IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බේබදු සැමියාට අපූරු බයිට් එකක්

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
ඇඳිරි නීති සමයේ නිවෙසේ අගහිඟ තිබියදී, ඒවා පසෙක ලා  මත්පැන් පානය  කරන සැමියාට අපූරු කටගැස්මක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් කුරුණෑගල දිසාවේ  එක්තරා පෙදෙසකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය:-


රට පුරා පවතින ඇඳිරි නීතිය ⁣හා ආදායම් අහිමි වීමෙන් දිනෙන් දින පවුලේ  අගහිඟද ඉහල යමින් තිබුණි. දරුවන් තිදෙනකු සහිත  පවුලේ  එදිනෙදා  අවශ්‍යතා සඳහා බිරිඳ ණය තුරුස් වී  ලබා දෙන මුදලින්ද  සැමියා මත්පැන් පානය කිරීම හේතුවෙන් බිරිඳ මහත් පීඩාවට ලක්ව සිටියාය.


 මෙදිනද පොලියට ගත් මුදලට බඩු තුණ්ඩුවක්ද ලියා දී ඒවා රැගෙන එන ලෙස බිරිඳ සැමියාට බාර දුන්නේ  තමන්ට කුඩා දරුවාද රැගෙන පාරට බැසීමට නොහැකි නිසාවෙනි.


 මින් මහත් සතුටට පත්වූ සැමියා මගට බැස්සේ මත්පැන් ගැණීමේ සිහිනයටද ඉව අල්ලමිනි. මග නැවතුන සැමියා  බිරිඳ දුන් බඩු තුණ්ඩුව අතට ගෙන එහි ප්‍රමාණයන් වෙනස් කරමින් මත්පැන් ගැනීමට අවැසි මුදලද ගලපා ගත්තේය.


 බඩු ටිකක් ද රැගෙන සවස් වී බීමත්ව පැමිණෙන සැමියා දුටු බිරිඳටද මළ පැන්නේලු‍. තමා ලියා දුන් බඩු ප්‍රමාණ අඩුව හා ඇතැම් බඩු වර්ග නොමැති වීමද බිරිඳගේ කේන්තිය දෙගුණ තෙගුණ  වූයේලු‍.


  සැමියාට බැණ වැදුන බිරිඳ  සියල්ල ඉවසා දරාගෙන කුස්සියට ගොස් වහා උයා පිහා දරු තිදෙනාට කන්නට දුන්නේලු‍. සැමියා කාමරයට වී මත්පැන් බොමින් පදම් වී බිරිඳගෙන් කටගැස්මක් ඉල්ලමින් කෑ ගැසුවේ මේ අතරතුරය.


“නෝනේ මට කරවල කෑල්ලක් බැදලා ගේනවද”‍ සැමියා කීප වරක් කෑ ගසද්දී බිරිඳට තවදුරටත් යකා නැග්ගේ බඩු මල්ලේ කරවල නොතිබීම හේතුවෙනි.


    සැමියාට අමතක නොවන  හොඳ කරවල බැදුමක් දීමට අදහස් කළ බිරිඳ කුස්සියට ගොස් ලිපේ තිබූ නිවී ගිය දර අඟු‍රු  ටිකක් දීසියට දමා සැමියා ළඟින් ගෙනගොස් තැබුවේලු‍. බීමත්ව සූර් වී සිටි සැමියා අඳුරේම අතපතගා අඟු‍රු කමින් මත්පැන් බීවේය.


”‍මේ ගෑනිට හරියට කරවල කෑල්ලක්වත්  බැදගන්න බෑනේ. ඒකත් කර කරනවා ”‍....යැයි  සැමියා කියනු ඇසුණ බිරිඳ කාමරයට වී තනිවම සිනාසුණේ එතුවක් වේලා සිතට නැගී තිබුණ කේන්තිය ද අකා මකා දමමිනි.

 



අදහස් (0)

බේබදු සැමියාට අපූරු බයිට් එකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site