කරුවලගස්වැව - ජයරත්න
ගමේ පොලී මුදලාලි සිය නිවෙස දෙසට පැමිණෙනවා දැක කලබලයට පත් පුද්ගලයකු ඒ බව ගෙමිදුලට වී පුංචි පුතුට බත් කවමින් සිටි බිරිඳට ද පවසා ගෙතුළට ගොස් සැඟවී සිටියදී පුතු විසින් ඒ බව මුදලාලිට පැවසීමෙන් සිදු වූ අලකලංචියක් පිළිබඳ පුවතක් රජරට ප්‍රදේශයේ ගමකින් වාර්තා විය.මෙහිදී අදාළ ගෙහිමියා විසින් මාස කිහිපයකට උඩදී ගමේ කවුරුත් දන්නා කියන පොලී මුදලාලිගෙන් කිසියම් මුදලක් මාසිකව පොලිය ගෙවන පදනම මත ලබාගෙන ඇති අතර ඊට මාසයක පොලිය නියමිත දිනට ගෙවීම ඔහුට සති දෙකකින් පමණ ඒ වනවිටත් ප්‍රමාදව තිබී ඇත.
ඒ අනුව මුදලාලි සිය නිවෙස දෙසට පැමිණෙන්නේ ඒ බව තමන්ගෙන් විමසීමට යැයි මෙහිදී ගෙහිමියාට ඇතිවූ සැකය මත වහාම ක්‍රියාත්මක වී ඇති ඔහු වෙලාවේ හැටියට කළ යුතු හොඳම දේ නම් මුදලාලි ඇවිත් ආපසු යනතුරු සැඟව සිටීම යැයි ක්ෂණිකව තීරණය කර ඇත. ඒ අනුව මුදලාලි පැමිණ තමන් ගැන විමසුවහොත් කොහේ ගියාදැයි නොදන්නා බව පවසන ලෙසට පුංචි පුතු ඉදිරියේ බිරිඳට ද පවසා ඇති ඔහු සිය නිවෙස තුළටම ගොස් එහි කාමරයක සැඟව සිට ඇත.
ගෙහිමියා සිතුවා සේම මුදලාලි පැමිණ “කෝ මහත්තයා එහෙම පේන්න නැත්තෙ” යැයි ගෙහිමියාගේ බිරිඳගෙන් විමසා ඇති අතර එවිට සැමියා කී පරිද්දෙන්ම ඇය ද “කොහේ ගිහින්ද දන්නෑ මුදලාලි.. මාත් මේ පුතාව මොන්ටිසෝරියෙන් අරන් ටිකකට කලින් ගෙදරට ආවෙ.. එතකොටත් එයා පේන්න හිටියෙ නෑ. සමහරවිට කුඹුර පැත්තෙ යන්න ඇතියි..” ඇය එහිදී පොලී මුදලාලිට මුසාව පවසා ඇත.
මෙහිදී අම්මා කී බොරුව අසා තුෂ්ණිම්භූත වූ පුතු බත් කෑම පසෙකලා “ඇයි අම්මා බොරු කියන්නෙ. අපේ ටීචර් කියල තියෙන්නෙ බොරු කියන්න එපා කියල. බොරු කියන්නෙ නරක අය කියලත් ටීචර් කීවා. අම්මත් හරි නරකයි. තාත්ත මාමා එනවා දැකල ගෙට ගියා හැංගෙන්න. මම දන්නව තාත්තා හැංගුණු තැන...”
මෙහිදී පුතුගේ එම කතාවෙන් උගුර කට වේළී ගියාක් මෙන් හැඟීමක් දැනුණු මව කරකියාගත හැකි දෙයක් නැතිව වටපිට බලද්දී කාරණය තේරුම්ගත් මුදලාලි “හරි හරි කමක් නෑ.. මම මේ සල්ලි එහෙම බලන්න ආව නෙවෙයි. වෙන වුවමනාවකට එයාව හම්බවෙන්න කියල. කියන්නකො උවමනාවකට මම ඇවිත් ගියා පුළුවන්නම් හවස දිහා මාව ඇවිත් හම්බවෙන්න කියල”
එසේ කියා මුදලාලි පිටව ගොස් ඇති අතර, මුදලාලි පිටව ගිය බව දැන ගෙයින් එළියට ආ ගෙහිමියා ඉන්පසු බිරිඳ හා දරුවා කොහේදැයි සොයා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd