IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බයිට් නැති වුණාම බිරියයි දරු දෙන්නයි කළුවරේ තියලා

හසලක - සුනිල් ඒකනායක


බයිට් එකට පිසීමට නිවෙසට රැගෙන ආ මස් පාර්සලය අතුරුදන් වීම පිළිබඳව උරණ වූ දෙදරු පියකු බිරිය සහ කුඩා දරුවන් දෙදෙනා පැය තුනක පමණ කාලයක් නිවෙසේ කළුවරේ තැබූ පුවතක් දුම්බර ප්‍රදේශයෙන් වාර්තා විය.

එදිනෙදා කුලී රැකියාවෙන් සිය ජීවන ගමන ගෙන යන ඔහු තිස් හය හැවිරිදි වියේ පසු වන දෙදරු පියෙකි. ඇතැම් දිනවල වැඩ නිම වී නිවෙසට පැමිණෙන විට මත් වතුර යම් ප්‍රමාණයක් සහ එය පානය කිරීමට කටගැස්ම සඳහා මෙන්ම දරුවන්ගේ ආහාරයට ද අවශ්‍ය මස් ප්‍රමාණයක් ද රැගෙන එයි. එය බිරිය සකස් කර දීම ද සාමාන්‍ය දෙයකි. 

මත් වතුර පානය කළත්, නිවැසියන්ට හෝ අසල්වාසීන්ට හෝ කරදරයක් නැති කෙනකු වූ ඔහු, මෙදින වැඩ අහවර වී නිවෙසට පැමිණියේ සවස 5ට පමණය. එන විට මස් පාර්සලයක් ද රැගෙන ඒමට අමතක නොකළේය. 

නිවෙසට ගොඩ වූ ඔහු බිරිඳට කතා කොට කීවේ, ‘මේ මස් ටික හොඳට හදාලා දරුවන්ටත් දීලා මටත් තියන්න, මම චූටි ගමනක් ගිහිල්ලා එන්නම්’ කියාය. රැගෙන ආ මස් පාර්සලය සාලයේ කුඩා මේසයක් මත තබා ඔහු නිවෙසින් පිටව ගියේය.

ඒ වන විට ඇය සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහාය වෙමින් දරුවන් සිටි කාමරයේ සිටියාය. සැමියා පැවැසූ දේ ගැන ඇයට නිනව්වක් නොවීය. දරුවන්ගේ වැඩවලට ඇය තවදුරටත් උදව් කරමින් සිටියේ කුඩා දරුවා මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත හෙයිනි.

පැයක පමණ කාලයකින් පසු ඔහු නිවෙසට පැමිණි අතර, නිවෙසට ගොඩ වූ ඔහු බිරියගෙන් විමසුවේ, ‘කෝ අරක හැදුවා නම් ගමුකෝ’ කියාය. එහෙත්, ඇයට සැමියා පවසා ගිය කාරණය මතක නැත. 
‘මොනවා ද?’ ඇය ඔහුගෙන් විමසුවාය. ‘ඇයි මම මෙතන තියපු මස් පාර්සලය. මම කියලා ගියේ උයා තියන්න කියලා.’ යැයි ඔහු පැවැසීය. ඇය පැවැසුවේ, එවැනි පාර්සලයක් මේසය මත නොතිබූ බවත්, තිබුණා නම් එය වෙනදා මෙන් සකස් කර තබන බවත්ය.

එම වදනින් පසු ඔහු නිවෙසේ සොයා බැලුවේ තමන්ට අමතක වී වෙනත් තැනකවත් මස් පාර්සලය තැබුවාවත්දෝයි කියාය. එහෙත් කිසිම තැනක එම පාර්සලය දක්නට නැත. මෙයින් තදබල ලෙස කිපුණු ඔහු පැවැසුවේ, ‘මේ පාඩම් කිරිල්ලක් නිසා ගෑනිත් දරුවොත් එක්කම මැරෙන්න හදනවා. මහන්සි වෙලා එන මට නිවී සැනසිල්ලේ බත් කටක් කන්නවත් හරිගස්සලා දෙන්නේ නැහැ. ඉඳපල්ලා අද උඹලට හොඳ වැඩක් කරන්නම්’ කියා නිවෙසට විදුලිය සපයන ප්‍රධාන ස්විචය ගලවා අතට ගෙන, ‘හා දැන් පාඩම් කරපල්ලාකෝ’ කියා එම ස්විචය ද රැගෙන නිවෙසින් පිටව ගියේ නිවෙසේ සැමටම දොස් නගමිනි.

විදුලිය විසන්ධි කර සැමියා නිවෙසින් පිටව ගිය පසු ඇය ඉටි පන්දමක් දල්වා නිවෙස ආලෝකමත් කරන්නට පියවර ගත් අතර, සැමියා පැවැසූ මස් පාර්සලය පිළිබඳව ද ඇය දරුවන් සමග සොයා බැලුවත් එවැන්නක් දැකගත නොහැකි විය.

ඔහු පෙරළා නිවෙසට පැමිණියේ පැය තුනක පමණ කාලයකින් පසුවය. එසේ පැමිණි ඔහු රැගෙන ගිය විදුලි ස්විචය නැවත සවිකර, දරුවන්ගෙන් සහ බිරිඳගෙන් සමාව ඉල්ලා සිටියේ, තමන්ට ආ කේන්තියට මේ වගේ වැඩක් කළත් එයට සමාව ලබා දෙන ලෙසත්, මින් මතු මේ දහජරාව කටේ නොගාන බවත් පවසමිනි. මෙවැනි දෑ මින් ඉදිරියට නොකරන බවත්, මේසය මත තබා ගිය පාර්සලය නිවෙසට ඇතුළු වූ බල්ලකු හෝ රිළවකු හෝ රැගෙන යන්නට ඇති බවත් පවසමිනි.



අදහස් (0)

බයිට් නැති වුණාම බිරියයි දරු දෙන්නයි කළුවරේ තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site