සමාජ ශාලාවක සාමාජිකයකු වූ පුද්ගලයෙක් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන කාන්තාවක සමඟ විවාහ වූයේය.
විවාහයෙන් ඔවුනට දරුවන් තිදෙනකු ලැබිණී. 
සමාජ ශාලා ජීවිතයට ඇබ්බැහිව ගොස් ඇති පදම් විනෝද වී මැදියම් රැයේ ගෙදර ආවේය. සෑම දිනෙකම සවස ඔහු හොඳින් ඇඳ පැලඳ මේ අයුරින් එළියට යාමට සැරසෙද්දී ඔහුගේ බිරිය කේන්තියෙන් පුපුරන්නට ගනී.
තමාගේ තරුණ පෙනුම ඒ වනවිටත් ශේෂව තිබූ නිසා එම කාන්තාව ඒ ගැන ආඩම්බර වූවාය. ඇය තම රූ සපුව ගැන සැමියාට ද කීවාය
ගොම්මන් යාමයේ ගෙදරින් එළියට පා තබන ඇගේ සැමියා දිනපතා අසල්වාසීන්ටද ඇසෙන්නට තම බිරිඳට මෙසේ කියා කෑ ගසා ක්ලබ් යන්නට සමුගත්තේය.
‘සුබ රාත්‍රියක් අපේ තිදරු මව!’
ඇය දින කීපයක් ඔලොක්කුවට කියනා මෙම වදන් ඉවසා සිටියාය. ඒත් දිනක් ඇය ද මහ හඬින් පිළිතුරු දුන්නාය.
‘සුබ රාත්‍රියක් එක් දරු පියා!’
ඉන් පසු ඔහු රෑ බෝවී ගමන් යාම එහෙම පිටින්ම නතර කර නිවසට වී සිටීම පුරුද්දක් කරගත්තේ බිරිය ගැන කිසියම් භීතියක් ද සිතේ රැඳී තිබීම නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd