IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
හේ එදා නගරයේ ඖෂධ අලෙවි සලකට ගියේ අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් මිලදී ගැනීමටය. ඒ ඊයේ පෙරේදා මිලදීගත් අලු‍ත්ම යතුරු පැදියෙනි. යතුරු පැදිය එම අලෙවි සල ඉදිරිපිට නවතා ඔහු ගියේ යතුරු පැදියේ යතුරු එහි කටේ තිබියදීය.ඒ හදිස්සිය නිසාමය. ඒ යන විටත් එම ඖෂධ අලෙවි සලේ කිහිපදෙනෙක්ම රැදී සිටියහ. ඖෂධ මිලදී ගත් ගමන්ම ඔහු යතුරු පැදියේ නැගී නිවසට ආවේය.
මිදුලේ යතුරු පැදිය නවතා ඔහු නිවස තුළට ගියේය. අලු‍ත් යතුරු පැදියට ලොබ බැදගත් ලොකු පුතා යතුරු පැදිය අත පත ගාමින් සිටියදී තමන්ගේ අලු‍ත් යතුරු පැදියේ නොතිබූ දෙයක් දුටුවේය.
ඒ රෙදි කඩක ඔතා යතුරු පැදියේ හැඩලයේ ගැටගසා තිබූ පඩුරකි. මේ යතුරු පැදියද තමාගේම යතුරු පැදිය සමානම අලු‍ත්ම එකකි. එහි තිබූ එකම වෙනස මේ පඩුරය. මේ වෙනස දුටු ලොකු පුතා පියාට කෑගසා කීවේ මේ තමන්ලාගේ යතුරු පැදිය නොව වෙනත් එකක් බවය.
ලොකු කොලූගේ වචනය මායිම් නොකළ මේ අප්පා එය ගණනකට නොගෙන සිටියේය. එහෙත් කොල්ලා ගේම අත හැරියේම නැත. ඒ නිසාම ඔහුට මේ ගැන සොයා බැලීමට සිදුවිය. දෙයියනේ මේ තමාගේ යතුරු පැදිය නොවන බව ඔහුට කරුණු කාරණා කිහිපයකින්ම ගම්‍යවිය.ඒ යතුරු පැදියේ අංක තහඩුව ඉන් එකකි.අනෙක දුවපු කිලෝමීටර් ගණනය.පඩුරද තවත් එකකි. නමුත් තමන්ගේ යතුරු පැදිය මෙන්ම මෙය ද අලු‍ත් එකකි.පැහැයද එසේමය.වර්ගයද එකය.
කොලූගේ කීම පිළිගත් මේ තාත්තා හනිකට එම යතුරු පැදියෙන්ම නැවතත් තමා ඖෂධ මිලදී ගත් ඖෂධ අලෙවි සලට ගියේ යතුරු පැදියේ මාරුව ඇර ගැනීමටය.නියම අයිතිකරුට මේ යතුරු පැදිය දී ඔහුගේ යතුරු ලබා ගැනීමටය. ඔහු එහි යනවිට තමාගේ යතුරු පැදිය නැති බව දුටුවිට තරු පෙනුනේය.


යතුරු පැදියක් සොයන කෙනෙක්ද නොදුටුවේය.ඔහුගේ ඉහමොළ ගිනි ගත්තේය.තමාගේ යතුරු පැදිය සොයාගෙන මේ යතුරු පැදිය නියම අයිතිකරුට ලබාදීමට කලබලය නිසාම ක්‍රමයක් ඔහුට අමතකවී තිබුණේය.මේ පිළිබදව ඇසූ අයෙක් ඔහුට උපදෙසක් දුන්නේය. ඒ තමාගේ බල ප්‍රදේශයේ පොලීසියට මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමය.
ඒ අනුව ඔහු අහුන්ගල්ල පොලීසියට ගියේය.තමාටවූ අලි අකරතැබ්බය ගැන කීවේය. පොලීසිය ඔහු රැගෙන ආ යතුරු පැදිය පරීක්ෂා කළේය. එහි අංක තහඩුව රජයෙන් නිකුත් කළ එකක් නොවින.එම යතුරු පැදියේ අයිතිකරු රජයෙන් අංක තහඩුව නිකුත් කරන්න කලියෙන් තමාගේ යතුරු පැදියේ අංක තහඩුව ව්‍යාජව සාදාගෙන තිබුණි.ඒ පොලිසියෙන් බේරෙන්න අංක තහඩුව ලැබෙන තෙක් එය පැදීමටය.මෙහි ඇති වැරැද්ද පොලීසිය වටහා දුන් විට ඔහුට තවත් තරු පෙනුනේය.
කෙසේවෙතත් පොලීසිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට කතා කොට මේ යතුරු පැදියේ අංක තහඩුව ඇතුළු අනෙකුත් තොරතුරු සමග එහි හිමිකරු අනාවරණය කර ගත්තේය. එම පුද්ගලයාද බලපිටිය අවට පදිංචි අයෙකි. මේ තොරතුරුත් එක්ක ඔහු ඔහුගේ නිවස සොයා ගියේය. එහි යනවිට තමා පැදගෙන යන යතුරු පැදියට සමානම යතුරු පැදියක් එම නිවස ඉදිරිපිට නවතා තිබුණේය.ඔහු එහි යනවිට එම නිවැසියා සිටියේ ඉස්තෝප්පුවේ සෝපානයක් මත දුම්වැටියක් දල්වාගෙනය.
මේ යතුරු පැදි හුටපටය ගැන ඔහු නිවැසියා සමග කීවිට ඔහු කීවේ නිවස ඉදිරිපිට නවතා ඇත්තේ තමාගේම යතුරු පැදිය බවය.එය මිලදී ගත්තේ ඊයේ පෙරේදා බවය.ඒ නගරයේ යතුරු පැදි අලෙවි සලෙන් බවත් කීවේය.ඔහු මෙය පිළිගත්තේම නැත. එවිට ඔහු කීවේ තමා බැන්ඳ පඩුර යතුරු පැදියේ තිබේද යන්න බලන ලෙසය.එසේම යතුරු පැදියේ අංක තහඩු බලන ලෙසය.
කාරණය පිළිගත් දෙදෙනාම යතුරු පැදිය මාරු කරගෙන ඇත්තේ ඖෂධ අලෙවි සල ඉදිරිපිටින් මුලින්ම යතුරු පැදිය මාරු කරගෙන එන්නට ඇත්තේ කවුරුන්ද යන්න දෙන්නාගේම සිතට ප්‍රශ්නාර්ථයක් එක් කරමින්ලු‍.

 



අදහස් (1)

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා

fairoos Tuesday, 06 May 2025 05:43 PM

මේකනම් දෙයියෝ සාක්කි තමයි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site