(කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ)
බස් රථයක් තුළදී තරුණියන් පිරිසකට නිරුවත පෙන්වූ 58 හැවිරිදි අනංගයකු ගුටිබැට පූජාවක්ද දී පොලීසියට බාරදීමේ සිද්ධියක් අම්බලන්ගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා විය.
මෙම බසය අම්බලන්ගොඩ බස් නැවතුමේ සිට බද්දේගම දක්වා ධාවනය කිරීමට සුදානම්ව තිබුණි. බසය පිටත් වීමට තවත් විනාඩි කීපයක් තිබූ අතර සෑහෙන සෙනගක් එයට ගොඩවී සිටියහ.
පිටුපස අසුනේ දඟකාර තරුණියෝ කීපදෙනෙක් උසුළු-විසුළු කරමින් විනෝදයෙන් සිටියහ. ඉදිරි අසුනක වාඩිවී සිටි පුද්ගලයකු හිටි හැටියේම සරම බුරුල් කොට තරුණියන්ට නිරුවත පෙන්වා තිබේ. මේ අශෝභන සිද්ධියෙන් බියට පත් තරුණියක් කෑ ගසා බසයෙන් එළියට පැන බස් නැවතුමේ සිටි අයට සිද්ධිය පවසා ඇත.
පිරිමින් කීපදෙනෙකු එකතුවී ඔහුට හොඳ ගුටිබැට පූජාවක් දී ඔහු අම්බලන්ගොඩ පොලීසියට බාර දෙනු ලැබීය.
කළ වරදට ඔහුට පොලිස් සිර මැදිරියේ පැය කීපයක් ගත කිරීමට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය පොළවල් අසළ මුහුඳු තීරයේ මෙවැනි මිනිස්සු ඉන්නවා. (නි)
ගල් ගහන්නම තමා තියෙන්නේ....(දිල්)
දැන් හැදෙන ගැණු ළමයි ජීවත් වෙන්නේ අමුතුම ලෝකෙක. පොතෙන් ඉගෙන ගත්තට සාර ධර්ම හෙළ සිරිත් විරිත් මොකුත්ම දන්නේ නැහැ.(හේ)
අනේ සීයේ පඩුවේ හිටියා නම් ඔය මුකුත් නෑනේ.(හේ)
මොනා වුණත් .. මේවගේ දේවල් හොඳ සිහිකල්පනාවෙන් වෙන දේවල් නොවේ . එ්නිසා ගුටිබැට පුජාවල් දෙනවාට වැඩිය හොඳියි මානසික දොස්තර කෙනෙකුට මෙයා හඳුන්වාල දෙන එක . පිස්සන්ට ගහලා පව් සිද්ධ කරගන්න එපා..!(හේ)
නාකී කමට නෙමෙයි වැඩ.(හේ)
කවුරු හරි හෝ වැරදි ,මෙතන වැඩිහිටියෙකුගෙන් බාල පරපුරට දීල තියෙන ආදර්ශය නම් බොහොම කැතයි.(දිල්)
පසල් යන නංගිලට ඔහොම වන්නත් ඔනෙ.මොකඩ එයල හිතාගෙන ඉන්නෙ එයල ඔක්කොම දන්න අය කියල. අද කාලෙ නංගිලට යන්තම් අවුරුදු දහය වෙන කොට හොයන්නෙ ලොවෙ කරන්න හොඳ කොල්ලො (අ)
හොඳ වැඩේ (නි)
දමයන්ති එතැන හිටියා නම් මොකද කරන්නේ? (නි)
මෙතෙනදී දෙගොල්ලම වැරදී. (ර)
වයසේ හැටියටද වැඩ.(හේ)
කියලා වැඩක් නැහැ දමයන්ති හිටියා නම්... මොකටද මගේ කට! (නි)
හොද වැඩේ.මේ මිනිස්සුන්ට අල්ලගෙන ගල් ගහන්න ඔනේ.(හේ)
දුරගමන් සේවා මාර්ග අංක 87 මාර්ගයේත් ගැහැණු ළමයෙකුට තරුණකම පෙන්වපු අන්කල් කෙනෙකුටත් බීපු කිරි මතක්වෙන්න බස් එක ඇතුළෙදි සැළකුවා. (නි)
සීයාට කන්කරච්චලේ ඉවසගන්නම බැරුව යන්න ඇති. (නි)
දේවික ඔය අස නැද්ද (අ)
සීයාගේ රංගනය නම් බොහොම අශෝභන වැඩක්. නමුත් කියන්න ලැජ්ජයි ,බසයක යන පාසල් ගැහැණු ළමයි සහ වෙනත් ගැහැණු ළමයි ළඟ ඉන්න බොහොම අපහසුයි. එතරම්ම අශෝභනයි කතාව.හරියට බස් එක තමන්ගේ පුද්ගලික දෙයක් වගේ. සීයා බැරිම තැන අරවගේ දෙයක් කරන්න ඇති.හැමෝටම පෙනිලා තියෙන්නේ සීයාගේ වැරැද්ද පමණයි. තරුණියෝ නිවැරදිද? හරිම පුදුමයි.සීයාට දෙවියන්ගේම පිහිටයි! (නි)
දැන් කාලයේ සමහර තරුණියනුත් මේ වගේ දේවල් වලට අතවනන විදියට තමයි හැසිරෙන්නේ. එක පාරක් නුවර කොළඹ පුද්ගලික බසයක මෙහෙම කෑගසමින් හැසිරුණු තරුණියන් කල්ලියකට මුළු බසයේම මිනිස්සු බනින්න පටන් අරගෙන කරබාගෙන ඉතිරි දුර යන්න වුණා. (නි)
දමයන්ති, ඔයා එතන හිටියා නම් ඔයාට නුල් බඳින්න වෙනවා (නි)
අනේ පව් සියාට වෙච්ච දෙයක්.තරුණ කාලේ මතක් වුණාද දන්නේ නෑ.(හේ)
අපරාදේ! මම හිටියේ නැහැනේ මෙතන? හිටියා නම්.... (නි)