කුලියාපිටිය - දිනේෂ් උපේන්ද්‍ර
ඔහු බස් නැවැතුමට නිතරම පාහේ බීමතින් පැමිණ පිරිස සිනා සයුරේ ගිල්වන මාමා කෙනෙකි.
පසුගිය දිනක මහ දවල් යහමින් සප්පායම් වී පැමිණි ඔහු, තරුණ කාලයේ අසල්වැසියන් බියවද්දා වීරයකු මෙන් සිටි අයුරු පුරාජේරු කියවමින් සිටි අතරතුර ඔහුට සමච්චල් කරමින් ඒ අසල සිටි අය බස් රථ පැමිණෙන තෙක් කාලය ගෙවා දමමින් සිටියදී ඒ අසලින් කිහිල්ලේ හතරැස් යමක් හොවාගෙන යමින් සිටි වයස්ගත අයකු ඇමතූ බීමත් පුද්ගලයා පැවැසුවේ, නවතින ලෙසයි.
එසේ නවත්වා තමන් අලුයම අවදිව ව්‍යායාමයේ නිරත වන බව පවසමින් තමන් ශරීරය පවත්වාගෙන යාම සඳහා එසේ කරන බව පවසා, වයස්ගත මගියා අත වූ බර කිරණය වැනි යමක් බිම තබා, ඒ මගියාට රුපියල් 20ක් ලබාදෙන ගමන් ඊට ගොඩ විය.
ඒ සමගින් වීදුරු බිඳෙන හඬක් සමගින් මර ලතෝනි දී කෑගැසූ බීමත් පුද්ගලයා, ලේ තැවරුණ පාදය අන් අයට පෙන්වමින් ඊට බෙහෙත් දමාගැනීමට උදව් ඉල්ලා සිටියේ, මුලින් කී චණ්ඩි ස්වරූපයට හාත්පසින් වෙනස් බැගෑපත් ස්වරයකිනි.
පසුව විමසිලිමත්ව බැලීමේදී, අලුත්වැඩියා කිරීමට ආයතනයකට දී තිබූ බිත්ති ඔරලෝසුවක් ආපසු රැගෙන යන සීයා කෙනකු බර කිරන්නකු යැයි සිතා නවත්වා ඇති බව තේරුම් ගැනීමට හැකි විය. කෙතරම් වෙරි මතින් සිටිය ද ඔහු තමන් විසින් නවත්වන ලද සීයාට බිත්ති ඔරලෝසුවක් මුදලට අරන් දීමට වටේ පිරිසගේ උදව් උපකාර ද ලබා ගත්තේය.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
බස් පොළේ වීරයා හොම්බෙන් ගිහින්