IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බිරිය විලිරුදාවෙන් කෑගසද්දී යාළුවා සුරුට්ටුව පත්තුකරන්න ගිනිපෙට්ටිය ඉල්ලලා

සිය බිරිඳ දෙවැනි දරුවා ප්‍රසුත කිරීමට රෝහලට රැගෙන යාමට ලහි ලහියේ ත්‍රීරෝද රථයක් සොයමින් එහාට මෙහාට දුව පනිමින් සිටින අවස්ථාවේ දී අල්ලපු නිවසේ වයෝවෘද්ධ පුද්ගලයකු පැමිණ එක් දරු පියාගේ ගිනිගෙන තියෙන රැවුලෙන් සුරුට්ටුවක් පත්තු කර ගැනීමට ගියා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 33 හැවිරිදි එක් දරු පියෙක් සිටියි. මෙම එක් දරු පියාගේ බිරිඳ ඉකුත් දිනෙක දෙවැනි දරුවා ප්‍රසුත කිරීමට රාත්‍රි කෑ කෝ ගසන්නට පටන් ගෙන තිබේ. පසුව එක් දරු පියා බිරිය රෝහලට ඇතුළත් කිරීමට ගමේ ත්‍රීරෝද රථයකට දුරකතනයෙන් ඇමතුමක් ගත්තේය. එහිදී ත්‍රීරෝද රථ රියැදුරු කියා ඇත්තේ තමන් දුර පළාතක සිටින බවත් වෙනත් ත්‍රීරෝද රථයක් සොයා ගන්නා ලෙසත්ය.
පසුව එක් දරු පියා ත්‍රීරෝද රථ කිහිපයකට දුරකතනයෙන් කතා කරමින් එහා මෙහා දුව පනිමින් සිටින අවස්ථාවේ දී අල්ලපු ගෙදර 87 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයා මේ බව දැක එක් දරු පියාගේ නිවසට පැමිණ තිබේ. වයෝවෘද්ධ පුද්ගලයාගේ කන තරමක් ඇසීමේ අඩුවක් ඇති අතර වැඩිපුර ඔහු සුරුට්ටු පානය ද කරයි. වයෝවෘද්ධ පුද්ගලයා පැමිණ මිනිත්තු කිහිපයකට පසුව සුරුට්ටුවක් එහාට මෙහාට තලමින් එක් දරු පියාගෙන් නිවසේ ගිනි පෙට්ටිය ඉවර වී ඇති බවත් සුරුට්ටුව පත්තු කර ගැනීමට ගිනි පෙට්ටියක් ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.


පසුව එක් දරු පියා කියා ඇත්තේ”‍ අනේ මාමේ මගේ රැවුල ගිනි අරන් තියෙන වේලාවේ මාමත් එනවා ද ඒකෙන් සුරුට්ටු පත්තු කරන්න යැයි හයියෙන් කනට කිට්ටු කර පවසා තිබේ. එම කියමන ඇසී ඇති 87 හැවිරිදි පුද්ගලයා එක් දරු පියාට පැමිණ සිටි අසල්වැසියන් කිහිප දෙනෙකු ඉදිරිපිට දොස් නගන්නට විය.
පසුව වයෝවෘද්ධ පුද්ගලයාගේ ලේලියට මේ බව ඇසී පැමිණ වයෝවෘද්ධ පුද්ගලයා නිවසට රැගෙන යාමට උත්සහ කළ ද පලක් නොවීය.
“තාත්තා කෑ ගහන්න එපා මේ ගෙදර දුවට දරුවෙක් ලැබෙන්න රෝහලට ගෙන යන්න ත්‍රීරෝද රථයක් සොයනවා. තාත්තා ගිහිල්ලා ඒ දරුවාගේ රැවුල ගිනි අරන් තියෙන වේලාවේ සුරුට්ටුවක් පත්තු කරන්න ගිනි පෙට්ටියක් ඉල්ලන එක සම්පූර්ණයෙන්ම වැරදියි. තාත්තාට වයස ගිහිල්ලා එක තේරෙන්නේ නැති හැටියක් තමයි මට පෙන්නේ.”
“ඒ වුණාට ගිනි පෙට්ටිය දෙන එක ලොකු වැඩක් නෙමෙයිනේ. ගිනි පෙට්ටිය දුන්නා නම් කතාව ඉවරයිනේ. වයෝවෘද්ධ පුද්ගලයා ලේලිය හමුවේ පැවසීය.
පසුව ලේලිය අමාරුවෙන් වයෝවෘද්ධ මාමණ්ඩිය නිවසට කැඳවාගෙන ගිය බව වාර්තා වෙයි.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

 



අදහස් (0)

බිරිය විලිරුදාවෙන් කෑගසද්දී යාළුවා සුරුට්ටුව පත්තුකරන්න ගිනිපෙට්ටිය ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 98 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 901 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site