IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


බිරිඳගේ දොළදුක නිවන්න ගිහින් කූඩුවේ

මේ වනවිට ඔහුගේ වයස අවුරුදු විසි පහකි. ස්ථිර රැකියාවක් නැතත් මෙයට වසර දෙකකට පමණ පෙර විවාහ විය.

ඉන්පසු නොයෙක් නොයෙක් රැකියා කරමින් බිරිඳ සමග ජීවත්වෙමින් සිටින විට ඔහු පියෙකු වන ලකුණුද පහල විය. දැන් වෙනදාට වඩා බිරිඳගේ අවශ්‍යතා වැඩිය. එනිසා වැඩි වැඩියෙන් මුදල් සොයන්නට ඔහුට ඕනෑ විය.


ඔහුගේ උපන්ගම ගාල්ල නගරාසන්නයේ වූ අතර විවාහ වී සිටියේ ගාල්ල නගරයට කිලෝ මීටර් හතරක් පහක් දුරිනි. ඔහු වෙනදා  මෙන් ගමට ආවේය. බිරිඳ ගැබිනියක් නිසා වෙනදාට වඩා පෝෂ්‍යදායි ආහාර පාන විටමින් වර්ග අවශ්‍ය බව කල්පනා කරමින් ගම වටේ ඇවිද ගියේය.


එසේ යද්දී ඔහුගේ ඇස ගැටුණේ වසා තිබූ නිවසකටය. එම නිවස වෛද්‍යවරියකගේ බව ඔහු දැනගෙන සිටියේය. වෛද්‍යවරියද ඇයගේ සැමියාද රැකියාවට ගොසිනි. වටපිට බැලූ ඔහු අතට හසුවූ යකඩ පතුරක් යොදා ජනේලයක පියනක් ඇර ගත්තේය. නිවසට ඇතුළු වූ ඔහු වෛද්‍යවරියගේ කාමරයට ගොස් ඇයගේ රන් ආභරණ සියල්ලම සොරකම් කරගෙන එළියට ආවේය.


එදින ඔහුගේ සිතට දැනුණේ පුදුමාකාර සතුටකි. රන් ආභරණ වෙළෙඳසලකට ගොස් ආභරණ කිහිපයක් විකුණා බිරිඳට විටමින් වර්ග කිහිපයක්ද රසවත් ආහාර පානද ඇතුළු අනෙකුත් අවශ්‍ය දේවල්ද රැගෙන ගියේය. බිරිඳට අවශ්‍ය දේවල් ගැනීමට හැකිවීම ගැන ඔහුගේ සිතට සතුටක් දැනුනද මෙතරම් දේවල් ගෙනඒම ගැන බිරිඳගේ සිතට ඇතිවූයේ සැකයකි. ඔහු ඉතිරිව තිබූ රන් භාණ්ඩද නිවසේ සැඟවීය.


වෙනදා නැති මුදලක් සහ රන් භාණ්ඩ තොගයක් ගෙන ඒම පිළිබඳ ඇය විමසුවාය. ‘‘මට සුද්දෙක් සෙට් වුණා. මම ඔයා ගැනත් කිව්වා. මිනිහට මාව විශ්වාසයි. ගෙදර එන්න පාරත් අහගත්තා. මිනිහ අපට උදව් කරාවි” ඔහුගේ කීම ඇය පිළිගත්තාය.


මේ අතර තමාගේ නිවස බිඳ රන් ආභරණ සියල්ලම සොරකම් කර ඇති බවට වෛද්‍යවරිය පොලිසියට පැමිණිලි කළාය. නිවසේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කළ පොලිසිය සැකකරු හඳුනා ගත්තේය. ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජී. ආනන්ද, උපපොලිස් පරීක්ෂක මහිලාල් යන මහත්වරු ඇතුළු නිලධාරි කණ්ඩායමක් සැකකරුගේ නිවස සොයා ගොස් පරීක්ෂා කළේය. නිවසේ සඟවා තිබූ රන් භාණ්ඩ සොයාගෙන සැකකරුද අත්අඩංගුවට ගත්තේය. විකුණා තිබූ ආභරණ උණුකර තිබියදී අත්අඩංගුවට ගත්තේය.


තම සැමියා පොලිසිය විසින් රැගෙන ගිය පසු බිරිඳ පොලිසියට පැමිණ හඬා වැටෙන්නට වූවාය. ඇයගේ බෑගයේ තිබූ විටමින් පෙති සියල්ලම විසි කළාය. ආහාර පානද විසි කළාය. ‘‘මගේ බඩේ ඉන්න දරුවට හොරකම් කරපුව කන්න දෙන්න මම කැමති නැහැ. මට මේ විටමින් කෑම බීම එපා. මගේ දරුවත් හොරෙක් කරන්න මට බැහැ” ඇය හඬා වැලපෙන්නට වූවාය. ඇයගේ විලාපය එහි සිටි කාගෙත් හද කම්පා කරවන්නක් විය. සැකකරු මත්ද්‍රව්‍ය පානය කරන්නෙකු නොවන බවද පොලිසියේදී අනාවරණය විය.


තමා හොරෙකු වූයේ  බිරිඳට අවශ්‍ය ආහාර පාන විටමින් ලබා දීමට වුණත්  නීතිය හමුවේ තමාට සමාවක් නොලැබෙන බව ඔහු දැන ගත්තේය.

උණවටුන ඩී.ජී. සුගතපාල



අදහස් (0)

බිරිඳගේ දොළදුක නිවන්න ගිහින් කූඩුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 320 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 754 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 844 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 676 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1254 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 726 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 705 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 183 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1219 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site