කුරුණෑගල බස් නැවතුමෙන් පිටත් වූ බස්රථයකි. අතුරු සිදුරු නැතිව සෙනග සිටි මෙහි තරුණ ජෝඩුවක්ද පෙම් සුව විඳමින් සිටියේ පසුපස අසුනෙහිය. දෑත් පටලවාගෙන විහිළු තහලු කරමින් රසබස් පවසමින් යන මේ දෙදෙනා කෙරෙහි කාගේත් අවධානය යොමුවුවත් මේ කාලයේ මෙවැනි දර්ශන නිතරම දකින්නට ලැබෙන නිසා පුදුමයක් වුණේ නෑ.
පෙරදින රාත්‍රියේ මළ ගෙදරක සිටි නිසා නිදිමත බව තරුණයා පැවසූ බව කීප දෙනකු දැනගත් අතර ඔහු තරුණියගේ සිරුරට හේත්තු වී නිදන්නට විය. අතරමග නැවතුමකදී බසයෙන් බැස යන බව ඇය පැවසුවාය. දැන් නැවතුමද ඉතා ආසන්නය. තද නින්දෙහි සිටින තම පෙම්වතා හෙමින් සීරුවේ තම සිරුරෙන් මෑත් කොට කඩිනමින් නැගිට සීනුව නාද කොට බැස ගියාය.
තද නින්ද නිසා ඔහුට කිසිවක තේරුමක් නොවීය. හිස්වූ තැනට පැමිණියේ අවුරුදු අසූවක පමණ කාන්තාවකි. වටපිට බලා අසුන්ගත් ඇය තරුණයා නිදන අයුරුද දුටුවාය.
මදක් නෙත් හරිමින් කෙළ පෙරාගත් ඔහු එක්වරම බදාගත්තේ වයසක කාන්තාවය. බියවී මරලතෝනි දෙන්නට වූ ඇය දෙස බස්රියේ සියලු දෙනාම බලන්නට විය. බස්රිය නතර වූ අතර සිද්ධිය කුමක්දැයි සෙවීමේදී සිදුවුණේ මෙයයි.
තමා නින්දෙහි සිටියදී පෙම්වතිය බැස ගිය අයුරු ඔහු නොදන්නා බවත් ඇය යැයි සිතා අඩ නින්දෙහි යෙදී වයසක ආච්චි බදාගත්තේ නොදන්නාකම නිසා බවත් පැවසීය.
ගමනක් යනකොට මිට පස්සෙ හොඳ සිහිකල්පනාවෙන් යන්ඩ දැනගන්නව. නැත්නම් ඉතින් ගුටිත් කාල පොලිස් කූඩුවේ ලගින්නයි වෙන්නේ. රියදුරු මහතා පැවසූ දෙයින් ඔහු හොඳහැටි නෙත්හැර බැලුවේය.
මේ සිදුවීම කාගේත් සිනාවට ලක්වූ අතර තරුණයා ආච්චිගෙන් වැඳ සමාව ගත්තේ පාඩමක් ඉගෙන ගනිමිනි.
කරුණාදාස සපුතන්ත්‍රි
නිකදළුපොත.
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බසයේදී පෙම්වතිය මාරුවී ආච්චි බදාගෙන