IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බසයට නයයි පොළඟයි රිංගා මහා ජංජාලයක්

දකුණු පළාතේ ලුණු ලේවායට ආසන්නයේ පිහිටි ගම්මානයක සිට ප්‍රධාන නගරය දක්වා ගමන් කරන පෞද්ගලික බස්රථයකි.  උදෑසන යන ගමනක් නිසා බසයෙහි සෑහෙන පිරිසක් සිටි අතර බසයට නැගගත් මැදිවියේ වූවකු එක් ආසනයක ඉඩකඩ  ඇති හෙයින් කඩිනමින් එතැනට දිව ගියේ අසුන් ගැනීමටය.


එහෙත් ඒ ආසනයේම පසෙක වාඩිවී සිටියේ ඔහු සමඟ දැඩි වෛරයකින් පසුවන අයෙකි. එහෙත් ඔහු එතැන වාඩි වූයේය. මේ දෙදෙනා අතර වූ විරසකය හොඳින් දන්නා ගමේ වූවන් මොවුන් හැඳින්වූයේ ‘‘නයයි- පොළඟයි’’ ලෙසටය.
මොහොතකට පසු බසයෙන් බැසීමට ආ ගමේ විහිළුකාරයකු  ‘‘ආ නයයි පොළඟයි’’ එක සීට් එකේ’’ උස් හඬින් කීවෙන් රියැදුරු වහාම බසය නවත්වා විපරම් කළේ කලබලයෙනි. බසයේ කොන්දොස්තරද කඩිනමින් එතැනට ආ අතර මගීහුද කලබල වූහ.


විහිළු කළ තැනැත්තා බැස ගිය අතර ආසනයේ වාඩි වී සිටි අයකු ‘අරූගෙ විහිළු කතාවක්’’ කියා ආසනයෙන් නැගිට වෙනත් තැනකට ගියෙන් මගීන් සිනා සෙන්නට වූ බව වාර්තාවේ.

තිහගොඩ උපසේන ලියනගම



අදහස් (0)

බසයට නයයි පොළඟයි රිංගා මහා ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site