මහනුවර අධිකරණ- සරත් කුසුම්සිරි රණසිංහ
බිරියගේ කනකර බඩු සියල්ල උකසට තබා ගත් මුදල රැගෙන ඉන්ධන පෝලිමට ගොස් ආහාර පාන සහ මත්පැනට වියදම් කර බලවත් සේ රෝගාතුරව රෝහල් ගත කළ ත්‍රිරෝද රථ රියැදුරකු පිළිබඳ පුවතක් ඉකුත්දා මැදරට ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.

ජීවිතයේ පනස් වැනි වියේ පසුවූ මොහු කුඩා දරුවන් පස් දෙනකුගේ පියෙකි. ලීසිං වාරික ගෙවීමේ පදනම මත ගත් ත්‍රිරෝද රථයෙන් සිය අඹුව, දරුවන් හා වයෝවෘද්ධ මවුපියන් පෝෂණය කිරීමේ අදිටනින් කුලී ගමන් යමින් පවුල් ජීවිතය ගැටගසා ගත්තේ මොහුගේ පමණක් නොව බිරිඳගේද නොමඳ උත්සාහය නිසාය.
විවාහ දිවියේ මුල් කාලයේ මත්පැන් පානයට ගිජුව සිටි මොහු බිරිඳ හා දරුවන් හිංසනයට පත් කිරීමේ වරද මත ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ කීපවතාවක්ම සමාව ඉල්ලා සිටියේ නැවත මත්පැන් පානය නොකරන බවට බිරිඳ හා දරුවන් ඉදිරිපිට පොරොන්දු වෙමිනි.
පෝලිමට එක්වී තෙදිනක් ගතවුවද ඉන්ධනහලට ඉන්ධන නොලැබුණි. දිවා රෑ ඉන්ධන පෝලිමේ ගත කළ ත්‍රිරෝද රථ රියැදුරාට අත්හැර දමා තිබූ මත්වතුර පානය කිරීමේ පුරුද්ද යළි සිහි ගැන්විණි. රිසි සේ ගතවූ දින තුනේම මිතුරන් සමග මත්පැනින් සප්පායම් වූ හෙතෙම ආහාරපාන සඳහාද මුදල් වැය කළේය. සුරාව හේතුවෙන් සිහි විකල් වූ මොහුට මුදල් පසුම්බිය හිස්වන බවට වගේ වගක් නොදැනුණි.
මත්පැන් පානය නිසා නිධන්ගතව තිබූ අසනීප තත්ත්වය උත්සන්න වීමෙන් ත්‍රිරෝද රථ රියැදුරු දැන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, පවුල නඩත්තු කිරීමේ අභියෝගය හමුවේ බිරිඳ අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ගම්මු පවසති.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිරිඳගේ කනකර උකස්කර ඉන්ධන පෝලිමට ගිහින් සුර්වී රෝහලේ
fairoos Sunday, 17 July 2022 05:07 PM
මේවට වගකියන්න ඕනේ මේ කාලකණ්ණි දේශපාලකයින්...