IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බිරිය නූපන් බිලිඳාට ගෙනා බඩු මල්ල උකස්කර සැමියා පාටි දාලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
තව මාස හතරකින් බිහි කිරීමට සිටින බිලිඳා⁣ගේ පාවිච්චියට සීට්ටුවක් දමා එකතු කර ගත් මුදලකින් රුපියල් 18000 ක් ගෙවා ගෙනත් තිබූ ළදරු උපකරණ තොගයක් රුපියල්  2,000 ට උකසකට තබා ඇතැයි කියන තරුණ සැමියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


 20 හැවිරිදි තරුණියක් ඇඟලුම් ආයතනයක රැකියාවකට ගොස් සිටියදී එම ආයතනයේ රැකියාවකට ගොස් සිටි 24 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගත්තාය. තරුණයා මාස ගණනාවකට පසුව දෙපාර්ශ්වයේම මව්පියන්ට නොදන්වා සිය පෙම්වතිය තරුණයාගේ ඥාති නිවෙසකට රැගෙන ගියාය.


මාසයක් පමණ ඥාති නිවසේ කල් ගෙවන අවස්ථාවේ දී තරුණයාගේ මව්පියෝ ඔහුගේ සිය නිවෙසට නව යුවළ කැන්දා ගත්හ. 
තරුණිය සිය පෙම්වතාට ඇඟලුම් ආයතනයේ රැකියාවට යාමට කතා කළත් තරුණයා එය ප්‍රතික්ෂේප කළේය. පසුව තරුණිය පෙම්වතා නිවසේ දමා ඇඟලුම් ආයතනයේ රැකියාවට යමින් එමින් සිටියාය.


මීට මාස පහකට පමණ ඉහතදී දිනක් තමා මවක වී ඇතැයි තරුණිය තරුණයාට කීවාය. ඒත් තරුණයා කිසිම දෙයක් ගණන් නොගෙන සුපුරුදු පරිදි ගමේ කරක්ගසමින් සිටියේය. 


 සිය තරුණ සැමියාගෙන් තමාගේ ජීවිතයට සත පහක උදව්වක් පදව්වක් නොමැති බව වටහා ගත් තරුණිය අනාගතයේදී බිහි කිරීමට සිටින දරුවාට අවශ්‍ය උපකරණ ටිකවත් ගන්නේ කෙසේදැයි කල්පනා කරන්නට වූවාය. ඔය අතරේ ඇඟලුම් ආයතනයේ තරුණියන් පිරිසක් මාසකට රුපියල් 2000 ක සීට්ටුවක් දැමීමට කතිකා කර ගන්නා අයුරු. දැක ඇයද ඊට එක් වූවාය. 


තරුණ ගැබිනිය ගිය මාසේ සීට්ටුව ගෙන තව මාස හතරකින් බිහි කිරීමට සිටින බිලිඳාට අවශ්‍ය බඩුමුට්ටු තරුණ සැමියා සමග නගරයට ගොස් නිවෙසට ගෙනාවාය.


පසු ගිය දිනක තරුණ ගැබිනිය වැඩට ගොස් නිවෙසට පැමිණෙද්දී බිලිඳාට ගෙනත් තිබූ බඩුමුට්ටු ටික නොමැති බව දැනී ඒ පිළිබඳ තරුණ පෙම්වතාගෙන් විමසුවාය. එහිදී තරුණයා ප්‍රකාශ කර ඇත්තේ තමන් බඩුමුට්ටු ටික ගෙන අහවල් තැනට දී රුපියල් 2000 ක මුදලකට උකස් කළ බවය.  එයින් තමන් යහළුවන් සමග එක්වී හොඳ සාදයක් දැමූ බවද ඔහු පැවසුවේ කිසි ගණනකට නැතිවය.


පසුව තරුණ ගැබිනිය උකස් තබා තිබුණු නිවෙසින් යළි රුපියල් 2,200 ක් දී නිවසට ගෙනා බඩු මුට්ටු ටික අල්ලපු නිවසේ පදිංචි ⁣තරුණයාගේ පුංචි අම්මාගේ නිවෙසේ ආරක්ෂාවට තබා ඇත්තේ අනේ මෙහෙමත් මිනිස්සු යැයි තම සැමියාට ද දොස් තබමිනි. 



අදහස් (3)

බිරිය නූපන් බිලිඳාට ගෙනා බඩු මල්ල උකස්කර සැමියා පාටි දාලා

ganegoda Friday, 06 August 2021 02:40 PM

පුදුමාකාර දුගී දුප්පත් මුඩුක්කු ගති පැවතුම්

:       0       91

Perera Monday, 09 August 2021 02:37 PM

රටේ බහුතරය ඔවැනි අයගෙන් පිරී ඇති නිසා තමයි ලංකාව අද ඔය තත්වයට පත්වෙලා තියෙන්නේ..

:       0       80

Shen Monday, 09 August 2021 06:50 PM

බඩේ ඉන්න දරුවාගේත් කරුමේ තමයි ඉතින්... මේ ලෝකෙට ආපු දවසේ ඉඳන්ම කරුමේ ගෙවන්න තියෙන්නේ ඔය වගේ කෙනෙක් එක්ක...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site