IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බිරියට දැල දාන්න ආ ‘ධීවරයාට’ තඩි බා රෝහලේ

තමා නැති අතරේ තම රූමත් බිරිය බැලීමට කිසියම් පුද්ගලයකු පැමිණ ඇතැයි සිතා මුර්ති ප්‍රතිමාවකට රැවටී අකරතැබ්බයකට මුහුණ පෑ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.
හෙතෙම නිවසේ සිට දුර බැහැර ප්‍රදේශයක කාර්යාලයක සේවය කරන පුද්ගලයකි. ඔහු විවාහකයෙකු වන අතර, එකම පුතු 18 හැවිරිදි හෙතෙම තම ගෙවත්ත අලංකාර අන්දමින් පවත්වාගෙන යාමට දැඩි උනන්දුවක් දැක් වූ අතර මවගෙන්ද ඊට නොමද සහයක් ලැබිණි.
මෙම මව වයසට වඩා ළබාල පෙනුමෙන් යුත් රූමත් කාන්තාවක විය. මේ නිසාම දකින කියන බොහෝ අයගේ සිත් ඇය කෙරෙහි යොමු විය. ඇයද ගමෙහි  සියලු දෙනා සමඟ කුළුපගව ජීවත් වූවාය. මේ නිසා සමහර අය මැය දෙස බැලු‍වේ අමුතු බැල්මකි. එය සැමියාට නුරුස්සන සුළු විය. මේ නිසා ම ඔහු ඇය ගැන සැකයෙන් බලන්නට විය.


දිනපතා රැකියාවට යන මොහු නිවසට පැමිණෙන්නේ තරමක් රෑ බෝවන විටය. ඒ එන විට තම යහළුවන් සමඟ මධු විත බිඳක්  පානය කිරීමට ඔහු අමතක කළේ නැත.
දිනක්  තම සේවය නිමකොට නිවසට පැමිණි ඔහු මඳ අඳුරේ ගෙවත්තෙහි  කිසියම් පුද්ගලයකු සිටින බවට ඡායාවක් දැක කලබලයට පත් වූයේ, තම බිරිඳ හමුවීමට කවුරුන් හෝ  පැමිණ ඇතැයි යන සැකය නිසාය. කලබල වූ ඔහු  කවුද ඔතන මොකද කරන්නෙ යනුවෙන් ඇසීය පිළිතුරු නොවු හෙයින් තවත් වරක්  එසේ ඇසීය.
එයටත් පිළිතුරු නොලැබුණු නිසා කෝපයෙන් ඉදිරියට පැන එම පුද්ගලයාගේ පපු පෙදෙසට වේගවත් පහරක් එල්ල කළේය. තද දෙයකට අත වැදීමෙන් ඇති වූ වේදනාවත් සමග කෑ ගසාගෙන ඔහු බිම ඇද වැටුණේ එතැන සිටි තැනැත්තාත් සමගිනි. මෙම ශබ්දය ඇසුණු බිරිඳ එතැනට දුවගෙන ආ අතර, ඇය දුටුවේ එදින තම පුතා ගෙවත්ත අලංකාරය සඳහා ගෙනවිත් සවිකර තිබූ මාළු බිලීබාන රුවක් ඇති කොන්ක්‍රිට් පිළිරුව සමග තම සැමියා බිම ඇද වැටී සිටින අයුරුය.
තම පුතාගේ ද සහාය ඇතිව සැමියා නැගිටුවා ගත් ඇය සිදුවූ දෙය අසා මවිතයට පත්විය. සැමියාගේ ද ඉහමොළ රත් වූයේ හදිසි කලබලය නිසා තමාට සිදු වූ අකරතැබ්බය නිසාය. දෙකට කැඩී ගිය පිළිරුව දෙස ද බැලූ ඇය දකුණු අතේ අස්ථියක් බිදී ගිය සැමියා වෛද්‍යවරයකු ළඟට කැඳවාගෙන ගියේ කිසිවක් හරිහැටි නොසොයා මින්මතු වැඩ නොකරන ලෙස තම සැමියාට අවබෝධ කර දෙමිනි.

කඹුරුපි්ටිය විශේෂ  -  කේ. අජිත්



අදහස් (0)

බිරියට දැල දාන්න ආ ‘ධීවරයාට’ තඩි බා රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 44 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site