IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


බිරියගේ මාන්නයට දඩ කොළයෙන් පාඩමක්

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
සැමියාගේ රැකියාවට වඩා තමාගේ රැකියාව උතුම් යයි සලකමින්, ඒ නිසා තමාට ඕනෑම වැඩක් කරගත හැකි යයි හිස උදුම්මාගෙන සැමියාට නිතරම දෙවැනි තැන දුන් කාන්තාවකට සැමියාට පින් සිදු වෙන්නට දඩ නොගෙවා සිටීමට සිදු වූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


දෙන්නා විවාහ වූයේ ප්‍රේම සම්බන්ධයකිනි. ඒ, පාසල් කාලයේ පටන්ගත් ආදර සම්බන්ධතාවක් දුරදිග යාමෙන්ය. එකම පාසලේ එකම පන්තියේ එක ළඟ සිට අකුරු කළ මේ දෙදෙනා පෙම් කළත් හොඳට අකුරු ද කළහ.


මුලින්ම ඔහුට රජයේ රැකියාවක් ලැබුණේය. විවාහ වී කාලයකින් පසුව ඔහුගේ බිරියට ද රජයේ රැකියාවක් ලැබිණි. ඒ, කවුරුත් උසස් ලෙස සලකන නමක් ගත් වාණිජ බැංකුවකය. එදා සිට බිරියට තමාට රැකියාව ලැබෙන තෙක් කන්න බොන්න දුන් සැමියා ටික ටික අමතක වීමට පටන් ගත්තේය. මේ නිසාම තමාගේ රැකියාව සැමියාගේ රැකියාවට වඩා උසස් යයි සිතමින් කටයුතු කළාය. පවුලේ අයට ද ඒ බව සෑම විටම පෙන්වීමට උත්සාහ ගත්තාය.


මෙයින් කිසිම දෙයකට කලබල නොවූ සැමියා තමාගේ රැකියාවෙන් මිනිසුන්ට හොඳටම සේවය කළේය. ඒ අවංකවමය. තමාගෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන්නන්ට කරුණාවන්තව සිය රාජකාරිය ඉටුකර දුන්නේය. මේ නිසාම ඔහු බිරියට වඩා සමාජයේ කා අතරත් ජනප්‍රිය ප්‍රසිද්ධ චරිතයක් විය.


මුලදි මුලදී සැමියාගේ යතුරුපැදියෙන් සේවයට ගිය ඇය, අලු‍තින්ම යතුරුපැදියක් ගෙන සිය සේවා ස්ථානයටත් අනෙකුත් අවශ්‍යතා සඳහාත් ගියාය.


ඔය අල්ල පනල්ලේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු දෙදෙනෙක් ඇයගේ යතුරුපැදිය නතර කර පරීක්ෂා කළහ. යතුරුපැදියේ ආදායම් බලපත මෙන්ම රක්ෂණ සහතිකය ද කල් ඉකුත් වී තිබුණ බව ඇය දැනගත්තේ ද පොලිස් නිලධාරීන් ඒවා පරීක්ෂා කළ විටදීය.


කල් ඉකුත් වූ අාදායම් බලපත්‍රය හා රක්ෂණ සහතිකය ගෙන යාම වරදක් බව පොලිස් නිලධාරීන් පෙන්වූ විට ඇය තමා සේවය කරන ස්ථානය ගැනත් එහි තමාගේ තනතුර ගැනත් පම්පෝරී ගැසීමට පටන් ගත්තාය. නෝනා මේ වරදට වැඩ කරන තැනවත් එහි තමාට ඇති තැනවත් වැඩක් නැතැයි කියූ පොලිස් නිලධාරීහු ඇයගේ මේ පම්පෝරිය නිසාම ඇයට නීතිමය කටයුතු කිරීමට පටන් ගැනීමට සූදානම් වූහ.


 ඒ සමගම අවශ්‍යතාවකට නගරයට පැමිණ සිටි ඔහුට සිය බිරිය පොලිසිය නතරකර තිබෙනු දැක එතැනට පැමිණියේය. ඒ සමගම පොලිස් නිලධාරීන් දෙදෙනා ‘ආ සර්, කොහොම ද? අපට කරපු උදව් තවම මතක තියෙනවා’ යයි කීවේ ‘හදිසියේම මොකද අපි හම්බවෙන්න’ යයි අසමින්ය.


‘මහත්තයා, මේ මගේ නෝනා. එයා නතර කරලා තිබෙන්නේ ඇයි කියලා බලන්නයි ආවේ’ යයි ඔහු කීවේය. 


‘ඒකනේ, නෝනා මහත්තයාගේ නම කිව්වා නම් ඉවරනේ. නෝනා එකක් මතක තියා ගන්න, අපි සලකන්නේ කරන රස්සාවටවත්, එහි තියෙන තත්ත්වයටත් නෙමෙයි මනුස්සකමටයි. මේ මහත්තයා අපට විතරක් නෙමෙයි මේ සමාජයටම වටිනා කෙනෙක්. ඒක නිසා ගිහිල්ලා ආදායම් බලපත්‍රයයි රක්ෂණ සහතිකයයි හදාගෙන ඇවිල්ලා පෙන්නන්නකෝ’ යයි පොලිස් නිලධාරීන් දෙදෙනා කී විට, ඇයගේ නළලෙන් ඩාබිඳු කඩා හැළුණේ සැමියාට තමාට වඩා සමාජයේ බලවත් තැනක් ඇතැයි සිතට නැගුණු නිසා විය හැකිය.

 



අදහස් (6)

බිරියගේ මාන්නයට දඩ කොළයෙන් පාඩමක්

mangala Wednesday, 11 August 2021 02:03 PM

දෙයියොම සාක්කි තමයි. මගේ බිරිඳත් බැංකුවක වැඩ, මට වඩා 3න් ගුණයක් පඩි ගන්නවා. රටවල් 6ක මිනිස්සු එයා යටතේ වැඩ කරනවා. සරල සිංහලෙන් කියනවා නම් උසස් රැකියාවක් මේ රටේ හැටියටත්.. කොරෝනා කාලේ මගේ බිස්නසුත් බිංදුවට බැස්සා ... බිරිඳගේ පිහිටෙන් තමයි ඇදගෙන යන්නේ... හැබැයි කවදාවත් මේ වගේ ගොන් පාට් නම් දාන්නේ නැහැ. මිනිහාට දෙන්න තියෙන ගරුත්වය දෙන්නේ උපරිමෙන්. හැබැයි අපි ඉන්නේ ලංකාවේ නෙවෙයි, මගේ බිරිඳත් ලංකාවේ නෙවෙයි.

:       58       44

sunandaWednesday, 11 August 2021 10:08 PM

නියම කතාව...

:       0       1

kumarage Wednesday, 11 August 2021 11:05 PM

මේවා පට්ට බොරු කතා...

:       0       0

rangana Thursday, 12 August 2021 02:11 PM

මෙතන පොලිස් නිලධාරීන් දෙන්නා කරලා තියෙන්නේ වරදක් නෙමයිද ? හිතවත් කමට රාජකාරි නොකර සිටීම

:       3       5

Shen Thursday, 12 August 2021 04:31 PM

මේ වගේ ගෑනු නම් සාපයක්

:       0       0

sam Friday, 13 August 2021 03:42 AM

මෙන්න මේ කතාව ආණ්ඩුවේ ඉන්න හැම දේශපලුවකුටම හොඳ ආදර්ශයක් වේවා .මේ දේශපාලුවොත් වැඩ කරන්නේ රටේ ජනතාව උන්ගේ වහල්ලු හැටියට හිතාගෙනයි .හැබැයි රජෝ කොකාට වාරයක් වගේම තිත්තයාටත් වාරයක් එනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site