(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
වඳ සැත්කම් කරන්න බැල්ලියන් රැගෙන ගිය අයට උන් ගෙන ගිය තැන් අමතක වී මාරුකර එවීමෙන් බැල්ලන්ට මෙන්ම උන්ගේ ස්වාමිවරුන්ට හතර අතේ දිවයාමට සිදු වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් කන වැකිණි.

මේ ප්‍රදේශයේ ජලභීතිකාව මර්දනය කිරීමට අදාළ බලධාරීන් අවධානය යොමු කළේ දඩාවතේ යන බල්ලන් පිළිබඳ ප්‍රදේශවාසීන්ගෙන් දිගින් දිගටම ලැබුණ පැමිණිලි නිසාය. ඒ නිසාම මේ පැත්තේ සිටින බැල්ලන් අල්ලාගෙන ගොස් වඳසැත්කම් කිරීමට ඔවුහු කටයුතු කළේය.
මේ සැත්කම් කෙරුණේ එක ස්ථානයකය. එම ස්ථානයට වඳ සැත්කම් කිරීමට හතරවටින්ම බැල්ලියන් රැගෙන ආවේ වාහනයකිනි. සැත්කමින් පසු බැල්ලන් නියමිත ස්ථානයට රැගෙන යාම පටන් ගත්හ. සංවිධායකයෝ තමන් රැගෙන ආ බැල්ලන් තැන් තැන්වලට යොමු කළෝය. එහෙත් ඒ උන්ගේ නිසි ප්‍රදේශ නොවූ බැවින් බල්ලන් සියලු දෙනාම වගේ මහත් කලබලයට පත්වී සිටියහ.
නන්නත්තාර වී ඒ මේ අත දිව ගියහ.
මේ බලු හුවමාරු හුටපටය නිසා ඇතැමුන් උන්ට ගල්, මුගුරුවලින් පහරදී එලවා දැමුවෝය. සිය ප්‍රදේශයේ බැල්ලන් සොය සොයා ඔවුහු හතර වටේම දිවගියෝය.
මේ බලු මාරු වැඩේ කළ බලු නිලධාරීන්ට දෙස් දෙවොල් තිය තියාම ඔවුහු හතරවටේම දිවගියහ. ඒ තමන් සතු වාහනවලිනි.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බලු හුවමාරුවෙන් අලි ජංජාලයක්