කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
බීමතින් යතුරුපැදිය පැදවූ තමා ඇල්ලුවේ දෙඇස් රතුවෙන්න බීමත්ව සිටි පොලිස් කොස්තාපල්වරයකුයැයි කියමින් යකා නැටූ පුද්ගලයකු පිළිබඳව අපූරු පුවතක් ඇල්පිටිය පොලිසියෙන් අසන්නට ලැබේ.
හේ යතුරුපැදිය පැදගෙන ගියේ අඩියක් දෙකක් කටේ හලාගෙනය. ඔහු ගමන් යන අතර මග රැක සිටි පොලිස් නිලධාරියෙක් අත දමා ඔහු නතර කළේය. ඒ රිය පැදවීමේ බලපත්‍ර ඇතුළු රිය පැදවීම සඳහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලි තිබේදැයි පරීක්ෂා කිරීමටය. එසේ නතර කළ ඔහුගේ මුවින් මත් පැන් වහනය වීමත් ඔහුගේ දෙඩවීමත් නිසා පොලිස් කොස්තාපල්වරයා ඔහු බීමතින් සිටින බවට අනුමාන කළේය. ඒ නිසාම බීමතින් රිය පැදවීමේ චෝදනාවට ඔහු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගැනීමට සැරසුණේය. ඒ එක්කම “දැන් මම විතරද බීල ඉන්නේ.? ඇයි රාලහාමිත් බීලා නේ ඉන්නේ” කියමින් ඔහු තමා අත් අඩංගුවට ගැනීමට සැරසෙන පොලිස් නිලධාරියාට චෝදනා කළේය.
මත් පැන් පොදක් කටේවත් නොතියන මේ නිලධාරියාට මෙය හරිම ප්‍රහේලිකාවක් විය. මම බීලා නැතැයි පොලිස් නිලධාරියා කොච්චර කීවත් ඔහු එය පිළිගැනීමට කිසිසේත්ම සූදානම් නොවීය. “මම මේක ඉහළට දන්වනවා”යැයි කියමින් සැකකරු දොඩව දොඩවා සිටියේය. “මම බීලා නැහැ ඔයා ඉහළට බැරිනම් ඕනෑ තැනකට දන්වනවා ” කියමින් පොලිස් නිලධාරියා නිහඬව සිය රාජකාරිය කළේය.
මේ අතර ඔහු සිද්ධිය ගැන කාටදෝ කියා ඇමතුමක් ගෙන ගතවූයේ ටික වේලාවකි. “අනේ සර් මට සමාවෙන්න. මම හිතුවේ ඇත්තටම සර් ඉන්නේ බීලා කියලයි. බීලා ඉන්න සර් බීල ඉන්න මම අල්ල ගත්තයි කියලා පොලීසියේ ලොකු මහත්තයාට කියන්න යන්න කියලා හිතලා පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගෙන්ම සර් ගැන ඇහැව්වාම තමයි දැන ගත්තේ සර්ගේ ඇස් දෙකම හොඳටම රතු වෙලා තියෙන්නෙ ලෙඩකටයි කියලා” ඔහු කීවිට “ඇති දැන්වත් ඇත්ත තේරුම් ගියාට” යයි ඔහු අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරියා පැවැසුවේ සිනහ සෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd