(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
බේබදු සැමියා මට්ටු කරන්නට දුන් දඬුවමින් අලි අමාරුවක වැටුණු බිරිඳක් පිළිබඳව දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
දවස පුරාම වෙහෙසවී රෑ බෝවී ඔහු නිවසට එන්නේ ෂොට් එකක් දෙකක් දාගෙනය. ඒ ගමේ බඩුය. ගතේ මහන්සිය නිවා ගන්නේ ඔහු එසේය.
පුරුද්දකට මෙන් රාත්‍රි කෑම වේල ගන්නාවිට ඔහු භාර්යාව සමග රණ්ඩු සරුවල් කර ගන්නේය. බොහෝ දිනට එය කෙළවර වන්නේ භාර්යාවට තඩි බෑමෙනි. රාත්‍රි කෑම වේලේ ලුණු අඩු වැඩි වීම මේ දබරයට ආසන්නතම හේතුව වේ. මීට වෙනස් කාරණා නැත්තේද නොවේ. ඒවා අල්පය.
සැමියාගේ තඩි බෑම ඉවසා බැරිම තැන එදා රාත්‍රියේ ඇය තමාගේ කෙස් වැටියෙන් අල්ලාගෙන පහර දෙන්න සූදානම් වූ විට ඔහුගේ අත තදින් සපාගෙන සිටියාය. ඇය එය කොතෙක් තදින් සපා කෑවා දැයි කිවහොත් ලේ පනිනතෙක්ම අත් හැරියේ නැත. භාර්යාවගේ කටෙන් අත මුදවා ගැනීමට ඔහු භාර්යාවගේ කෙස් වැටිය අතහැර ඇයගේ කට මිරිකා අත මුදාගෙන පස්ස නොබලාම දිව ගියේය. ඒ පස්සේ බිරිය දිවගියේ ඔහේ හිටපිය කියමිනි. ඔහු ගේ වටේම දිවගියේය. භාර්යාව ද ඔහුගේ පස්සෙන්ම පැන්නුවාය. දිවගෙන යාමට නොහැකි වූ ඔහු හතිලමින් නැවතුණේය.
පස්සෙන් පන්නාගෙන ආ භාර්යාව ඔහුගේ අත අල්ලාගෙන එහි හිරව තුබූ බොරු දත් දෙකතුන ගලවා ගත්තේ මේ දෙදෙනාගේ ධාවනය බැලීමට පැමිණ සිටි අසල්වාසීන්ට ද පෙනෙන ලෙස දැඩි අපහසුතාවට පත්වෙමින්ලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd