IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


බඩු ආනයන බලපත අවුරුදු 300 කින් දීර්ඝ කරලා

(තිහගොඩ - උපසේන ලියනගම)
බස්නාහිර පළාතේ විදේශීය භාණ්ඩ ආනයනයට සම්බන්ධ ආයතනයකි. විදේශවලින් යම් යම් භාණ්ඩ ආනයනය කිරීම සඳහා වාර්ෂික බලපත් දීම මෙම ආයතනයෙන් සිදුකළ අතර බලපත‍්‍රලාභී සමාගම් වාර්ෂිකව තම බලපත‍්‍ර අලූත් කරගත යුතු විය.


මෙම ආයතනය පසුගියදා නිවේදනක් නිකුත් කළේ වසරක් සඳහා දී ඇති බලපත‍්‍ර 2015 වසරට අලූත් කර ගන්නා ලෙසයි.


මේ නිවේදනය ලද එක් සමාගමක් තමා වෙත පසුගිය වසරේ දුන් බලපත‍්‍ර 2015 වසරට අලූත් කර ගන්නා ලෙසයි. මේ නිවේදනය ලද එක් සමාගමක් තමා වෙත පසුගිය වසරේ දුන් බලපත‍්‍රය පරීක්‍ෂා කළවිට අන්දමන්ද වූයේ එම බලපත‍්‍රය 2014.01.01 සිට 2405.01.01 දක්වා වසර තුන්සිය අනූ එකකට දිගු කර දී ඇති බව පෙනි ගිය හෙයිනි. තවත් වසර තුන්සිය අනුවක් තමාගේ බලපත‍්‍රය වලංගු බව එම සමාගම අදාළ ආයතනයට විහිළුවට කීවත් ඔවුන් සමාවගෙන එය නිවැරදි
කර දුන්නාලූ.



අදහස් (0)

බඩු ආනයන බලපත අවුරුදු 300 කින් දීර්ඝ කරලා

රෙජි-සිඩ්නි Thursday, 23 October 2014 11:53 PM

ඔය වගේ අත්වැරදි නොවෙන්නේ කාටද? නමුත් ආයතනය එම නිවේදනය යවන විට කියවා බැලිය යුතුය.එසේම සමාගම එම නිවේදනය ලැබුණු විටද කියවා බැලිය යුතුය. (නි)

:       0       0

නලීන් Monday, 27 October 2014 04:03 AM

ස්වාමීන් වහන්සේලාට නැටුම් සාමාර්ථය දුන්න රටේ මේවත් වැඩද කිවුවලු (නි)

:       0       0

සමන්ති Friday, 24 October 2014 01:07 AM

අත්සන්කරන නිලධාරියා කියවා බලන්නේ නැතිකමයි මෙයට හේතුව. (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 25 October 2014 11:28 AM

අපෝ ඕවත් වැඩද. පහුගිය දවස්වල ජාතික හැදුනුම් පතේ පිරිමි ගැහැණු පවා මාරුවෙලා තිබ්බේ. (නදී)

:       0       0

කුමාරි Friday, 24 October 2014 04:55 AM

ගණන් ගන්න එපා. මුද්‍රණ දෝෂයක්. කියවා නොබැලුව එකේ වරද. (නදී)

:       0       0

රූපවතී Friday, 24 October 2014 05:04 AM

රජයේ ඇතැම් ආයතනවල සේවකයන් කිසිම වගකීමකින් තමන් කරන දේ ගැන නිසි මානසිකත්වයකින් නොවෙයි වැඩ කරන්නේ. ඒ නිසා අපිට මෙවැනි දේවල් සාමාන්‍යයි අද රටේ (නදී)

:       0       0

කටුගස්තොට Friday, 24 October 2014 07:38 AM

යතුරුපැදි වලට ආසනපටි දඩකොළ වගේ මේ තවත් එකක් (නි)

:       0       0

කලීල් බංඩාරවෙල Sunday, 26 October 2014 06:52 AM

රාජකාරියේ තරම පේනවා (නදී)

:       0       0

ශාන්ත Thursday, 23 October 2014 09:09 PM

මෙහෙම වැරැද්දක් වුණාම මේ ආයතනයට යම්කිසි කාලසීමාවකට අලුත් බලපත්‍රයක් නොමිලයේ ලබාදිය යුතුයි. කාලයකට ඉස්සර නවසීලන්තයේ සංචාරයකට ආ කෙනෙකුට ගුවන් තොටුපළේදී වැරදිලා රටේ ස්ථිර පදිංචිය දෙන සීල් එක පාස්පොර්ට් එකේ ගහලා තිබුනා. ඒ නිසා ඒ කෙනාට රටේ ස්ථිර පදිංචිය දුන්නා වෙන කිසිම දෙයක් සළකන්නේ නැතුව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1269 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1223 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site