කාන්තාවකට වැළදී තිබූ අමනුෂ්‍ය දෝෂයක් සුව කිරීමට පැමිණි කට්ටඩියකු එම රෝගය සුව කර ඇයත් රැගෙන පලා ගිය සිද්ධියක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ.
ඇය තිස් දෙහැවිරිදි රුවැති තිදරු මවකි. වසරක පමණ කාලයක සිට ඇයට කිසියම් රෝගයක් වැළඳි තිබූ අතර එම රෝගයට ප්‍රදේශයේ දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර කළත් සුව නොවුණි. මැයට වැළඳී ඇත්තේ අමනුෂ්‍ය දෝෂයක් යැයි නෑ හිතවතුන් පැවසූ නිසා ඒ සම්බන්ධයෙන් ද ප්‍රදේශයේ තිබූ දේවාල කරා ගොස් කටයුතු කිරීමට ඥාතීහු පියවර ගත්හ. එහෙත් ඇයට සුවයක් නොලැබිණි.
ලද ආරංචියකින් පසු ඔවුහු දිනක් මහනුවර ප්‍රදේශයේ දේවාලයකට ගොස් කට්ටඩියකු හමු වූහ. රෝගියා පරීක්ෂා කර බලා මැයට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවත් එම දෝෂය තමන්ට සුවපත් කිරීමට හැකි බවත් ඒ සඳහා අවශ්‍ය කලමනා ලැස්ති කරන ලෙසත් තමන් අසවල් දින සවස පැමිණෙන බවත් කට්ටඩියා පවසා ඇයගේ කරට ඇප නූලක් දැම්මේය. තමන් පැමිණෙන බව වෙනත් කිසිවකුට නොකියන ලෙසද ඔවුන්ට අවවාදයක් ලෙස කට්ටඩියා කීවේය.
මනමාල පාටක් පෙනෙන තිස්හත් හැවිරිදි වියේ පසුවන කට්ටඩියා මෙදින පස්වරු 5ට පමණ ඔවුන්ගේ නිවසට පැමිණියේ බෙරකරුවකු ද සමගිනි. කට්ටඩියා ගෘහ මුලිකයාගේ සහ බෙරකරුවාගේ සහය ඇතිව ශාන්ති කර්මයට අවශ්‍ය දෑ සකස් කරගෙන රාත්‍රි9ට පමණ ශාන්ති කර්මය ආරම්භ කර එය අලුයම 1ට පමණ නිමා කරනු ලැබීය.
එදින රාත්‍රිය එම නිවසේ ගත කළ කට්ටඩියා පසු දින උදේ ගෘහමූලිකයාට කතා කර කීවේ බිරිඳට වැළඳී තිබූ අමනුෂ්‍ය දෝෂයේ කොටසක් ඉවත් කළ බවත් ඉතිරි කොටස රාත්‍රියේ කළ යුතු බවත්ය. බිරිඳගේ රෝගය සුව වී ඇති බව ඇයද තම සැමියාට පැවසූ අතර එයින් ඔහු බොහෝ සතුටු විය. ආවතේව කටයුතුවලට පැමිණි බෙරකරුවාගේ කුලිය දී ඔහු එදින රාත්‍රි ශාන්ති කර්මයට අවශ්‍ය නොවන බව පවසා ඔහු පිටත් කර යැවීමට ද කට්ටඩියා කටයුතු කළේය.
එදිනද රාත්‍රී 9ට පමණ ආරම්භ කළ ශාන්ති කර්මය රාත්‍රි 11ට පමණ නිමා කර සියල්ලෝම නින්දට වැටුණාහ. එදින රාත්‍රිය ද කට්ටඩියා එහිම නතර වූයේය.
සුපුරුදු පරිදි අලුයම 5ට පමණ අවදි වී ගෘහමූලිකයා බිරිඳට කතා කර කීවේ උදේ ආහාරයට යමක් සකසන ලෙසත් දින දෙකකින් කුඹුරට යෑමට බැරි වූ නිසා අද වෙලාසින්ම කුඹුරට යා යුතු බවත්ය. එසේ කියමින් බිරිඳ හා දරුවන් නිදා ගන්නා කාමරයට ගියේය. කාමරයේ බිරිඳ නොසිටි අතර දරුවන් පමණක් සිටිනු ඔහුට දැක ගැනීමට හැකිවිය. ඇය වැසිකිළියට හෝ ළිඳට වතුර ගේන්න ගියා දැයි සොයා බැලුවත් ඇය එහි නැත. ගෙවත්තේද නැත. ඇයට කතා කළත් පිළිතුරක් නැත.
මැයගේ අතුරුදහන්වීම ගැන පැවසීමට කට්ටඩියාට නිදා ගැනීමට දුන් කාමරයට ගොස් ඔහු පිළිබඳව සොයා බැලුවේය. කට්ටඩියා ද එහි නැත. ඔහුට යම් සැකයක් මතුවිය. දරුවන් අවදී වූ පසු ඔවුන්ට ආහාර පාන සකස් කරදී මව පිළිබඳව විමසීමේ දී පැවසුවේ මව ප්‍රතිකාර සඳහා රෝහලට ගොස් ඇති බවත් ඇය ඉක්මණින් පැමිණෙන බව පවසා ඔහු ද නිවසින් පිටත් වූයේ දරුවන්ට කොහේවත් නොයන ලෙසට අවවාදයක් ද කරමිණි.
ඔහු කෙළින්ම ගියේ කට්ටඩියාගේ නිවස වෙතය. එහි යනවිට කට්ටඩියා නිවසේ නොසිටි අතර ඔහුගේ බිරිඳ පමණක් නිවසේ සිටියාය. ඇයට සියලු විස්තර පැවසූ විට ඇය පැවසුවේ ‘‘ඔය නොසන්ඩාලයා ඔහොමමයි. ඕකා දන්න මන්ත්‍ර ශාස්ත්‍රයක් නෑ. කරන්නේම ඔහොම නොහොබිනා වැඩමයි’’ යැයි ඇය ඔහුට පවසා මම ඔයාගේ බිරිඳ හොයලා ඉක්මණින්ම ගෙදර එවන්නම් යැයි කියා ඔහු පිටත් කර හැරියේය.
ගත වූයේ දින දෙකකි. ඇය නිවස කරා පැමිණියේ කට්ටඩියාගේ බිරිඳ ද සමඟිනි. එහිදී ඔහු පැවසුවේ මේ දරුවන් තිදෙනා නිසා තමන් නැවත භාරගන්නා බවත් මෙවැනි නොහොබිනා වැඩක් මින් මතුවට කර තිබුණොත් ආයේ තමන්ගෙන් කිසිම සමාවක් නොලැබෙන බව කියමින් ඇයට නිවස තුළට යෑමට අවසර දී කට්ටඩියාගේ බිරිඳට ස්තුති කර ඇයට ආහාර පාන වලින් සංග්‍රහ කොට අතට බස් ගාස්තුවක් ද දී පිටත් කර හැරියාය.
හසලක සුනිල් ඒකනායක
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බිරිඳගේ යක්ෂ දෝෂය සුවකරන්න ආ කට්ටඩියා ඇයත් සමග මාරු
jilmart Sunday, 10 July 2022 05:19 PM
ඇත්තටම කට්ටඩියා කියන වචනය තේරුම් ගන්න ඔයතරම් අපහසුද?