IMG-LOGO

බිරියගේ රංගනය ලියුමකින් මාට්ටුවෙලා

  • මොරගොල්ලාගම සිසිර කැලේගම

සැමියා ඉදිරියේ රඟපාන බිරියගේ හැඳියාව අසුවීමෙන් ඇයට උන්හිටි තැන් අමතක වූ පුවතක් රජරටට අයත් එච් 9 මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබුණි.

සැමියා පෞද්ගලික ආයතනයක රැකියාවක නියැලෙන්නෙකි.

දිනපතා සේවයේ නියැලී උපයන වැටුපෙන් බිරියත් දරුවාත් රැක ගැනීමට වෙහෙසෙන ඔහු පෙම් සබඳතාව මත හඳුනාගත් ඇයට පණ මෙන් ආදරය කළේය.

 බිරිය කෙරෙහි විශ්වාසය තබා ඇති ඔහු නිවසේ කටයුතු ඇයට බාර දී ආයතනය තුළම රැඳී සිටි අවස්ථා ද තිබුණ අතර ඉදහිට ඔහු යහඵවන් ද කැටුව නිවසට පැමිණියේය.

ඒ අතරේ මත්පැන් තොළ ගෑමට ද එක්වෙන අවස්ථාවල දී ඔවුනට සප්පායම්වීමට අවශ්‍ය දේවල් බිරිය සකසා දුන්නාය.

 කාලය කෙමෙන් ගෙවී ගියේය. ඔහු අසනීප වී නිවසේ රැදුණේය. ලියුම්කරුවා ලිපියක් රැගෙන නිවෙසට පැමිණියේය. ලියුම ඔහු අතට ගත්තේය.

බිරිය පැමිණියාය. ලියුම ඉල්ලා ගත්තාය. තම අම්මා එවා ඇති ලිපියක් ඇය කියවාගෙන ගියාය. ඔහු අසා සිටියේය. ඇය සැමියා ඉදිරියේම අම්මාට පිළිතුරු ලිව්වාය. එය පසුදින තැපෑලටත් දැම්මාය. ඒ ඔවුනට දුරකතන පහසුකම් නැති නිසාය.

දිනක් ඇය නැති අතරේ එවැනි තවත් ලිපියක් ලියුම්කරු ගෙනාවේය. එය බිරියට හොරෙන් ඔහු රැගෙන ඔහුගේ ඥාති පාර්ශවයක් වෙතට ගියේය.

ඇය ආයතනයේ සේවකයකු සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන තතු එවිට හෙළිකර ගත්තේය.

සැමියා අකුරු නොදන්නා බව වටහා ගත් ඇය සැමියා නොමඟ යවමින් එළිපිටම රඟ දැක්වූ ජවනිකාව අනියම් පෙම්වතා සමග නගරයට ගොස් සිටි ඇයටත් කෙසේ හෝ හෙළි විය.

හැංගි හැංගි වෙස් බැන්දන් එළිමහනේ නටන්නට නොව ගුටි කන්නට ඇති බිය නිසා ඇය නිවහන බලා නොපැමිණියාය. ඇය අම්මාගේ නිවස බලා ඇදිවත පිටින්ම පියනැගුවේ අන් සරණක් නොවූ හෙයිනි.

මේ සිද්ධිය සැමියා සේවය කළ ආයතනයට ද දැන ගන්නට ලැබුණි. ඔහු නිවාඩු නිමවා වැඩට ගියේය. එදින ඔහුගේ ගජ මිතුරා ද අතුරුදන්ය. ඒ විවාහක යුවළකගේ පෙම් කැඳැල්ල කඩා දැමීමේ පාපයට දඬුවම් ලැබීමට ඇති බිය නිසාලු. 

බිරිය නැති සැමියා ආයතනයට නොඑන ගජ මිතුරා සොයා එම නිවසටත් ගියත් ගජ මිතුරා නොසිටියේය. සිද්ධිය දැන ගත් ඔහුගේ විවාහක බිරියත් තම මව් පිය ඇසුර බලා නික්ම ගියේ ඒ තම සල්ලාල සැමියාට ප්‍රසිද්ධියේම දොස් නගමිනි.



අදහස් (0)

බිරියගේ රංගනය ලියුමකින් මාට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 287 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 459 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site