(වියලුව වාර්තාකරු)
රූපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරූ තම බිරිය ලවා හිසකෙස් කළු කරගත් සැමියෙක්ට ඒ සඳහා යොදාගත් ඩයි වර්ග අසාත්මික වී රෝහල්ගතවීමට සිදුවූ බව කියවෙන පුවතකි මේ.
ඇය දෙදරු මවකි රූපලාවන්‍ය කෙරේ දැඩි ඇල්මක් දැක්වූ තැනැත්තියකි. ඒ නිසාම ඇය නගරයේ පැවති රූපලාවන්‍ය පන්තියකට ඇතුළත් වූවේ ඒ පිළිබඳ වැඩිපුර දැන ඉගෙන ගන්නටය.
දින සති මාස ගණන් ගෙවී යද්දී ඇය රූපලාවන්‍ය සම්බන්ධ බොහෝ දේ ඉගෙන ගත්තාය. ඒ අතර වූ කෙස් වර්ණ කිරීම ගැනද ඇය ඉගෙන ගත්තේ දැඩි උනන්දුකින්ය. ඒ තමාට මෙන්ම සැමියාටද එය බොහෝ ප්‍රයෝජනවත් යැයි සිතූ නිසාය.
ඉරිදා දිනයකි. සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටි සැමියාට ඇය අපූරු යෝජනාවක් ගෙනාවාය. “මට අහවල් ඩයි එක ගෙනත් දුන්නොත් මම ඔයාගේ කොණ්ඩේ කළු කරලා දෙනවා“ ඇය කීවාය.
ඔහු යතුරු පැදියේ ඉගිලී ගොස් මිනිත්තු කිහිපයකින් නිවසට ආවේ බිරිය පැවසූ ඩයි පැකට් එකට දෙකක්ම රැගෙනය.
තමන් උගත් සියලු ශිල්ප දක්වමින් බිරිය ද සැමියා ඉදිරියේ සිය දස්කම් දැක්වූවේ ඒ ගැන ඔහු නොදත් බොහෝ දේ ඔහුටද කියාදෙන අතරේය. අවාසනාවකි. සත්කාරය අවසානයේ සැමියාට හොඳ සිහියෙන් ඉන්නට ලැබුණේ මිනිත්තු කිහිපයකි.
කන සහ බෙල්ලට ඉහළින් මතුවූ දැවිල්ල සහ කැසිල්ල හිස පුරා පැතිර යන්නට ගත වූවේ මිනිත්තු කිහිපයකි. මුහුණ ඉදිමී තඩි ගැසෙද්දී හොල්මන් වූ බිරිය අධාර ඉල්ලා කෑ ගසන්නට පටන් ගත්තේ වැලහින්නක පරිද්දෙනි.
සිද්ධිය ඇසී නිවසට දිව ආ අසල්වැසි නිවසේ ගුරුවරිය දුන් උපදෙස් මත වහාම රෝහල් ගත කෙරිණි. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහුට ඩයි වර්ගය ඇලජික් වී ඇතැයි කීවෝය. දැන් ඔහු රෝහලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව ඇත්තක් නම් අදාල ඩයි වර්ගයේ නමත් පාරිභෝගික යහපත තකා ප්‍රසිද්ධ කළ යුතුයි. මෙතන බිරිඳ වරදක් කරලා නැහැ.
ඕනෙම ඩයි වර්ගයක් භාවිතා කිරීමට ප්‍රථම, ශරීරයේ වෙන තැනක කුඩා ප්‍රදේශයක ඩයි ස්වල්පයක් අලේප කොට, ටික වෙලාවක් තබා එය තමන්ට ඇලජික් දැයි බැලිය යුතුයි.
පිරිමි කෙනෙක්ගේ හිසකේ ඩයි කරගන්න රුපලාවන්‍ය පාඨමාලාවක්ම හදාරන්න ඕනද?මොන විහිළු කතාවක්ද මේ ?
හිසකෙස් කළුකරන පාටවල ඇති රසායනික ද්‍රව්‍යයන් වර්ග බොහෝවිට ශරීරයට අසාත්මිකතාව දක්වනබව අච්චාරු බසින් ඔබ අමතන එෆ් .එම් ගිරව් නොදන්නවාට මහජනතාවට ප්‍රසිද්ධ රහසක්.
අපේ රටේ මිනිස්සු උදේ ඉදන් රැ වෙනකල් බුදු දහම ඇදහුවත් අනිත්‍ය මෙනෙහි කරනවා අඩුයි.කොණ්ඩය කළු කරගෙන හැමදාම ඉන්න බැහැ. එත් ඩයි වර්ගය ඇලජික් ද කියල බලලයි පාවිච්චි කරන්න ඕන....මේ වගේ ඊනියා රුපලාවන්‍ය ශිල්පිනියන් අද ලංකාවේ වැහි වැහැලා.
මෙම ඩයි වර්ගය ගැන පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දෙන්න පුළුවන්. මූලික වශයෙන්ම ඒ වගේම රෝහල් ගාස්තු සහ අනෙක් වියදම් ඉල්ලලා වන්දි නඩුවක් දාන්නත් පුළුවන්... කැමති නම් කොයික වුණත් රූපලාවන්‍ය පාඨමාලා හදාරන සිසුන්ට නීතිය ගැන මොඩියුල් එකක් ඇතුළත් කිරීම කල යුතුයි.