IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


බේත් ගන්න අරක්කු බෝතලයක් ගෙනත්

බෙහෙත් ගේන්න ආයුර්වේද වෛද්‍යවරයකු ළඟට ගොස් එහි දමා තිබූ “බෙහෙත් ගැනීමට බෝතලයක් රැගෙන එන්න”‍ පුවරුව දැක ගල් අරක්කු බෝතලයක් රැගෙන ගිය පුද්ගලයකු පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය 
ඔහු ගමේ කුලී වැඩ කර ජීවත් වන පුද්ගලයෙකි. ඔහු ලැබෙන වැඩක් කර මුදලක් සොයා ගනිමින් ජීවිකාව රැගෙන යයි. දරුවන් තිදෙනකු සිටින ඔහු ජීවිකාව රැකගෙන ගොස් ඇත්තේ අසීරුවෙනි. මේ අතර දිනක් ඔහු වත්තක වැඩක් කරමින් සිටියදී ඔහුගේ තුනටියේ අමාරුවක් සෑදී තිබේ. නූගත් ඔහු අත් බෙහෙත් කරමින් සිට ඇති අතර එන්න එන්නම තුනටියේ කැක්කුම වැඩිව තිබේ. 
ගමේ අය මොහු පිළිබඳව දැන ඔහුන්ගේ කුලිවැඩ අතපසු වන බැවින් අල්ලපු ගමේ සිටින වෙද මහතකු පිළිබඳව ඔහුට පවසා ඇත. ඔහු එම වෙද මහතා සොයා ගොස් ඇති අතර එහි ගසා තිබූ පුවරුවක් දැක දෙවියන් සිහිව ඇත්තේ අතේ මුදල් වැඩිපුර නොමැති නිසාය. එම වෙද සාප්පුවේ ගසා ඇත්තේ “බෙහෙත් ගන්න එන විට බෝතලයකුත්”‍ රැගෙන එන ලෙසය.


එලෙස පුවරුවක් ගසා ඇත්තේ බෙහෙත් ලබාදීම සදහාය. මෙය වැරදියට වටහා ගත් මොහු ආපසු බාර් එකකට ගොස් බෝතලයක ගාන අසා බෝතලයක් ගැනීමට මුදල් මදි හෙයින් බාගයක් මිලට ගෙන ඇත්තේ බාගෙට හරි වෙද මහතා වෙදකම කරයි යැයි සිතාය. අරක්කු බාගෙත් රැගෙන වෙද මහතා මුණ ගැසුනු ඔහු මුලින් සීල් බාගය වෙද මහතාට පිරිනමා තිබේ. අන්දුන් කුන්දුන් වූ වෙද මහතා මේ මොකද්ද යැයි අසා ඇති අතර එවිට ඔහු ‘‘ඉස්සරහා බෝඩ් එකේ ගහලා තියෙන්නේ බෝතලයක් කියලා’’ සල්ලි මදි නිසා භාගයක් ගෙනාවා, අනේ කොහොම හරි ලෙඩේ ගොඩ දාලා දෙන්න යැයි පවසා ඇත.
 කාරණය අවබෝධ වූ වෙද මහතා කොක් හඩලා සිනාසෙමින් මුදල් අය නොකර ප්‍රතිකාර කර ඇත්තේ අරක්කු බාගය ප්‍රතික්ෂේප කරමිනි. ආපසු ඒමට මුදල් නොමැතිව ගමට පයින් ආ ඔහුට මගදී මුණ ගැසුනු මිතුරෙකු පවසා ඇත්තේ”‍ මේ තියෙන්නේ ලෙඩේට ​ෙඖෂදේ කියාය. බාගය පානය කර ඔහු ආපසු ගොස් ඇති අතර නොමිලේ ලැබුණු අඩිය ගැන මිතුරා ගොස් ඇත්තේ වෙදගෙදර බෝඩ් එකට පින් දෙමිනි.

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අදහස් (0)

බේත් ගන්න අරක්කු බෝතලයක් ගෙනත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 433 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site