IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


බල්ලාට මාළු නොදුන්නාට කායවර්ධන ගුරා හීන් නූලෙන් අංචි ඇදලා

  • කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

පිනට ලැබුණු බලු‍ පැටියාට කෑමට දීමට මාළු නොදුන් කායවර්ධන ක්‍රීඩකයකුට සති දෙකක කාලයක් කාය වර්ධන පුහුණුවීම් නතර කළ අපූරු කායවර්ධන පුහුණුකරුවකු පිළිබඳ පුවතක් ගාලු‍ දිසාවේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.

ක්‍රීඩා සමාජයක කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයකි. එහි පුහුණුවීම්වලට  ගිය අයකුගෙන් කායවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුට උසස් වර්ගයේ මිල අධික බලු‍ පැටියකු ලැබුණේ පිනටය. ඒ පුහුණුකරුගේ ඉල්ලීමකටය.මේ  බලු‍ පැටියා මාළු නැත්නම් බත් නොකන බව ද කියති.

මේ කායවර්ධන මධ්‍යස්ථානය බෝට්ටු අයිතිකරුවන්ගෙන් මාළු ඉල්ල ඉල්ලා එන්නේ පස්සෙනි. එහෙත් ඒ සල්ලිවලට නොව පිනටය. මාළු බෝට්ටු ඇති සමයේ මේ කාය වර්ධන පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රීඩා පුහුණුවට එන මාළු මුදලාලි කෙනෙකු මාළු දුන්නේ. ඉල්ලන තරම් ඔහුට  නොමිලයේ මාළු දුන්නේය. බලු‍ පැටියාගේ මුවාවෙන් ඔහු ගෙදර කෑමට ද මාළු ගෙන ගියේය.

මේ අතරවාරයේ දී මේ මාළු මුදලාලි සිය බෝට්ටු වික්කේය. එහෙත් මේ කායවර්ධන පුහුණුකරුගෙන් මාළු ඉල්ලා ඔහුට ගැලවීමක් නොතිබුණේය. තමාට දැන් බෝට්ටු නැති බව කීව ද ඔහුගේ පිනට මාළු ඉල්ලීම නතර නොවිණ. 

බෝට්ටු නැති ඔහුට කායවර්ධන පුහුණුකරුට මාළු දීමට නොහැකිවිය. එයින් උරණවූ කායවර්ධන පුහුණුකරු බොරු චෝදනා ගොඩක් ගොනු කොට සති දෙකක කාලයක් මාළු මුදලාලිගේ කායවර්ධන පුහුණුව නතර කළේය. 

එම කායවර්ධන මධ්‍යස්ථානයේ අදාළ බලධාරීන්ට මේ ප්‍රශ්නය ගැන සැලවී මාළු මුදලාලිට යළි කායවර්ධන පුහුණුවීමට අවස්ථාව ලබා දුන්නත් ඔහු යළි එහි නොයන්නේ මාළු නොදුන් නිසා  තමා සමග  වෛරයෙන් සිටින මේ පුහුණුකරු ඊළඟට මොනවගේ අංචියක් අදීවී දැයි නොදන්නා නිසාලු‍.

මේ පුහුණුකරුගේ මේ අල්ලස නිසාම දැන් වෙනදා පැමිණි බොහෝ දෙනකු කායවර්ධන පුහුණුවීම් සඳහා නොයෙන බවද කියති.

 



අදහස් (0)

බල්ලාට මාළු නොදුන්නාට කායවර්ධන ගුරා හීන් නූලෙන් අංචි ඇදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site