පෝද්දල සරත් ආනන්ද ගමගේ
අනියම් සම්බන්ධයක් ඇති කරගත් විවාහක බිරිඳ පොලිස් පොතේ ලියා අනියම් පුරුෂයාට බාරදී ඔවුන් දෙදෙනා පිටත්ව යන අවස්ථාවේ තම ඥාති හිතවතුන් සමග රතිඤ්ඤා දල්වමින් ප්රී්රතිය පළකල සැමියකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වේ.
ශබ්ද විකාශන යන්ත්‍ර කුලියට දෙන ව්‍යාපාරයක් සිය ගම් ප්‍රදේශයේම පවත්වාගෙන යමින් සිටි අපේ කතානායකයා විවාහ වී සිටියේද ඒ ආසන්නයේම ගමකිනි. විවාහයෙන් දරුවන් තිදෙනෙකුද ලබා සිටි මෙම යුවළගේ වැඩිමහල් දියණියට වයස අවුරුදු 15කි.
සාර්ථක විවාහ දිවියක් ගෙවමින් සිටි මෙම යුවළගේ කැදැල්ලට කණකොකා හඬන්නේ ඇගේ මව රෝගීවීමත් සමගය. රෝහල් ගත කරන ලද මවගේ සාත්තුවට රෝහලේ නතරවන ඇය මවගේ ඇඳ අසල අනෙක් ඇඳේ සිටි රෝගී මවක බැලීමට එන පුතෙකු සමග හාදකමක් ඇතිකර ගන්නීය. මෙම කාන්තාවගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අගනුවර ජාතික රෝහල වෙත මාරුකර යැවූ අතර අනෙක් ඇඳේ සිටි රෝගී මව මියගියාය. ඇගේ පුතා අනෙක් මව ළඟ සිටි කාන්තාව අතර ඇති වූ සම්බන්ධය ජාතික රෝහලේදී දළුලා වැඩී ඇත.
මාස දෙකහමාරක්ම කොළඹ සිටි මව ඇගේ නිවසට රැගෙන ඒමෙන් පසු දියණිය තම නිවසේ රැඳී නොසිට නිතර නිතරම මව බැලීමට යන බව පවසමින් නිවසින් පිටව යාම පිළිබඳව සැක සිතූ ඇගේ ස්වාමි පුරුෂයාට ඇගේ අනියම් ඇසුර පිළිබඳ තොරතුරු සොයා ගත්තේය.
ඇගේ ජංගම දුරකතනයේ තිබුණු සිම් කාඩ්පතක් ඔස්සේ අනියම් සැමියා හඳුනා ගන්නා ඔහු එම පුද්ගලයා සමගද කතාබහ කර බිරිඳගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඇති වූ කතා බහ දුරදිග ගොස් බිරිඳ සිද්ධිය පොලීසියටද පැමිණිලි කර ඇති අතර ඔවුන්ට දරුවන් ගැන සිතා සමගියෙන් සිටින ලෙස පොලිසිය දැනුම්දී ඇත. අනියම් ඇසුර පවත්වාගෙන යාම සඳහා මෙම කාන්තාව ඇඟලුම් කම්හලක රැකියාවකටද යොමුවී ඇත.
අවසානයේ ඇය ස්වාමියාගේ දෙපා වැඳ සියල්ල හෙළි කර ඇත. ඇගේ ප්‍රේමවන්තයා ඇය බාරගැනීමට කැමති නිසා ඔහු සමග යන බවත් දරුවන් තිදෙනාද රැක බලාගෙන සිටින ලෙසත් සැමියාට පවසා ඇත.
සැමියා සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව තිදෙනාම පොලීසියට කැඳවා නැවත සමාදාන කිරීමට උත්සාහ කළද ඇය තමාට ප්‍රේමවන්තයා සමග යාමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියාය. ඇය ප්‍රේමවන්තයා සමග යන බවත් ප්‍රේමවන්තයා ඇය බාරගන්නා බවත් පොලිස් පොතේ ලියා දෙදෙනා පිටත්ව ගියහ.
මේ අවස්ථාවට එක්ව සිටි විවාහක සැමියාගේ ඥාති හිතවතුන් විසින් රතිඤ්ඤා දල්වමින් සතුට ප්‍රකාශ කළ පුවතද ප්‍රදේශයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිරිඳ අනියම් සැමියාටදී සැමියා රතිඤ් පත්තුකරලා