IMG-LOGO

බාලගිරි ඉහළ ගෙදරටයි කියා බෝඩ් ගහලා

රන්සෑගොඩ ඩී. කංකානම්ගේ 


දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක ජීවත් වූ සහෝදරයන් දෙදෙනා කුඩා කල සිටම ඉතා සහෝදරත්වයෙන් සමඟියෙන් යුතුව ජීවත් වූ අතර තරුණ වියට පිවිසීමත් සමගම ඔවුන් දෙදෙනාම විවාහයට පත්විය.
බාල සහෝදරයා තමාගේ මහ ගෙදර ද වැඩිමහල් සහෝදරයා එම ඉඩමේම පහළ කොටසේ ද නිවසක් තනා ජීවත්විය.
ඔවුන්ගේ මවුපියන්ද බාල සොහොයුරා ජීවත්වන මහගෙදරම නතර විය. මවුපියන් තම පුතුන් දෙදෙනාටම සමානව සියලු‍ දේපළ බෙදා වෙන්කර දුන්නේ දෙදෙනාටම එක හා සමානවම ආදරය කරන බව තහවුරු කිරීමට ය. 
මහගෙදර ජීවත් වූ බාල සොහොයුරාට දරුවන් තිදෙනෙකු සිටි අතර, බාලම දරුවාගේ වයස අවුරුදු එකහමාරක් තරම් විය. පහළ ගෙදර ජීවත් වූ වැඩිමහලු‍ සොයුරාගේ බාලම දරුවාගේ වයස අවුරුදු තුනක් පමණ විය. මේ වනවිට නිවෙස් දෙකේ භාර්යාවන් දෙදෙනා අතර සුළු සුළු ආරවුල් ඇති වී භාර්යාවන් පමණක් නොව පුරුෂයන් දෙදෙනා ද දැඩි වෛරක්කාරයන් බවට පත් විය.
ඉහළ ගෙදරට යන මාර්ගය ද පිහිටියේ පහළ ගෙදර වැටට මායිම්ව ය. පසුගියදා ඉහළ ගෙදර කාන්තාව දුටුවේ පහළ ගෙදර මිදුලේ කාඩ්බෝඩ් කැබැල්ලක ලියා කෝටුවක ගසා ඇති දැන්වීමකි. දින කිහිපයකින් මේ දෙදෙනා අතර කිසිදු ආරවුලක් ඇති නොවූ බවින් එම කාන්තාවට මහත් කුතුහලයක් ඇති වී එය තම සැමියාට ද දැන්වීය.
මෙය කෙසේ හෝ දැනගත යුතුව යැයි සිතූ ඔවුන් දෙදෙනා මේ සඳහා කදිම උපායක් යෙදවීය. තම ඥාති නැන්දා කෙනෙකු හට සියලු‍ම විස්තර පවසා බෙහෙතකට හාතවාරියා කොළ ටිකක් ගෙන එන ලෙස පවසා ඇය එම නිවසට යවා දැන්වීම කුමක්දැයි බලාගෙන එනලෙස පැවසීය. 


කිසිම කුතුහලයකින් තොරව එම නිවසට පිවිසි නැන්දම්මා “අනේ දුවේ, මට බෙහෙතට හාතවාරිය කොළ ටිකක් ඕනෑ” යැයි පැවසීය. “අනේ නැන්දේ මේ හරියක නම් නෑ, අන්න ඉඩමේ පල්ලෙහා තිබුණා, නැන්දම්මට පුළුවන්නම් ගිහින් කඩාගෙන එන්න” යැයි පවසනවාත් සමගම නැන්දම්මා ඉඩම පහළට ගොස් හාතවාරියා කොළ ද කඩාගෙන ආපසු පැමිණ ලේලියගෙන්, “මොකක්ද දුවේ අර ගහලා තියෙන දැන්වීම” යැයි විමසනවාත් සමගම ඇය ප්‍රකාශ කළේ, “නැන්දේ ඉස්සර තමයි ගෙවල්වල ගැහුවේ බාලගිරි අද නොවෙයි හෙට කියා. ඒත් දැන් කියන්නේ “බාලගිරි දෝෂය විරුද්ධකාරයන්ට හැදෙන්න කියායි. ඒ නිසයි මම බාලගිරි අපට නොවෙයි ඉහළ ගෙදරටයි කියලා දැන්වීම ගැහුවේ” යැයි පැවසීය. සිද්ධිය ඇසූ නැන්දණිය ‘අනේ අම්මප මෙහෙමත් මිනිස්සු’ යයි කියමින් ආපසු ගියා ය.
මේ සිද්ධිය දැනගත් තරුණ පිරිස් කිහිප දෙනෙකු පහළ ගෙදර අසලින් යන විට ‘බාලගිරි අපට නෙවෙයි ඉහළ ගෙදරට’ යැයි පවසනවාත් සමගම එම කාන්තාව තරුණයන්ගේ මවුපියන් මතක් කරමින් පරුෂ වචනයෙන් බැන වදියි.

 



අදහස් (0)

බාලගිරි ඉහළ ගෙදරටයි කියා බෝඩ් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site