IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


බාබර්ගේ වෙදකමෙන් ආච්ච්ගේ දත් කැක්කුම සනීප වෙලා

වයෝවෘද්ධ කාන්තාවකට හදිසියේ හටගත් දත් කැක්කුමක් සඳහා කරණවෑමියකුගෙන් ප්‍රතිකාර ලබා ගත් පුවතක් හාරිස්පත්තුවට ආසන්නයේ ගමකින් පසුගිය දිනෙක වාර්තා විය.
අදාළ සිද්ධියට මුහුණ පෑ කාන්තාවට ඉකුත් දිනයක දරා ගැනීමට නොහැකි දතේ අමාරුවක් සෑදිනි. ඒ අනුව එම කාන්තාව පසුදා උදෑසනම නගරයේ පිහිටි ප්‍රසිද්ධ දන්ත වෛද්‍යවරයකු සොයා ගොස් ඇත්තේ ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණිනි.
දන්ත සායනය පිහිටි ස්ථානය ගොඩනැගිල්ලක ඉහළ මාලයක පිහිටා තිබූ අතර ඊට යාබදව නවීන පන්නයේ කොණ්ඩා කැපීමේ ‍සැලු‍නයක් ද පිහිටා තිබිණි.
ඉතා අසීරුවෙන් එය පිහිටි ස්ථානයට ගොඩ වූ කාන්තාව වෛද්‍ය මධ්‍යස්ථානය වසා තිබූ බැවින් වෛද්‍යවර‍යා ‍පැමිණෙනතුරු යාබදව පිහිටි සැලු‍නය වෙත ගොස් තොරතුරු විමසන්නට වූවාය.


එහිදී අනාවරණය වූයේ වෛද්‍යවරයා පැමිණීමට තවත් පැය කිහිපයක පමණ කාලයක් ගතවෙන බවය. ඒ අනුව කරණවෑමියාගේ ආරාධනාව පරිදි කාන්තාව එම ස්ථානයේම සුව පහසු අසුනක ඈදි ගත්තේය.
කාලය කෙමෙන් ගත වන්නට වූ නමුත් වෛද්‍යවරයාගේ පැමිණීම තවත් ප්‍රමාද වන්නට වූ අතර සැලු‍නයේ වායූසමන යන්ත්‍රයෙන් ගලා එන සීතල වායු ධාරාව නිසා කාන්තාවගේ දතෙහි කැක්කුම තව තවත් වැඩි වන්නට විය.
එය දරා ගැනීමට නොහැකි වූ තැන ‍කෙඳිරි ගාමින්, අනේ පුතේ මට හොඳටම අමාරුයි, දොස්තර මහත්තයා අද එන්නේ නැහැ වගේ නේද?, මට මොනව හරි කරලා මේ දත ගලවලා දෙන්න බැරිද යැයි’ කරණවෑමියාගෙන් නිතර නිතර විමසන්නට වූවාය.
මෙය අසා සිටි කරණවෑමියාට තමන් සිදු කරන කොණ්ඩේ කෑපීමේ රාජකාරිය පවා හරි හැටි ඉටු කර ගැනීමට නොහැකි වූයේය.
කාන්තාවගේ කංකරච්චලය අසා සිටීමට නොහැකි තැන එයට විසඳුමක් කල්පනා කළ කරණවෑමියාට අවසානයේ දී කදිම අදහසක් පහළ වූයේය. ඒ අනුව ඔහු විසින් කාන්තාවගේ දත පරීක්ෂාකර, දත නම් හොඳට තියෙනවා, තව කාලයක් තියා ගන්න පුළුවන්, මම දතේ අමාරුවට බෙහෙත් දෙන්නම් කියා, තම හිසේ අමාරුවට බීමට ගෙනවිත් තිබූ ජනප්‍රිය වේදනා නාශක පෙති දෙකක් බීමට ලබා දී සහ තවත් ජනප්‍රිය ආලේපයක් ඇයගේ දතේ අමාරුව පවතින තැන ආලේප කර කඩිනමින් නිවස බලා පිටත් කර හැරීමට තීරණය කළේය.
එසේ ප්‍රතිකාර ලබා දීමෙන් පසු නිවස බලා යන්නට හැරුණු මොහොතේ කාටත් ඇසෙන ලෙස කාන්තාව ‘මගේ පුතාගේ බෙහෙත් වලට ‍ගොඩක් ස්තූතියි. අඩු වුණේ නැත්නම් දත ගලවා ගන්න දවසක එන්නම්’ යයි කීවාය. එය අසා සිටි කොණ්ඩා කැපීමට පැමිණි සිටි තරුණ පිරිසට සිනහව වාවා ගනු නොහැකි වූහ.

 

කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ

 



අදහස් (0)

බාබර්ගේ වෙදකමෙන් ආච්ච්ගේ දත් කැක්කුම සනීප වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site