කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
අපූරු රෑ වැඩ මුරයක් කළ උපස්ථායිකාවක පිළිබඳ කතාවක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ.
හතළිහ නොඉක්මවූ ලියකි. රෝහලක උපස්ථායිකාවකි. වැඩි කැමැත්තක් දැක්වූවේ රෑ වැඩ මුරයටය. දිවා කාලයේ නිවෙසේ වැඩක් කළ හැකි නිසා තමා මෙසේ රෑ වැඩ මුරයට කැමැති බව සිය ස්වාමියාට කියූ වාර අනන්තය, අප්‍රමාණය. සැමියා ද එය අනුමත කළේය. ‘රෑ වැඩ මුරයට ගියත් කරන්නේ නිදාගන්න එක’ යයි ඇය පුරසාරම් ද නිතර නිතර දෙඩවූවාය. එයත් වන්නට ඇතැයි ද සැමියා සිතුවේය.
භාර්යාව එදා රෑ වැඩය. හරි හරියට වැඩය. රෑ කෑම කන්නට ගිය සැමියාට භාර්යාව කෑම කෑවා දැයි චිත්ත සන්තානයට ආවේ, ඔහුට ආ ඉක්කාව නිසාය. ඔහු සිතුවේ භාර්යාව තවම නොකා ඇතිය යන්නය. ඒ බව දැනගැනීමට ඔහු දුන් දුරකතන ඇමතුමට සම්බන්ධ වූ ඇය කීවේ ‘හරියට වැඩ’ කියාය. රිය අනතුරකින් රැගෙන ආ පිරිසක් නිසා තමන් බිසී බව ද ඇය කීවාය. ඒ නිසා දුරකතන ඇමතුම් නොගන්නා ලෙස ද ඇය ඉල්ලා සිටියාය. සැමියාට භාර්යාව පිළිබඳව දුක සිතුණේය.
‘අනේ මගේ ප්‍රියම්භිකාව නිදි මරාගෙන රෑ වැඩ කරන්නේ’ යයි සිතූ සැමියා, ඇය ආරක්ෂා කර දෙන ලෙස තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් ද ඉල්ලා සිටියේය. හෙට උදේ නිවෙසට පැමිණියහොත් ඇයට නිවෙසේ කිසිදු වැඩපලක් කිරීමට ඉඩ නොදෙන්නේ යයි සිතමින් සිය දරු තිදෙනා සමග එකට ගුලි වී නින්දට ගියේය.
බාල දියණිය බඩ රිදෙනවා යයි කියමින් මොර දුන්නේ මධ්‍යම රාත්‍රියේදීය. නිවෙසේ තිබූ බෙහෙත් හැන්දක් දෙකක් දුන්නේ එය අඩු වේ යයි අනුමාන කරමිනි. එය සාර්ථක නොවීය. නොදරුවාගේ බඩේ රිදීම එන්න එන්නම වැඩි විය. කරන්න කිසිම දෙයක් ඔහුගේ මොළයට නොආවේය. බැරිම තැන භාර්යාවට දුරකතන ඇමතුමක් ගත්තේය. රිසිවරයෙන් ආ කාන්තා කටහඬින් කීවේ, මේ මොහොතේ මේ දුරකතනය සම්බන්ධ කරගත නොහැකි බවය.
දැරියගේ බඩ රිදිල්ලේ තරම වටහා ගත්තේ කෑමොර ශබ්දයෙනි. ඒ මදිවාට දරුවා වමනය දැමීමට ද පටන්ගත්තේය. ඔහු ලොකු දරුවාත් නැගිට්ටවාගෙන භාර්යාව රෑ වැඩ මුරය කරන රෝහලට යතුරුපැදියෙන් ගියේය. දියණිය වෛද්‍යවරයාට පෙන්වන අතර සිය භාර්යාව රෑ වැඩ මුරය කරන්නේ කොහිදැයි විපරම් කළේය. ඒ පිළිබඳ දන්නා අයකු කීවේ, ඇයට රෑ වැඩ අද නැති බවය. ඔහුට දෙවියන් බුදුන් සිහි විය. දියණිය රෝහලේ වාට්ටුවක නතර කෙරිණ.
සිය භාර්යාව රෑ වැඩ මුරය කරනුයේ මේ රෝහලේ නොව හෝටල් කාමරයක, මේ රෝහලේම උපස්ථායකයකු සමග බව ඔහුට දැනගන්නට ලැබිණ. කාලයක් තිස්සේම ඇය මේ රෑ වැඩ මුරය කරන බව ද දැනගන්නට ලැබිණ. ඔහුට එදා උදේ උදා වීමට බොහෝ කාලයක් ගත වී ඇත්තේ භාර්යාවට අතේ හයිය පෙන්නා ඇගෙන් වෙන් වීමට තිබූ දැඩි උනන්දුවම නිසාලු.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඩේ රුදාවෙන් කෙරුවාව අහු වෙලා
රිතික් Sunday, 02 February 2025 09:40 PM
කතාවලටත් වඩා මේ අඳින කාටුන් තමා මරු.