(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
තෙල් හිඟය පවතින මෙවන් කාලයක අවිවාහක පුත්‍රයාට මනාලියක් බැලීමට යාම වෙනුවෙන් යතුරු පැදියට රුපියල් පන්සීයක පෙට්‍රල් ලබාගත් පුවතක් පසුගිය දිනක අසන්නට ලැබිණි.

සිද්ධියට අනුව රාජ්‍ය ආයතනයක සේවය කළ හතළිස් විය පසුකර සිටි තම වැඩිමහල් සොහායුරියගේ පුත්‍රයාට විවාහය සඳහා තරුණියක සෙවීමේ කටයුත්ත බාර ගන්නා ලද්දේ මාමණ්ඩි තම යුතුකමක් ලෙස සලකාගෙනය.
තවත් රජයේ කාර්යාලයකම සේවය කළ මෙම මාමණ්ඩි සූර කපටිකම්ලින් මිනිසුන්ගෙන් යමක් කඩා වඩා ගැනීමට උපන්ගෙයි සමතකු බව ඔහු ඇසුරු කළ කාගේත් පිළිගැනීම විය.
පසුගිය දිනක තම වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයාට ඇමතුමක් දී තමන් වෙත විවාහපේක්ෂිත තරුණියක සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් ලැබුණු බව දැන්වීය. ඒ අනුව රජයේ නිවාඩු දිනයක අදාළ තරුණිය බැලීමට යාමට කතිකා කරගත් අතර එම ගමන තම යතුරු පැදියේම යා හැකි බවත් ඔහු සඳහන් කළේය.
කතිකාකරගත් දින උදෑසනින්ම පුත්‍රයාගේ නිවසට පැමිණ ඔහුද රැගෙන තරුණිය බැලීමට පිටත් විය. ඒ අතරතුර උදෑසන ආහාර නොගත් බව පවසමින් උදෑසන ආහාර වේලක්ද ගමන් මග තිබූ හෝටලයකින් ලබාගත්තේ එයද පුත්‍රයාගේ බිලට එකතු කරමිනි. හෝටලයෙන් යහමින් සප්පායම් වී අසල වෙළෙඳසලකින් මනාලියගේ නිවෙසට යාමට කේක් හා කෙසෙල් ඇවරියක්ද මිලදී ගත්තේය.
මෙසේ මනාලියගේ නිවෙසට උදෑසන දහය පමණ වන විට ඔවුන් පැමිණි අතර නිවසේ අය සමඟ සතුටු සාමීචියේ යෙදී තේ පානයෙන් පසුව නැවත නිවස බලා පිටත් විය. ඒ අතර තරුණිය සම්බන්ධයෙන් කැමැත්තද පුත්‍රයාගෙන් විමසා බැලුවේ ඔහුගේ අදහස දැන ගැනීමේ අපේක්ෂාවෙනි. මේ අතරතුර ගමන්ගත් යතුරු පැදිය ඉන්ධන පිරවුම් හලක් අසල නතර කළේය.
ඉන්ධන හලේ පෙට්‍රල් ලබා ගැනීමේ ස්ථානය කරා යතුරු පැදිය රැගෙන ගොස් ඉන් රුපියල් පන්සීයක ඉන්ධන ලබා ගත් මාමණ්ඩිය මේ දවස්වල තෙල් කියන්නේ රත්තරන් වගේ ඒ නිසා පුතාගේ වැඩේ හරියන්නත් කියලා ඕක ගෙවලා දාන්න යයි පැවසුවේ කිසිදු ගණනකට නොගෙන යි.
එය ඇසූ පුත්‍රයා ඉන්ධනහලට රුපියල් පන්සීයක් ද ගෙවා, කෙල්ලත් කළුයි, වයසත් වැඩියි, වැඩේට දෙදාස් පන්සීයක්ම ගියා, මාමාගේ හැටිත් තවත් වතාවක් දැනගත්තා යයි තමන්ටම කියා ගත්තේය.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෑණාට මනාලියක් බලන්න ගිහින් මාමා තෙල් බිලකුත් කඩාගෙන