IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


බිරිය මියගිය සැමියා ​ෙරා්හලේ සිටියදී නෑඹුල් මනාලියයි දෑවැද්දයි අතුරුදන්

බිරිය මියගිය සැමියා රෝගාතුරව රෝහල් ගතව ප්‍රතිකාර ලබා නිවසට එනවිට ඔහුගේ දෙවැනි විවාහක තරුණ බිරිය තමන් ගෙනා දෑවැදිත් රැගෙන නිවසින් අතුරුදන් වූ පුවතක් යාපහුව රාජධානියට අයත් ගම්බද පෙදෙසකින් අසන්නට ලැබුණි.

ඔහු රාජ්‍ය සේවාවේ පරිපාලන තනතුරක් දැරූවෙකි. විවාහක පළමු විවාහයේ බිරිය ද රජයේ රැකියාවක නිරතව සිටියාය. ඔවුන්ට දාව දරුවන් තිදෙනෙකි. ඔවුන් තිදෙනාද රජයේ ඉහළ නිලතල හොබවති.

එම දරුවන් ද විවාහ වී ඔවුහු දරු මල්ලන් සමග පිටත වාසය කරති. ඔය අතරේ පියා හා මවද සේවයෙන් විශ්‍රාම ගියහ.

දෙදෙනාම විශ්‍රාම සුවයෙන් පසුවෙන අතරවාරයේ බිරිය හදිසියේ රෝගිව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගියාය.

නිවසේ තනිවූ සැමියා විශ්‍රාම වැටුප ගැනීමට යන එන අතරවාරයේ කඩවසම් රූමත් කතක් ඔහු නෙත ගැටුණි. ඇය තනිකඩය. මැදිවිය ඉක්මවා ඇත. ඔහු නිවසේ තනිය මකන්නට ඇයට ගෙනා යෝජනාවටද ඇයද එක පයින් කැමැති වූවාය.

 සැමියාගේ දරුවන්ට හොරෙන් නවක සහකාරිය එම නිවසට පැමිණ එහි නැවතුනාය.

ඇය එනවිට නිකම්ම ආවේ නැත. ඇය තනිව විසූ නිවසේ තිබූ සියලු බඩු මුට්ටු ද දෑවැදි ලෙස ගෙන ආවාය. දෙදෙනා සතුටින් එහි වාසය කරන අතරේ සැමියා ද හදිසියේ රෝගි වූයේය. ඔහු රෝහල් ගත කරනු ලැබීය.

රෝහලේ සිටි පියා බලන්නට දරුවන් පැමිණි දිනෙක ඔවුහු තම මහ ගෙදරට ද පැමිණියහ. නවක කුඩම්මා දැක කරුණු අසා ඔවුහු පුදුම වූහ.

පසුදින දරුවෝ නැවත පියා බලන්නට යාමට සැරසුනහ. ඒ අවස්ථාවේ ඔවුහු කුඩම්මා ඇමතූහ.

‘‘අපි තාත්තා බලලා ගෙදර එනකොට ඔහේට මේ ගෙදර ඉන්න බැහැ. හිටියොත් වෙන දේ බලා ගන්න පුළුවන්’’යි කියා ඔවුහු නික්ම ගියහ.

පියා රෝහලේ වාට්ටුවෙන් ටිකට් කපා ඇත. දරුවෝ පියා කැටුව ගෙදර එති. ඒ වෙලාවේ නවක බිරිය ගෙදර නැත. දරුවන්ගේ තර්ජන හමුවේ ඇය ගෙනා දෑවැදිත් රැගෙන පලා ගොස් ඇති බව වටහා ගත් පියා ඒ ගැන කිසිත් නොකියා ඇඳ මත දිගා වුණේ තවමත් අසනීපය නිට්ටාවටම සුව වී නැති නිසාලු.

 

  • මොරගොල්ලාගම සිසිර කැලේගම



අදහස් (0)

බිරිය මියගිය සැමියා ​ෙරා්හලේ සිටියදී නෑඹුල් මනාලියයි දෑවැද්දයි අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site