IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බේබදුකම මට්ටු කරන්න ගිය

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
බේබදු සැමියා මට්ටු කරන්නට දුන් දඬුවමින් අලි අමාරුවක වැටුණු බිරිඳක් පිළිබඳව දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


දවස පුරාම වෙහෙසවී රෑ බෝවී ඔහු නිවසට එන්නේ ෂොට් එකක් දෙකක් දාගෙනය. ඒ ගමේ බඩුය. ගතේ මහන්සිය නිවා ගන්නේ ඔහු එසේය.


පුරුද්දකට මෙන් රාත්‍රි කෑම වේල ගන්නාවිට ඔහු භාර්යාව සමග රණ්ඩු සරුවල් කර ගන්නේය. බොහෝ දිනට එය කෙළවර වන්නේ භාර්යාවට තඩි බෑමෙනි. රාත්‍රි කෑම වේලේ ලු‍ණු අඩු වැඩි වීම මේ දබරයට ආසන්නතම හේතුව වේ. මීට වෙනස් කාරණා නැත්තේද නොවේ. ඒවා අල්පය.


සැමියාගේ තඩි බෑම ඉවසා බැරිම තැන එදා රාත්‍රියේ ඇය තමාගේ කෙස් වැටියෙන් අල්ලාගෙන පහර දෙන්න සූදානම් වූ විට ඔහුගේ අත තදින් සපාගෙන සිටියාය. ඇය එය කොතෙක් තදින් සපා කෑවා දැයි කිවහොත් ලේ පනිනතෙක්ම අත් හැරියේ නැත. භාර්යාවගේ කටෙන් අත මුදවා ගැනීමට ඔහු භාර්යාවගේ කෙස් වැටිය අතහැර ඇයගේ කට මිරිකා අත මුදාගෙන පස්ස නොබලාම දිව ගියේය. ඒ පස්සේ බිරිය දිවගියේ ඔහේ හිටපිය කියමිනි. ඔහු ගේ වටේම දිවගියේය. භාර්යාව ද ඔහුගේ පස්සෙන්ම පැන්නුවාය. දිවගෙන යාමට නොහැකි වූ ඔහු හතිලමින් නැවතුණේය.


පස්සෙන් පන්නාගෙන ආ භාර්යාව ඔහුගේ අත අල්ලාගෙන එහි හිරව තුබූ බොරු දත් දෙකතුන ගලවා ගත්තේ මේ දෙදෙනාගේ ධාවනය බැලීමට පැමිණ සිටි අසල්වාසීන්ට ද පෙනෙන ලෙස දැඩි අපහසුතාවට පත්වෙමින්ලු‍. 

 



අදහස් (0)

බේබදුකම මට්ටු කරන්න ගිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site