කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ
ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තක් උදෙසා අරමුදල් ලබා ගැනීම සඳහා සංවිධානය කළ මහා සල්පිලක් ගාල ගෝට්ටියකින් නිමාවට වූ පුවතක් මහනුවරට නුදුරු දුම්බර ප්‍රදේශයේ ගම්මානයකින් පසුගිය දා වාර්තා විය.
මහා සල්පිල් වෙන්දේසිය තරුණයන් පිරිසක් විසින් ක්‍රීඩා පිටියේ සූදානම් කර තිබිණි. උත්සවය සඳහා ප්‍රදේශයේ ප්‍රභූහු පිරිසක් සහ ප්‍රදේශවාසීහු පිරිසක් ද එක්ව සිටියහ.
උත්සව සභාවෙන් පසු සල්පිල ආරම්භ වූ අතර මල්වට්ටි, රසකැවිලි, පලතුරු වර්ග ඇතුළු විවිධ දේ සල්පිලේ වෙන්දේසියේ විකිණීම ආරම්භ විය.
කාලය කෙමෙන් ගත වෙත්ම වෙන්දේසියේ කටයුතු උණුසුම් වන්නට තවත් සල්පිල් භාණ්ඩක් ඉදිරිපත් වූයේ කාගේත් උද්‍යෝගය වැඩි කරමිනි. ඒ අතරතුරේ දී සල්පිල සඳහා ඉදිරිපත් වූයේ මත්පැන් හා බීර බෝතල් කිහිපයකි .ආරම්භයේ දී ඒ සඳහා වැඩිහිටි පිරිසක් විරෝධයද මතු කළහ.
නමුත් විරෝධතාව ද නොතකා, සල්පිලට එක්වූ පිරිස් මත්පැන් හා බීර බෝතල් ලංසු තබන්නට වූහ. අවසානයේ ඉහළ මිලක් ගෙවා ඒවා මිල දී ගැනීමට ද ඔවුහු සමත් වූහ.
මිල දී ගත් වහාම පිරිස මත්පැන් බෝතල පානය කරමින් ජය සැමරීමට පටන් ගත්හ. මේ වන විටත් සල්පිල පැවති අතර පිරිස තැනින් තැන එක්වීමත් මත්පැන් බෝතල සල්පිලට තැබීම ගැනත් සාකච්ඡාවට ලක්විය.
මේ අතර මත්පැන් පානය කළ පිරිස මත්වී ගී ගයමින් නටන්නටත්, සල්පිල වෙත පැමිණි පිරිසට උසුළු, විසුළු කරන්නටත් පටන්ගත් අතර එය අවසානයේ සීමාව ඉක්මවා යන්නට විය.
අවසානයේදී බීමත්ව සිටි පිරිස ගැටුම් ඇතිකර ගැනීමට පටන්ගත් අතර සල්පිල එකම ගාලගෝට්ටියක් බවට පත් විය.
මෙය දුටු වැඩිහිටි පිරිස් “නහින දෙහින කාලේ, අපිටත් මේ නාඩගම් බලන්ට වුණානේ” යැයි පවසමින් දෙස් දෙවොල් තබමින් තරුණයන් අතර ගැටුම් පොලිසියට නොගොස් නිරාකරණය කිරීමට මැදිහත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd