IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බූරු පොළට මළ ගෙදරින් ගේමක්දී කට්ටියක් කුණු වළේ


(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනි)
මළ ගෙදරක ඔට්ටුවට බූරු ගැසූ පිරිසක් පොලිසියට බියේ දුවගොස් විශාල වළකට වැටී තුවාල වූ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


මළ ගේ පිහිටියේ වෙළඅද්දරක පිහිටි ඉඩමකය. රාත්‍රී වෙනකොට මළගෙදරට පැමිණි පිරිසගෙන් ඉඩම පිරී ගියේය.


පැමිණි පිරිසගෙන් පිරිමි කිහිපදෙනෙක් බූරු ගැසීමට සුදානම් විය. මළගෙදර අය ඊට විරෝධය පෑහ. බූරු ගැසීමට කතිකාකරගත් පිරිස අසල වත්තක බූරු ගැසීම පටන් ගත්හ.


බූරු පොළට ඒකා දෙන්නා වැඩිවිය. බූරු ගැහිල්ලද ඉහළින්ම පැවැත්විණි.


මැදියම් රැය විය. පොලිස් ජීප් රියක් පාරේ එහා මෙහා ගියේය. මේ අතර මළගෙදර සිටි කෙනෙක් පොලිසියෙන් යැයි කියා සංඥාවක් දුන්නේය. ඊට බියවූ බූරුපොළේ සිටි පිරිස මුදල් එතැනම දමා දස අතේ දිව්වෝය. පිරිසක් වෙළ අද්දර තිබූ කුණු දමන ගැඹුරු වළකට වැටිණි. එහි  තිබූ වීදුරු කටුවලට කැපී කටු ගස් වලට හීරී ඔවුහු තුවාල වූහ.


ඇතැම් පිරිස් තම තමන්ගේ නිවෙස්වලට ගියහ.


තුවාල වූ පිරිස ලේ පිටින්ම නැවත ඒම ස්ථානයටම ආවේ දමා ගිය සල්ලි හොයා ගැනීම සඳහාය. එහෙත් එතැන සල්ලි නොතිබුණි. බූරු කුට්ටමේ කොළ ටිකක් පමණක් විය. සල්ලි අන්තරස්දාන වී තිබිණි. බූරු කාරයින්ට මෙහෙම වෙන්න ඕනෑ, කියා මළ ගෙදරට පැමිණි දෙතුන් දෙනෙක් මුමුණන්නට වූහ. තුවාල කරුවන්ට මෙම කියමන නොරිස්සුවේ පොලිස්  කතාව මළගෙදර සිටි අයකු දුන් ගේමක් බව නොදැනය.



අදහස් (0)

බූරු පොළට මළ ගෙදරින් ගේමක්දී කට්ටියක් කුණු වළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site