(උණවටුන – ඩී.ජී. සුගතපාල)
මැදි වයස ඉක්ම වූ රාජ්‍ය සේවකයකු වන ඔහු විනෝදකාමියෙකි. ඉඩ ලද සෑම අවස්ථාවකම මිතුරන් සමග සෙට් වීම ඔහුගේ සිරිතය. එසේ වූ සමහර දිනවල ඔහුට නිවසේදී අමුතු අමුතු සිදුවීම්වලට ද මුහුණ පෑමට ද සිදුවිය.

පඩි ගත් දිනයට පසු දින ඔහු සිරිත් පරිදි මිතුරකු සමග අවහන්ලකට ගොඩවිය. මිතුරා ද රාජ්‍ය සේවකයකු නිසා දෙදෙනාම පාවිච්චි කළේ එකම වර්ගයේ බෑග් දෙකකි. එදා වැසි දිනයක් ද වූ නිසා අවහන්හලේ සිටි කාලය දැනුණේ ද නැත. දෙදෙනොගේම බෑග් තබා තිබුණේ එකම තැනය. මේ අතර මිතුරා සාක්කුවේ තිබූ යමක් ගෙන එය බෑගයේ දැමුවේය. වැස්ස තුරල් කර පසු දෙදෙනාම විසිර ගියේ බෙල්ල සාක්කුවේ වැටෙන තරටම රත්වීමෙන් පසුවය.
ඔහු නිවසට ගොස් කෙළින්ම ගියේ කාමරයේ ඇඳ සොයා ගෙනය. ප්‍රමාදයට හේතුව දැනගෙන සිටි බිරිය ද ඇඳ සූදානම් කර තිබුණාය. පසු දින උදෑසන අවදි වී කාර්යාලයට යාමට සූදානම් වූ ඔහුට බිරියගේ වෙනසක් දැනිණ. වෙනදා මෙන් නොව දැඩි කෝපයකින් සිටින බවක් පෙනිණ. “ඇයි මොකද අද ඔයාට වෙලා තියෙන්නේ” ඔහු ඇසුවේය.
“වෙලා තියෙන්නේ ද? කොහේද ඊයේ ගියේ? මේ මොනවා ද?” අසමින් ඇය ඔහුගේ බෑගයේ තිබූ උපත් පාලන කොපු පැකැට්ටුවක් ගෙන ඔහුගේ ළඟට විසි කළාය. ඔහුට තරු විසිවිය. මෙය තමාගේ බෑග් එකට ආවේ කෙසේදැයි ඔහුට ද ගැටලුවක් විය. එහෙත් බිරියගෙන් ඔහුට කිසිම ගැලවීමක් නැත. මිතුරා වැරැදීමකින් මෙය තමාගේ බෑග් එකට දමන්නට ඇතැයි ඔහු සිතුවේය. එනිසා ඔහු වහාම දුරකතනයෙන් මිතුරා ඇමතුවේය.
“හරි මචං මම ඊයේ රෑ ක්ලබ් එකේදි මගේ බෑග් එක කියල හිතාගෙන ඕක දාලා තියෙන්නේ උඹගේ බෑග් එකට. සොරි මචං.. එනකොට ඕක අරගෙන වරෙන්” මිතුරා පිළිතුරු බැන්දේය. එහෙත් එම පිළිතුර බිරියගෙන් බේරීමට තරම් නිදහසට කාරණයක් නොවීය.
“හරි යනවකෝ අද මමත් එන්නම් ඔය යාළුවා හම්බ වෙන්න” බිරියගේ සිත සන්සුන් නැත. එදින උදේ සහ දහවල් ආහාරය ද නැතිවම ඔහු කාර්යාලයට ගියේය. එහෙත් බිරිය දහවල් කෑම පාර්සලයක් ද රැගෙන කාර්යාලයට ආවාය. එහිදී මිතුරා ද කැටුව ඇය වෙත පැමිණි ඔහු සිද්ධිය යළිත් මිතුරාගේ අත් වැරැදීමකින් සිදු වූ බවට කියා සිටියේය.
මිතුරා ද ඇය ඉදිරියේ වැඳ වැටෙමින් තමාගේ අතින් සිදුවූ වරද පිළිබඳ සමාව ඉල්ලා මෙය පවුලේ ආරවුලක් කර නොගන්නා ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ඇයගේ සැකය වූයේ දෙදෙනාම එකට හොර ගමනක් ගොස් ඇති බවය. පසුව ඇය නිවසට ආවත් දින ගණනක් යනතුරු ඔහු සමග කතාබස් කළේ නැත.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෑග් දෙකක් පවුලක් අවුල් කරලා