IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බාලයාට උඩින් ගිය වැඩිමලා දානෙක හිරවෙලා

තම මවගේ මරණයේ අවසන් කටයුතු හා හත් දවසේ දානය බාල සොහොයුරෙකු විසින් ඉතාමත් ඉහළින් සිදු කිරීම සම්බන්ධයෙන් උරණ වූ එම පවුලේ වැඩිමල් සහෝදරයා මවගේ තුන් මාසයේ දානය පවුලේ කිසිවෙකුටත් නොකියා තනිවම සිදු කිරීමට ගොස් සිදු වූ අකරතැබ්බයක් පිළිබඳ කතාවක් වයඹ පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
වයඹ පළාතේ පිහිටි කලක් විශාල පොලිස් වසමක් ලෙස නම් දැරූ ප්‍රදේශයකි. සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා පොලිස් නිලධාරියෙකි. ඔවුන්ගේ මව ජීවත් වූයේ මෙම බාලයාගේ නිවසේය. ඔහු ඉතා ආදරයෙන් තම මව බලා කියා ගත්තේය.
කලක් රෝගාතුරව සිටි මව පසුගිය දිනෙක මිය ගියාය. මරණය සැලවීමත් සමඟ ගම්වාසීන් විශේෂයෙන්ම තරුණ පිරිස වැල නොකැඩී පැමිණ බාලයාට නොයෙක් අතින් උදව් පදව් කළේ ඔහු ඉතා අවංක නිහතමානී පොලිස් නිලධාරියකු ලෙස ප්‍රදේශය පුරා ප්‍රචලිතව සිටි බැවිනි.


සියලු දෙනාගේ සහායෙන් මවගේ අවසන් කටයුතු ඉතා ඉහළින් සිදු කෙරිණි. පසුව පැමිණියේ සත් දවසේ දානයයි. එයට ද බොහෝ හිතවත්හු උදව් කළහ. බණ තිබුණ රාත්‍රියේ පැමිණ සිටියවුන්ට කෑමට ලොරියක් පිරෙන්නට අයිස් ක්‍රීම් තිබුණි. යන්ත්‍රයකින් ඇති තරම් බීමට කිරි ලබා දෙනු ලැබීය. රාත්‍රී ආහාරය ද කිසිදු අඩුවක් නොමැතිව තිබුණි.
බණට හා දානයට පැමිණි සියලු දෙනා හොඳින් කා බී සතුටු වූ අතර මවගේ සත්දින දානය ඉතා සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් හැමෝම බාලයාට ප්‍රශංසා කළහ. දානයට වැඩම කළ ගමේ පංසලේ හාමුදුරුවෝ ද අවංක පොලිස් නිලධාරියකු වූ බාලයාගේ ගුණවත්කම ගැන මහ ඉහළින් වර්ණනා කළහ. පවුලේ අනෙක් සහෝදර සහෝදරියෝ ද තම පොලිස් සොයුරාගේ ගැන ආඩම්බර වූහ.


මෙසේ සියල්ල හොඳින් සිදු වෙද්දී එක් අයෙක් පමණක් ඒ දෙස වපරැසින් බලා සිටියේය. ඒ පවුලේ වැඩිමහලු සහෝදරයාය. ඔහු කිසියම් කරුණකට කාලයක් තිස්සේ බාලයා සමඟ නොහොඳ නෝක්කඩුවෙන් පසු වූයේය. මවගේ අවසන් කටයුතු හා දානමය පිංකම ඉතා සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් ගම්වාසීන්ගෙන් තම බාල සොයුරා ලබන පැසසුම් ගැන ඔහුට ඇති වූයේ ඉවසිය නොහැකි ඊර්ෂ්‍යාවකි. ඇසට කටු අනින්නාක් වැනි වේදනාවකින් ඔහු ඒ දෙස බලා සිටියේය. බාලයා ලබන පැසසුම් ගැන ආඩම්බර වන අනෙක් සොයුරු සොයුරියන් ගැන ද ඔහුට දැඩි කෝපයක් ඇති විය.
“හිටපල්ලා උඹලා සේරටම කරන්නම් හොඳ වැඩක්” යැයි සිතමින් ඔහු දානය නිම වී ආපසු තම නිවසට ගියේය. පසු දිනම දැහැත් වට්ටියක් රැගෙන ගමේ පංසලට ගිය වැඩිමහලු සහෝදරයා මවගේ තුන් මාසයේ දානය තම නිවසේ පවත්වන බව කියමින් හාමුදුරුවන්ට ආරාධනා කළේය.
මවගේ හත් දවසේ දානය නිම වූ සැණින් තුන් මාසේ දානයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් පංසලේ ලොකු හාමුදුරුවන්ට කිසියම් කුකුසක් දැනුනත් උන් වහන්සේ එය නොපෙන්වා ආරාධනය පිළිගත්හ. “එහෙමනම් උපාසක උන්නැහේ පවුලේ අනෙක් සහෝදර පිරිසත් එක්කාසු කොරගෙන හත්දොහේ දානේ කළා වගේම හොඳට තුන් මහේ දානෙත් කරමුකෝ” උන් වහන්සේ වැඩිමලාට උපදෙස් දුන්හ.
මවගේ තුන් මාසේ දානය ළං වෙත්ම සිය වැඩිමල් සොයුරා තම නිවසේ එම දානය සිදුකරන බව බාලයා ඇතුළු අනෙක් සහෝදර සහෝදරියන්ට සැල විය. “ලොකු අය්යා එහෙනං අපිටත් කියයි නේ” යැයි සිතමින් ඔවුහු එම පිංකමට සියලු සහාය දැක්වීමට ඇඟිලි ගනිමින් සිටියහ.
දවසින් දවස ගෙවී ගියත් බාල සොයුරාට හෝ අනෙකුත් සහෝදර සහෝදරියන්ට දානයට ආරාධනා නොලැබුණි. වැඩිමහලු සහෝදරයා මවගේ තුන් මාසේ දානයට ගමේ සියලු දෙනාට ආරාධනා කළ නමුත් තම සහෝදර සහෝදරියන් කිසිවෙකුටත් ආරාධනා නොකළේය.
බාලයා ඇතුළු සහෝදර පිරිස මුහුණ දුන්නේ දැඩි අර්බුදයකටය. මියගිය තම මවට තුන් මාසේ පිං පැමිණවීම සිදු කිරීමට ඔවුන්ට ක්‍රමයක් නැති විය. ගමේ පංසල වැඩිමහලු සොයුරාගේ ආරාධනය කලින් පිළිගෙන තිබූ නිසා නැවත දානයක් දීමට පංසලේ සහාය ලබා ගැනීමට ද නොහැකි විය.
පංසලේ හාමුදුරුවන්ට මෙන්ම ගමේ සියලු දෙනාට ද කරුණු වැටහුණේ බණ දා රාත්‍රියේ ය. වැඩිමහලු සොයුරා පවුලේ අනෙක් අයට නොකියා තනිවම මවගේ තුන් මාසේ දානය සිදුකරන බව සියලු දෙනා තේරුම් ගත්හ.
ඒ මොහොතේ සිට වැඩිමහලු සොයුරාට සියලු දෙනාගෙන් එල්ල වූයේ පිළිකුල් සහගත නොමනාපයකි. පිංකම් ගෙදරට පැමිණි බොහෝ දෙනා විවිධ හේතු කියමින් ආ පයින්ම හැරී ගියේ ආහාර ගැනීමද ප්‍රතික්‍ෂේප කරමිනි.


තම සහෝදර පිරිසට රිදවීමට ගත් උත්සාහය පාරා වළල්ලක් සේ ආපසු තමන්ට කැරකී පැමිණ ඇති බව වැඩිමහලු සොයුරාට තේරුම් ගියත් දැන් සියල්ල සිදු වී හමාරය. බණට හා දානයට සහාය දක්වන්ට කෙනෙක් නැත. සියලු දෙනා ඇඟ බේරාගෙන පසෙකට වූහ. පංසලේ හාමුදුරුවන් බණ කියද්දී ද පැවසූවේ සහෝදර පිරිස අමතක කිරීම වරදක් බවයි.
අන්තිමේ වැඩිමහලු සහෝදරයා හාමුදුරුවන්ගෙන් බැණුම් ඇසුවේය. ගමේ ඥාතීන් හා අසල්වැසියන්ගෙන් බැණුම් ඇසුවේය. අන්තිමේ බිරිඳ හා දරුවන්ගෙන් ද බැණුම් ඇසුවේය. දැන් ඔහුට ගමේ කඩේට පවා යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති අතර ඔහු දවසින් වැඩි කාලයක් නිවස තුළටම වී ගෙවා දමන්නේ ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දන්නට නොහැකි බැවිනි.

ඉබ්බාගමුව සම්පත් සෙනෙවිරත්න



අදහස් (1)

බාලයාට උඩින් ගිය වැඩිමලා දානෙක හිරවෙලා

මල්ලි Monday, 11 September 2023 12:28 PM

මේ වැරැදි හදාගෙන අපි අවුරුද්දේ දානේ හොඳටම දෙමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17596 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site