කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත
සමකාලීන ක්‍රීඩකයන්ගේ බත් පැකැට්ටුවේ බිත්තරයට විද බිත්තර කටුවකවත් හැංඟීමට ඉඩක් නොදී මිතුරන් දෙදෙනකුට ලැබුණු අපූරු දඬුවමක් පිළිබඳ කතාවක් ඇසෙන්නේ බලපිටියෙනි.
එකෙක් කහවේ වේරගොඩය. අනෙකා බලපිටියේ වැල්ලබඩය. දෙදෙනාම අඹ මිතුරෝය. ඔවුනට තවත් මිතුරෝ සිටියහ. මේ මිතුරන් දෙදෙනාගෙන් එකෙක් ක්‍රීඩකයකුය. අනෙකා චිත්‍ර ශිල්පියකුය. දෙදෙනා අමාරුකාරයෝය. ඔවුහු දෙදෙනා මිතුරකුට වුවත් යම් අකරතැබ්බයක් සිදුකර සිනාසීමට රුසියෝය.
එදා බලපිටිය ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක තරගයක් පැවතියේය. මේ මිතුරෝ දෙදෙනා තවත් මිතුරකුගේ අලුත්ම පාපැදියක් ඉල්ලාගෙන එම තරගය නැරඹීමට ගියෝය. ක්‍රීඩාංගණයට ගිය ඔවුන් දෙදෙනා දුටු හිතවත් තරග පුහුණුකරු ඔවුන්ගෙන් උදව්වක් ඉල්ලුවේය. ක්‍රීඩා කරන ඔවුන් දෙදෙනාගේ මිතුරන් විසි දෙනකුට බිත්තර කෑම එක බැගින් බිත්තර කෑම විස්සක් රැගෙන එන ලෙසය.
කලාකාර මිත්‍රයා එයට පසුබසිද්දී ක්‍රීඩක මිතුරා ඔහුට ඇසක් ගසා එය බාරගන්න යැයි ඉඟියක් කළේය. ඒ අනුව ඔහු එය බාරගත්තේය. මිතුරාගෙන් ඉල්ලාගත් පාපැදිය තමන්ගේ එකක් මෙන් ඔවුන් දෙදෙනා බලපිටිය නගරයේ කෑම කඩයකට ගියහ. සිය අවශ්‍යතාව වෙළෙඳසල් හිමියාට කීහ.
මුදලාලි... කෑම පාර්සල් විස්සේම බිත්තර වෙනම බෑගයක දමා දෙන ලෙස ක්‍රීඩක මිතුරා මුදලාලිගෙන් ඉල්ලා සිටියේය. මුදලාලි එය ඉටුකරමින් එළවළු ජාති ඇතුළත් කෑම පාර්සල් විස්ස බැඳ බිත්තර විස්ස වෙනම කවරයක දමා ඔවුන් දෙදෙනාට දුන්නේය.
කෑම පාර්සල් රැගෙන ඔවුන් දෙදෙනා ක්‍රීඩාංගණයට එන අතරවාරයේදී බිත්තර විස්ස ඇතුළත් කවරය මිතුරියකගේ නිවසේ තබා කෑම පාර්සල් ටික පමණක් ක්‍රීඩාංගණයට ගෙන ගියහ.
එය ක්‍රීඩා පුහුණුකරුට ලබාදුන් පසු ඔවුහු හනික ආපසු ඒමට පිටත් වූහ. ඔවුන් දෙදෙනා පැමිණියේ අර මිතුරියගේ නිවසටය. මිතුරියගෙන් ලොකු වතුර වීදුරු දෙකකුත් ඉල්ලාගෙන තමන් දී ගිය තැම්බූ බිත්තර විස්ස එකතු වී කොටා බෑහ. ඒ සිනහ වෙමින්ය.
නිවසට ගිය ඔවුන් දෙදෙනාට රෑ වෙන්න වෙන්න ඔක්කාරයටත් බඩ රිදි රිදී වැසිකිළියේ ළඟින්නත් සිදුවිය. එම රෝග ලක්ෂණ අඩු නොවූ බැවින් ඔවුන්ගේ අම්මා තාත්තා ඔවුන් දෙදෙනාටම ප්‍රතිකාර ලබාදීමට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට රැගෙන ගියහ. එහිදී ඔවුන් දෙදෙනාගේ රෝගය පරීක්ෂා කළ වෛද්‍යවරු රෝග නිධානය පිළිබඳව තොරතුරු විමසූහ. අකමැත්තෙන් වුවත් සිය මිතුරන්ට තමන් විහිළුවට වුවත් කළ නොහොබිනා ක්‍රියාව පිළිබඳව වමාරන්නට සිදුවිය.
එය කටින් කට ප්‍රචාරය වීමත් සමගම ඔවුන් දෙදෙනාට සතියක් දෙකක් යන තෙක් සමාජයෙන් වහන් වී සිටීමට සිදුවුවත් ඇතැමුන් බිත්තරයෝ යයි කියන්නේ ඔවුන් කළ වැඩේ තමන් දන්නා බවද හඟවමින්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd