IMG-LOGO

බලන්න ගිය මනමාලිය පෙම්වතා එක්ක පැනගිහින්

මෙම සිදුවීම වාර්තා වූයේ ස්වභාවික සම්පත් බහුල පැත්තකිනි. තරුණයකුට මනාලියක් ජෝඩු කළ මහතෙක් මුණගැසීමට එම තරුණයා මිතුරකු සමග ගියේ යතුරුපැදියෙනි. ”මනමාලිය බැලීමට අපි වාහනයකින් යමු දැයි” තරුණයා විමසූ විට මඟුල් කපු මහතාගේ මුහුණේ දිස්වූයේ කලකිරුණු පෙනුමකි. ”මගේ මෝටර් සයිකලෙත් තියනවානේ. ඒවාවල යමු” ඔහු පැවසීය. ඔහුගේ හැසිරීම තරුණයන් හට ප‍්‍රහේළිකාවක් වුවත්, කිසිවක් නොදොඩා පිටත් වූහ. පාර අසල නිවෙසකට ආ කපු මහතා, ”මහත්තයලා ටිකක් ඉන්නකෝ” කියමින් එතුළට ගියේය. ටික වේලාවකින් ඔහු පැමිණියේ හොඳින් හැඳ පැළඳගත් කාන්තාවක් ද සමඟය. එහෙනම් අපි යමු” කී ඔහු කාන්තාව ද යතුරුපැදියේ  වාඩිකරගත්තේය. පැය භාගයක ගමනකින් පසු පිරිස නිවෙසක් ඉදිරිපිටට පැමිණි අතර, ”මහත්තයලා එළියෙන් ඉන්න” යැයි පැවසූ කාන්තාව නිවෙසට පිවිසියාය. එම නිවසේ මනාලයකු පිළිගැනීමට තරම් සූදානමක් නොතිබිණි. ගෙතුළින් උස් හඬින් කතා බහ ඇසුණි. ”මොනාද මේ වෙන්නේ?” තරුණයා කපු මහතාගෙන් විමසීය. ”මහත්තයාට බලන්න එන්න කියාපු මනමාලි යාළුවෙලා හිටපු ළමයාත් එක්ක යන්න ගිහිල්ලා. ඒ නිසා මම හඳුනන කපු නෝනා කෙනෙක්ව තමයි එක්කරගෙන ආවේ. එයා කීවා මේ ගෙදරත් මනමාලියක් ඉන්නවා කියලා” ඔහු කාරණය පැහැදිලි කළේය. ”කට්ටිය ඇතුළට ආවා නම්” ඒ මඟුල් කපු මහත්මියගේ ඇරියුමකි. තරුණයන් තේ පැන් සංග‍්‍රහය භුක්ති විඳීමෙන් අනතුරුව තරුණයාට සහ තරුණියට තනිවම කතා කිරීමට අවසර ලැබිණි. තරුණයාට ඇය ගැන පැහැදීමක් ඇති වූ අතර, ඇයට ද ඔහු ගැන ඇල්මක් ඇති විය. මවුපියන් සමග නැවත පැමිණෙන බව පැවසූ තරුණයා අන් අය සමග නිවසෙන් පිට වූයේ ඉතාමත් සතුටිනි.



අදහස් (0)

බලන්න ගිය මනමාලිය පෙම්වතා එක්ක පැනගිහින්

ශෙරිෆ් Tuesday, 29 May 2012 01:19 AM

උපතින්ම කපටිකම රැගෙන එන අය පසු කාලෙකදි මගුල් කපොවෝ වෙති.

:       0       0

අසෝක Monday, 28 May 2012 12:56 PM

මේ කපුවනම් නියමෙට මොලේ පාවිච්චි කරල හොඳට වැඩේ කරල තියෙනවා....

:       0       0

හිත හොද රාල Thursday, 31 May 2012 02:28 PM

ඔයින් ගියා මදැයි නේද...

:       0       0

දුලිප් Monday, 28 May 2012 01:52 PM

වැල් බයිලා

:       0       0

සකලබුජන් Tuesday, 29 May 2012 08:16 AM

මෙලෝ රහක් නෑ...

:       0       0

පොතේගුරා Monday, 28 May 2012 02:52 PM

"කපුවා" දැන් හොඳ චරිතයක් වෙලානේ.

:       0       0

රජිත් මංජුල, Monday, 28 May 2012 02:53 PM

ගිය යාඵවගෙයි,අනිත් කෙනාගෙයි දෙන්නගෙම කේන්දර දෙක බලව ගත්තනම් හොඳයි..

:       0       0

නිලාන් Wednesday, 30 May 2012 09:29 AM

තරුණයාගෙ අවාසනාව...

:       0       0

දිනුෂී නවරත්න Saturday, 02 June 2012 10:40 AM

මෙහි කමෙන්ට්ස් දැමීම නිශ්චිත පිරිසකට සීමා කළහොත් කමෙන්ට්ස්වල ප්‍රමිතියක් ඇතිකරගත හැකිය.එසේම අදාළ ප්‍රවෘත්තියට කිසිදු අදාළත්වයක් නොමැති පුද්ගල මඩ ගැසීම් බඳු ඊර්ෂ්‍යා සහගත නිසරු සම්මඵලාප බැහැර කිරීමට අවශ්‍යයි සිතමි.

:       0       0

බන්දුල Wednesday, 30 May 2012 11:02 AM

කපුවා බැදලද දන්නේ නෑ

:       0       0

ලාල් Wednesday, 30 May 2012 10:40 AM

මෙහෙමත් කපුවලා ඉන්නවනේ

:       0       0

ඇලඩින් Thursday, 31 May 2012 09:41 AM

පිස්සු කතා, ඔය වාගේ කතාවලින් අපිට වැඩක් නෑ.

:       0       0

බන්ගලියා Wednesday, 30 May 2012 11:12 AM

ආචාර්‍ය තුමාට කපුනෝනව හදුන්වා දුන්නනම් හරි..!!!

:       0       0

සකල බුජන් Monday, 28 May 2012 09:06 PM

මූදේ මාලු ඉන්නේ එකාද?

:       0       0

කරෝලිස් Monday, 28 May 2012 10:26 AM

ඒකනම් බොහොම හොද කතාවක් මමත් ඒ කපු නෝනව මුණ ගැහෙන්න ඕන....

:       0       0

සමන්ත Monday, 28 May 2012 10:28 AM

‍කොල්ලන්ට කදිම ආදර්ශයක්. අලුත් මනමාලයා සැබවින්ම වාසනාවන්ත කෙනෙක්. පැනගිය කොල්ලට දෙයියන්ගෙම පිහිටයි...

:       0       0

තරිදු Monday, 28 May 2012 10:38 AM

ඕවා සාමාන්‍ය දේවල් අනේ

:       0       0

නිලන්ත Monday, 28 May 2012 10:51 AM

සමන්ත සෑබෑ ආදරේ හදුනන්නේ නෑ වගේ ..

:       0       0

සුජීව Monday, 28 May 2012 10:55 AM

තව පොඩ්ඩෙන් කපුවා කපෝති !

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 01 June 2012 08:23 PM

විද්දෙ පඳුරට වැදුනේ හාවාට..‍මට නම් හොඳ බිරිඳක් ඉන්නවා..

:       0       0

අමිල කටුනායක Monday, 28 May 2012 11:33 AM

මේ කපුවටනම් පොඩි දුවෙක් නැති පාටයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site