(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
මහමගදී සොර සතුරන්ගෙන් මුදල් පරෙස්සම් කරගන්න හිතාගෙන ස්වයංක‍්‍රීය මුදල් ගෙවන කාඞ්පත නිතරම ළඟ තබාගෙන සිටි මහත්මයකු හදිසියේ සතිපොළේ පලා වෙළෙන්දියකගෙන් පළා අරන් මුදල් ගෙවන්න කාඞ් පත වෙළෙන්දියකට දී සිදුවූ අපූරු පුවතක් පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.
පසුගිය කාලයේ වෙන්නප්පුව ප‍්‍රදේශයේ නිතරම මහමගදී යතුරුපැදිකරුවන්ගේ මංකොල්ලකෑම් නිසා වැඩි පරෙස්සමට මහමග ගමන් කරනවිට වුවමනාවක් වුණොත් මුදල් ගැනීමට හා ගෙවීමට ස්වයංක‍්‍රීය මුදල් ගෙවන කාඞ්පතක් ළඟ තබාගත් මහත්මයෙක් රාජකාරි කටයුත්තකට නගරයට පැමිණ ඇත.
මේ අතරතුර තම බිරිය දුරකතන ඇමැතුමක් දී පවසා ඇත්තේ එදින සතිපොළ පැවැත්වෙන නිසා එහි ගොස් පලාවර්ග කීපයක්ද රැගෙන එන ලෙසයි.
තම පසුම්බියේ මුදල් නොමැති බව අමතක වූ මහත්මයා පොළට ගොස් වුවමනා පළාවර්ග ගෙන මුදල් ගෙවීමට සූදානම් වීමේදී මුදල් නොමැති බව මතක් විය. එය වෙළෙන්දියට පැවසීමට ලැජ්ජාවක් බැවින් ස්වයංක‍්‍රීය මුදල් ගෙවන කාඞ්පත දික් කළාලූ.
මේ සිදුවීමෙන් තුෂ්ණිම්බූත වුන වෙළෙන්දිය වුන දේ ගැන හිතාගන්න බැරුව අවට සිිටි හිතවත් වෙළෙන්ඳන්ට සිදුවන දේ උස් හඬින් පවසද්දී එම ස්ථානයෙන් යමින් සිටි ඉහත මහත්මයාගේ හිතවතෙක් ඉදිරිපත් වී භාණ්ඩවලට මුදල් ගෙවා ස්ථානයට උචිත පරිදි හැසිරෙන්න කියා අවවාදයක් දී අර මහත්මයාව ගෙදර පිටත් කළාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක නම් ඇත්ත චන්න. අඩුම ගැනේ ඒ ගහන ටැක්ස් එකෙන් වත් රටේ පුර පාරවල් ටික හරියට නඩත්තු කරනවා නම්, සහ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කරන්න මොකක් හරි වැඩක් කරනවා නම් කොච්චර හොදද .... (හේ)
හැමකෙනෙකුම ආණ්ඩුවට යන ටැක්ස් ගෙවන්න කැමතියි. නමුත් ටැක්ස් ගෙවන අය දුක්විඳලා හම්බකරන සල්ලි වලින් මොකද වෙන්නේ? රජයේ නිලධාරින්ගෙන් හරියට වැඩක් කරගන්නවත් බැහැ. එයාලා හිතන්නේ අපි කරදරයක් විදියට. ඉතින් මොකටද තව ටැක්ස් ගෙවන්නේ. (නි)
ඕක මොකක්ද , යදින මනුසයෙක් කාර් එකක යන නෝනා කෙනෙක් කලර් ලයිට් එකක් නැවැතුවම අතපාලා තියෙනවා ,නෝනා පසුන්බිය බැලුවාලු මාරු සල්ලි නැතිලු , නෝනා කිවලු අනේ කාඩ් එක විතරයි තියෙන්නේ අතේ සල්ලි නැත කියල , ඒ පාර යදින්න කියනවලු එ්කට කමක් නැහැ නෝනේ මන් ගාව එෆොට්ස් මැෂින් එකක් තියෙනවා දෙන්න කැමති ගාන කියන්නකෝ මම ගන්නම් කියල (බ)
උඩ තිබෙන අදහස් කියවනකොට හිතෙන්නේ අපේ සමහර අය තවම ගෝත්‍රික යුගයේ කියලා (නි)
අපි මෙවැනි සිද්ධි වලට හිනා වෙන්නේ නැතුව ටික ටික දියුණු වෙලා සෑම වෙලෙන්දෙකුටම ජංගම එෆ්ට්පොස්ට් මැෂිමක් සහිතව වෙළඳාම් කරන කාලයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. 90 දශකය ලබන කොටත් ටෙලිපෝන් තිබුනේ කලාතුරකින් ගෙදරකටයි. ජංගම දුරකථන තිබුනෙම නැති තරම්. නමුත් දැන් ?? ජංගම දුරකථන මාර්ගයෙන් ගතහැකි තවත් ප්‍රයෝජනයක් තමා ජංගම කාඩ් කියවීමේ යන්ත්‍රය. (බ)
තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉදිරියට මෙහෙම දේවලුත් ඇත්තටම වෙන්න පුලුවන් (නි)
මෙතන වැරැද්ද සම්පුර්ණයෙන්ම මහත්තයාගේ, එයාව සුද්ද කරන්න හදන්න එපා කවුරුවත් එහෙම (බ)
සාමා, ඔබ සමඟ මා එකඟයි. 2020 දී අපි එතන ඉඳීවී. (නි)
මමත් ඉන්දිකගේ අදහස අනුමත කරනවා (නි)
පිටබැද්දර ජයා , ඔයා අර ආටක නාටක කියන පිස්සු විකාරේ බලන ප්‍රේක්ෂකයෙක් වගේ! (ම)
අපට ටැක්ස් ගෙවන එකේ ප්‍රශ්නයක් නැති උනාට, ඒ සල්ලි වලින් වෙන්නේ මොනවද කියල අපිත් දැන ගන්න ඕනි. ඒ නිසා ඇත්තටම හැමෝටම සාදාරනව ටැක්ස් අයකරන විදියක් තියෙන්න ඕනි. අනික ඕනිම ආයතනයකින් වැඩක් කරගන්න අදාල නිලදාරීන් ඉන්නත් ඕනි. උදාහරණයක් විදියට දුම්රියේ 2 වන පන්තියේ ප්‍රවේශප ත්‍රය ගත්තම ඒකට අදාල පහසුකම් ලැබෙන වානම් ගෙවන එක ප්‍රශ්නයක් නැහැ. එ්ත් වෙන්නේ වැඩි ගානක් ගෙවලා 3 වන පන්තියේ විදියටම ගමන් කරන්නයි (නදී).
ටැක්ස් ගැන කීවම මට දෙයක් කියන්න මතක් උනා. මෝටර් රථ නිෂ්පාදනය කරන රටවල් මෝටර් රථයක් නිපදවල අපනයනය කරලා ගන්න ආදායමට වැඩි ආදායමක් අපේ රට ගන්නවා ටැක්ස් ආදායමෙන්. (ර)
මෙවැනි දේ හදුන්වා දුන්නොත් ඉදිරියේදී මිනුසුන්ට හොරකරන්න බෑ. හැමකෙනෙකුටම ආණ්ඩුවට යන ටැක්ස් ගෙවන්න වෙනවා. එංගලන්තයේ මිනිසුන්ට හොඳ ජීවන තත්වයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නේ ආණ්ඩුවට ලැබෙන මුදල් හරියට ආයෝජනය කරන්න පුළුවන් වෙන නිසා. ලංකාවේ බ්ලැක් මාර්කෙට් තුලින් බොහෝ ධනය විනාශ වෙනවා.(නදී)