නට එහි නැත. ඇය උජාරුවට මෙන් පැමිණි සැමට මී බන්ධනයේ හාස්කම කීවාය.
ඒ අනුව කරවල, සීනි, පිටිකිරි, බිස්කට්, තුනපහ ආදියට සිදුවෙන හානිය වැළකී තිබුණි.
පසුගිය සතියේ ඇය ත්‍රිරෝද රථයකින් පැමිණ වසා තිබුණු කඩේ විවෘත කළාය.
ලී සහිත මේසයේ ලාච්චුව මීයන් කාලා ඇති බව දුටුවා ය.
තවදුරටත් පරීක්ෂා කිරීමේදී මිලදී ගත් පෝන් කාඩ් තොගයම නැත. ඒවා මීයන් රැගෙන ගොස්ය. සිවිලිමට තවත් පිරිසක් නග්ගා පරීක්ෂා කෙරුවේය.
පෝන් කාඩ් කඩේ ඇතුළත හෝ හතර සීමාවක දක්නට නැත. කඩේ ඇතුළත තිබූ කිසිවකුටත් හානි නොකළ මීයන් මී බන්ධනය නිසා කලකිරීමෙන් බන්ධනයේ බලපෑමක් නොවන පෝන් කාඩ් තොගයම රැගෙන ගොස් ඇති බවට රැස්ව සිටි උදවිය පැවසුවාලු.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
මී බන්ධනය කැඩී කාඩ් අතුරුදහන් වෙලා
ගුණරත්න Tuesday, 10 December 2024 06:26 PM
ලෝකයාට අතපාන්නේ නැතිව ඉන්න අහිංසක මනුස්සයෙක්, ඒ මනුස්සයාට හිනාවෙනවා... වෙනුවට ගම්මුන්ට බැරිද සුළු උපකාරයක් හෝ කරන්න.