IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


බර කතාවකින් රහසක් එළිවෙලා

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
ඔන්ලයින් හරහා 3 ශ්‍රේණියේ දරුවන්ට බර මැනීම පිළිබඳව ගණිත පාඩමක් කරමින් සිටියදී බර මනින ඒකකය හඳුන්වා දුන් ගණිත ගුරුවරයාට එම කෙටි යෙදුමේ තවත් අපූරු අර්ථයක් ගැන ගුරුවරයාට කියා දුන් සිසුවකු පිළිබඳ වයඹ පළාතෙන් වාර්තා වූ රසවත් පුවතකි මේ.


එය ඔන්ලයින් හරහා 3 ශ්‍රේණියේ දරුවන් සඳහා නොමිලේ ඉගැන්වූ ගණිත පාඩමකි. එයට සූම් තාක්ෂණය හරහා දරුවන් 150ක පමණ පිරිසක් සහභාගි වී සිටි අතර පාඩම මෙහෙයවූ ගුරුවරයා එදින දරුවන්ට ඉගැන්වූයේ බර මැනීම පිළිබඳ පාඩමකි.


“දරුවනේ, අද මං ඔයාලට කියා දෙන්න යන්නේ බර මැනීම පිළිබඳවයි. අපි බර මැනීම යොදා ගන්න ඒකකය කිලෝ ග්‍රෑම්. අපි කේ.ජී. කියලා භාවිත කරනවා. අපි වෙළෙඳසලට ගිහිල්ලා සීනි කිලෝ ග්‍රෑම් එකක්, අල කිලෝ ග්‍රෑම් දෙකක් ආදී වශයෙන් තමා ඉල්ලන්නේ. අපි ප්‍රමාණය ලියද්දී අංකය ලියලා කේ.ජී. කියලා (KG) යොදනවා.”


පාඩමට සම්බන්ධ වී සිටි 3 ශ්‍රේණියේ සිසුවෙක් ගුරුවරයාට මෙසේ පැවැසුවේය.


“අනේ සර්, මම නම් ඔය කේ.ජී. කියන අකුරු දෙකටත් කැමැති නෑ. අපේ ලොකු අයියාට මාස 3ක් හිරේ ඉන්න වුණේ ඔය කේ.ජී. හින්දා. ඒවා පාවිච්චි කළා, ප්‍රවාහනය කළා කියලා. කේ.ජී. කියන්නේ හරිම නරක දෙයක්.”


ගුරුවරයාට එක් වරම දරුවා කියන දෙය වැටහුණේ නැත. 


“අනේ පුතේ ඔය කියන දේ මට හරියට තේරෙන්නේ නෑ. කැඩි කැඩී ඇහෙන්නේ. ඔයා මොකක්ද ඔය කියන්නේ.”


“අනේ සර්, ඕක දන්නේ නැද්ද? කේ.ජී. කියන්නේ ‘කේරළ ගංජා’ කියන එක. ඒවා පාවිච්චි කරලා තමා අපේ අයියා හිරේට ගියේ.

කේරළ ගංජා කියන දේට යෙදෙන කෙටි යෙදුම තමා කේ.ජී. කියන එක.”


ගුරුවරයාට කාරණය වැටහුණේ එවිටය. 



අදහස් (0)

බර කතාවකින් රහසක් එළිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site