IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


පොහොර සහනාධාර ගන්න ගිහින් රැකියා ඉල්ලුම්පතක් දීලා

දකුණු පළාතේ උප නගරයක පිහිටිරාජ්‍ය බැංකුවකි. පොහොර සහනාධාර මුදල් ලබා ගැනීමේ අයදුම්පතකට බැංකු ගිණුමක් ආරම්භ කිරීම සඳහා ඔහු එහි පැමිණි විට විශාල පිරිසක් බැංකුව අසල සිටියහ. පෝලිමේ මදදුරක් ගිය විට ඔහුට හදිසියේ මතක් වූයේ තමා මෙහි එන විට උදේම තැපැල් කිරීමට යැයි දියණිය දිගු ලියුම් කවරයක් දුන් බවයි. පෝලිමේ අයට මේ බව කියා වහාම අසල වූ තැපැල් කාර්යාලයට දිව ගිය ඔහු ලියුම පෙට්ටියට දමා යළිත් බැංකුවට
ඇවිත් පෝලිමේ සිටි තැනම අල්ලා ගත්තේය.


සෑහෙන වේලාවකට පසු බැංකු කවුන්ටරයට ළගා වූ ඔහු තම අයඳුම්පත සහිත දිගු ලියුම් කවරය අතට දුන්විට එය විවෘත කළ ඇයට සිනා නැගිණ. “මේක රස්සාවකට යවන ඉල්ලුම් පත්‍රයක් නේ” ඇය කී වීට ඔහුට තරු පෙණුනි.


තමා තැපැල් පෙට්ටියට දමා ඇත්තේ තමාගේ පොහොර සහනාධාර මූල්‍ය අයදුම් පත බව තේරුම් ගත් ඔහු වහා තැපැල් කාර්යාලය දිවගොස් තැපැල් සේවකයකුට එම අයදුම්පත ආපසු ලබාදෙන ලෙස ඉල්ලුවත් ඔහු කියා තිබුණේ සවස හතර වනතුරු ලියුම් පෙට්ටිය නැවත විවෘත කිරීම තහනම් බවක් ලූ.



අදහස් (0)

පොහොර සහනාධාර ගන්න ගිහින් රැකියා ඉල්ලුම්පතක් දීලා

බමුණු ආරච්චි Wednesday, 02 March 2016 12:35 AM

මටත් ඔහොම දේවල් වෙලා තිබෙනවා. සිගරැට්ටුව විසිකර පත්තරේ බලන්න ගිය මම පත්තරේ විසිකර සිගරැට්ටුව සමග පුටුවේ වාඩිවුණා. මොනවා කරන්නද කලින් දවසේ රෑ ටිකක් වැඩිවුණාම?? (නි)

:       0       0

ජයදීව Wednesday, 02 March 2016 12:21 PM

පිටබෙද්දර ජය. මේක බටහිර කුමන්ත්‍රණ වගේ (කෞ)

:       0       0

අජිත් Wednesday, 02 March 2016 12:22 PM

වික්‍රම, පිස්සුද ඒ ක්‍රම දැන් බහ යහපලනනේ තියෙන්නේ දැන්. හික්... හික්...හික්...(කෞ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 02 March 2016 01:06 AM

ඒක පුදුම නීතියක්නේ. සුද්දගේ කාලේ දාපු නීතියක්ද? හතර වෙනකම් අරින්න බැහැ කිවුවේ (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 02 March 2016 03:24 AM

ඔය වාගේ වැරදීමක් සමාජයේ ඉහල පැලැන්තියේ කෙනෙක් අතින් සිදුවුනානම් ආයිමත් කතා දෙකක් නැහැ. තැපැල් සේවකයා එවෙලේම ඒ වැඩේ කරදේවි. (බ)

:       0       0

වික්‍රම Wednesday, 02 March 2016 04:46 AM

ඔය වැඩ කරගන්න වෙන ක්‍රම තියෙනවා..ඒ ක්‍රමේට එවලෙම වැඩේ කරගන්න තිබුනා. (බ)

:       0       0

ජනහිත Wednesday, 02 March 2016 11:38 PM

පිටබැද්දර ජයා, නීතිය දන්නේ නැත්නම් අහගන්න, තැපැල් පෙට්ටියකට ලියුමක් දැම්මට පස්සේ එය අපහු ගැනීමට ලියුම තැපැල් කරපු අයටවත් බැහැ. එවිට අයතිය තැපැල් දෙපාර්තමේන්තුවටයි. එය නියමිත අයට යැවීමට තැපැල් දෙපාර්තමේන්තුව ගිවිසුමකට එලබිල තියනවා නියමිත මුද්දර ගාස්තුව ගෙවීම නිසා. හැබැයි මුද්දර ගාස්තු ගෙවල නැතිනම් ආපසු ලිපිනය තියනවනම් එය නිරුප්පදිරතව ආපසු ඒවි. අනිත් අතට සධාරනත්වයේ නාමයෙන් කිසිවක් කරගැනීමේ බාධාවකුත් නැහැ . මටත් ඔය සමාන දෙයක් වෙලා තියනවා මම රාජ්‍ය සේවයේ ඉන්න කාලේ.

:       0       0

දුමිඳු Friday, 04 March 2016 04:54 AM

අකාර්යක්ෂම පරිපාලනයක් හා ගොවීන් සඳහා නුසුදුසු පොහොර සහනාධාර ක්‍රමයක් යහපාලනය නම් මුලාව තුළ අත්විඳීමට වීම මීට හේතුවයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site