IMG-LOGO

බිත්තර ඉල්ලුවාම කඩේ කෙල්ල ඇගට ගොඩවෙලා

  • ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර

සිල්ලර වෙළෙඳසලකට ගිය තරුණයකු එහි සිටි තරුණියකට ඉක්මනට බිත්තර දහයක් දමා දෙන්නැයි කියූවිට ඇය එම තරුණයාගේ ඇඟට ගොඩවීමේ සිද්ධියක් ගාලු‍ දිස්ත්‍රික්කයේ නගරයකින් වාර්තාවේ.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
මේ දිනවල පවතින බිත්තර හිඟය නිසා බොහෝ වෙළෙඳසල්වල බිත්තර විකිණීමට නැත. කඩයක දෙකක බිත්තර විකිණීමට ඇතත් ඒවාත් විකුණන්නේ හොර රහසේය.

හොර බිත්තර විකුණන කඩයකට ගිය තරුණයෙක් එහි සිටි වෙළෙඳ සේවිකාවකට කතා කර මට ඉක්මනට බිත්තර දහයක් දමා දෙන්නැයි ඉල්ලා සිටියේය. ඒ ඔහුගේ පෙම්වතිය ලබාගත් කේක් ඇණවුමක් සඳහා පාවිච්චි කිරීමටය. පියකරු වුවද කඩිසර තරුණියක නොවූ ඇය හෙමි හෙමිහිට කවරයකට බිත්තර දමමින් සිටියාය. 

තරුණයා ඇය අසලට ගොස් ඉක්මනට බිත්තර දහයක් දමා දෙන්නැයි තරුණියට කියා සිටියේ පෙම්වතිය පෙරමග බලා සිටිනා බව දන්නා නිසාය. එවිට තරුණිය තරුණයා දෙස ටිකක් රවා බැලූවිට කෙකරගගා ඉන්නෙ නැතුව මට ඉක්මනට බිත්තර දහයක් දාල දෙනවකො යැයි ටිකක් ශබ්දයෙන් කීවේය.

මෙයින් ලජ්ජාවට පත් තරුණියට යකා නැග්ගේය. 

‘‘හිතුවද මම කිකිළියෙක් කියල. ඔයාට හරියන කිකිළියෙක් සොයල බිත්තර දම්මව ගන්නව.”‍ යනුවෙන් කියූ ඇය බිත්තර දමමින් සිටි කවරය බිත්තර පෙට්ටිය උඩ තබා කඩය තුළට යන්නට ගියාය.
ලජ්ජාවට පත් තරුණයාද බිත්තර නොගෙනම එළියට බැස ගියේය. ‘‘කොහොමද බිත්තර දම්මවා ගත්තැදැයි මිතුරන් අසනවිට දැන් ඔහුටත් තදවෙනවාලු‍.



අදහස් (0)

බිත්තර ඉල්ලුවාම කඩේ කෙල්ල ඇගට ගොඩවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 316 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 492 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 196 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site