IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා

බෑනා වවන්න ගෙනා බීජ අල දුටු නැන්දම්මාට හොදි රහ දැනිලා

තම බෑනණ්ඩිය විසින්  ගෙවත්තේ වගා කිරීම පිණිස වැඩි මුදලක් ගෙවා රැගෙන ආ බීජ අර්තාපල් තොගයක් තම්බා  හොද්දක්   පිළියෙල කර ආහාරයට ගත් බව කියන නැන්දම්මා කෙනෙකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු රජයේ   සේවකයෙකි.  විවේක පාඩු අවස්ථාවලදී  සිය ගෙවත්තේ විවිධ බෝග වගා කරනු ලැබුවේ විනෝදාංශයක් සේම නිවසේ ආර්ථීකයට ශක්තියක් වශයෙනි..
තක්කාලි, බටු, මිරිස්, බෝංචි, ගෝවා ආදී එළවළු වර්ග මෙන්ම ගොටුකොළ මුකුණුවැන්න, කංකුං ආදී විවිධ පළා වර්ග ද ඔහුගේ ගෙවත්තේ අඩුවක් නොවිණි.
පසුගිය දිනෙක කිසියම් අවශ්‍යතාවක් සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශය වෙත  ගිය මොහොතක බීජ රෝපණ මධ්‍යස්ථානයකින් බීජ අර්තාපල් කිලෝ ග්‍රෑම් දෙකතුනක් මිලදී ගත්තේ වෙළඳපොළේ සාමාන්‍ය මිලට වඩා වැඩි මුදලක් ගෙවීමෙනි.
සුරක්ෂිතව රැගෙන ආ අර්තාපල් ගෙඩි ටික පාත්ති සකස් කරන තෙක් ඔහු සිය නිවසේ ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර තැබුවේ   බීජ වලට කිසියම් හානියක් සිදුවේයැයි පරිස්සමිනි.
එහෙත් මේ කිසිත් නොදත් ඔහුගේ නැන්දනිය වැස්සට තෙමුණු බීජ අර්තාපල් අල මෙලෙස තුනී කර ඇතැයි සිතා ඒ සියල්ල රෙදි කෑල්ලකින් පිස දමා එහි තිබූ මදක් වැඩුණු මොටෙයියන්ද ඉවත්කර ඉන් කොටසක්   රාත්‍රි ආහාරය සඳහා ලිප තැබුවේ සිය බෑනණ්ඩියට සිතින් පින් ප්‍රාර්ථනා කරමිනි.

මේ අතර  ඔහු සේවාව නිම වී නිවසට පැමිණෙද්දීම ඔහුට දැක ගන්නට ලැබුණේ බීජ අර්තාපල් වලින් පිටතට වැඩුනු මොටෙයියන්  කීපයක් මිදුලේ තැන තැන වැටී ඇති අයුරකි.
කඩිමුඩියේ නිවසට ගොඩ වූ හෙතෙම සිය බීජ අර්තාපල් තැන්පත් කළ ස්ථානය පරීක්ෂා කර බැලු‍වද ඒවා එහි දක්නට නොලැබිණි.
අවසානයේ ඔහු සිය නැන්දම්මාගෙන් ඒ පිළිබඳ විමසද්දී ඇඟට පතට නොදැනී ඇය පවසා ඇත්තේ ‘අනේ පුතේ වැස්සට තෙමිච්ච අර්තාපල්වල මොටෙයියොත් ඇවිත්.  මං අන්න ඒ ටික කඩල කොටසක්  රෑට හොදි හදන්නට තැම්බෙන්නට තිව්වා යනුවෙනි.
‘‘අනේ මෙහෙමත් ගෑණියක් යැයි  තමන්ට කියාගත් හෙතෙම හිස අත ගසා ගත්තේ ඒ වෙනුවෙන් වූ ගෙවූ අධික මුදල ගැනද සිහිපත් කරමිනි.  

වියලුව  -  වාර්තාකරු

අදහස් (0)

බෑනා වවන්න ගෙනා බීජ අල දුටු නැන්දම්මාට හොදි රහ දැනිලා

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site