IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බල්ලකුගෙන් එක පාරම දෙදෙනකුට යස පාඩමක්

(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
කිරි ද‌ානය සකසා එළිමහනේ තබන නොඉඳුල් කොටස ඇතුළත් ගොට්ට කොලු‍ කුරුට්ටන්ගෙන් බේරා ගැනීමට යෙදූ අලු‍ත් උපක්‍රමය නිසා අලි අමාරුවක වැටුණු නිවැසියකු පිළිබඳව දකුණු ලකේ මුහුදුබඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.


ඇසළ පොහෝ දින රාත්‍රියේ කිරි දානයක් දීම දකුණු ලකේ මුහුදුබඩ ප්‍රදේශවල පමණක් සිදුවෙන චාරිත්‍රයකි. විශේෂයෙන්ම බලපිටිය, අම්බලන්ගොඩ, රත්ගම ආදී ප්‍රදේශවල පිරිස මේ චාරිත්‍රය නොකඩවා සිදු කරති.


 මේ කිරි දානයේ නොඉඳුල් කොටස දෙවියන් සඳහා පිදීමට ගොක් කොළවලින් සැදුණු මල් යහනක් නිවස ඉදිරිපිට එළියේ තැනීම සාමාන්‍ය සිරිතය. එයට තබන කිරි දානයට දාන ගොට්ට කියති. ඒ කාලයේ සිටම ප්‍රදේශයේ කොල්ලො කුරුට්ටෝ එළිමහනේ රාත්‍රියේ තියෙන මේ දාන ගොට්ට හොරෙන් උස්සා කෑම පුරුද්දක් කරගෙන සිටියහ. ඒ විනෝදයට මිස හොරකමට නම් නොවේ. 


ඇතැම් නිවැසියෝ දෙවියන් සඳහා ඇති භක්තිය නිසාම මේ දාන ගොට්ට කොල්ලො කුරුට්ටන්ගෙන් බේරාගැනීමට විවිධ උපක්‍රම යොදති.


මෙවර ඇසළ පොහොය නිමිත්තෙන්ද නිවැසියෝ දෙවියන් සඳහා කිරි ගොටු තැබූහ. එයින් එක් නිවැසියෙක් සිය නිවස ඉදිරිපිට ඇති දාන ගොට්ට කොල්ලන්ගෙන් බේරාගැනීමට අපූරු උපක්‍රමයක් භාවිත කළේය. ඒ වෙනදා රාත්‍රී දහයෙන් පසුව ලිහා දමන බල්ලා, දාන ගොට්ට තිබූ සැනින්ම ලිහා දමා දානය වැළඳීමට සූදානම් වීමය.


බල්ලා රෑ බෝවී ලිහා දමන බව දත් කොල්ලන් මේ නිවසට ගියේ වෙනදා මෙන් අදත් බල්ලා ලිහා නැතැයි සිතාය. දාන ගොට්ට ගත් සැනින්ම බල්ලා කොල්ලන් පස්සේ පැන්නුවේ බුර බුරාය. ඒ අය අතරින් පය පැකිලී එක් කොලු‍වකු බිම වැටෙන්නේ බල්ලාගේ ගොදුරක් බවට පත්වෙමිනි. මර ලතෝනිය මධ්‍යයේ බල්ලා කොල්ලාගේ අසුවුණු අසුවුණු තැන් සපා කෑවේ බිම පෙරළගෙනය.
නිවැසියන් එන තෙක්ම බල්ලා කොල්ලා ඇත නෑරියේය. 


නිවැසියන්ගේ මැදිහත්වීමෙන් කොල්ලා බේරාගත්ත ද බලු‍ ප්‍රහාරයෙන් ලේ ගලමින් සිටි ඔහු නිවෙස් හිමියාට රෝහල් ගත කරන්නට සිදුවූයේ බලු‍ ප්‍රහාරය බලවත් වූ බැවිනි.


කිරි දානය වැළඳීම පසෙක තියා නිවැසියා සිය වාහනයේ දමාගෙන ගියේ අනේ මේ කොල්ලන් විනෝදයට කරන දේට මේ මනුෂ්‍යයා කරපු දෙයක තරම යයි අසල්වාසීන් දොස් නගද්දීලු‍.

 



අදහස් (0)

බල්ලකුගෙන් එක පාරම දෙදෙනකුට යස පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site