(හලාවත - ඔගස්ටින් ප්‍රනාන්දු)
මාම්පුරි දළුව ප්‍රදේශයේ කොවිඩ්-19 මැඩලීමේ එන්නත ලබාදීමේ මධ්‍යස්ථානයකට එන්නත විද ගැනීමට පැමිණි තැනැත්තකු තම නිවෙසේ හුරතලේට ඇති කරන සුනඛයාගේ එන්නත් කාඩ්පත රැගෙන ඇවිත් මහත් වූ ජංජාලයකට මුහුණ දුන් පුවතක් ගැන තොරතුරු වාර්තා වේ.
මෙම එන්නත් මධ්‍යස්ථානය මගින් ප්‍රදේශයේ ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීමට කටයුතු යොදා තිබූ අතර එම එන්නත ලබාගැනීමට ප්‍රදේශවාසීහු පෝලිම් ගැසී තම වාරය එන තෙක් පෝලිමේ රැඳී සිටියහ.
මේ අතර එන්නත ලබාගැනීමට පැමිණි පිරිසේ සංඛ්‍යාව වැඩි නිසාත් ඔවුන්ට කඩිනමින් එන්නත්කරණය කළ යුතු නිසාත් සෞඛ්‍ය නිලධාරීහු මහජනතාවට එක දිගට එන්නත් දීම සිදු කළහ. එන්නත් විද ගැනීමෙන් පසු ඒ ඒ පුද්ගලයන් ගෙන ආ එන්නත් ලබාගත් බවට වන සහතික පත්‍රය ලකුණු කර ස්ටිකරය ඇලවීමට ද පියවර ගත්හ.
කාඩ් එකක් අතැතිව ආ ප්‍රදේශවාසියෙක් එන්නත විදගෙන කාඩ්පත ලකුණු කිරීමට ගියේය. ඔහු රැගෙන විත් ඇත්තේ නිවසේ ඇති කරන බල්ලාගේ එන්නත්කරණ කාඩ්පත බව හෙළි වූයේ සෞඛ්‍ය බලධාරීන් අතට කාඩ්පත දුන්නායින්ද පසුවය.
මේ නිසා එන්නත් දුන් නිලධාරීහු දැඩි අසීරුතාවකට පත්වූහ. වෙන කළ හැකි දෙයක් නොවූයෙන් එන්නත ලබාගත් ප්‍රදේශවාසියා මධ්‍යස්ථානයේ රඳවා කොරෝනා එන්නත්කරණ කාඩ්පත වහාම ගෙන එන ලෙස දැන්වීය. ඔහු වෙනත් කෙනකු නිවෙසට යවා දැඩි වෙහෙසකින් පසු කොරෝනා එන්නත්කරණ කාඩ්පත ගෙන්වා ගෙන එහි එන්නත් දෙකම ලබාගත් බවට සටහන දමා ස්ටිකර් එකක් ද අලවාගෙන මධ්‍යස්ථානයෙන් පිටව ආ පසු නිවෙස වෙත ගියේ තමන්ටම දොස් පවරා ගනිමිනි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බලු කාඩ් එකක් අරන් කොරෝනා බේත් විදින්න ඇවිත්