උපකාරක පන්තියට පැමිණි සිය පාසලේ සහ ඥාති හිතමිතුරන්ගේ ළමයින්ව ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු සියයේ සීමාව ඉක්මවා යාමට නොහැකි වීම නිසා උපකාරක පන්ති ක්ෂේත්‍රයට සමුදුන් ගුරුවරියක පිළිබඳ අපූරු කතාවක් වියළි කලාපයට අයත් දුෂ්කර ප්‍රදේශයකින් වාර්තා වේ.
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා පන්තිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට මව්බස, ගණිතය, ඉංග්‍රීසි, දෙමළ, පරිසරය, අත්අකුරු ලිවීම යන අංශවලට වෙන වෙනම උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව මෙම ගුරුවරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ඉසුලුවාය. සිත්ගන්නාසුළු ආකාරයට සැරසී යතුරුපැදියකින් ඇය ගමන් බිමන් යන අතර අතිශෝක්තියෙන් යුතුව සෑම විටම තමන් පිළිබඳව වර්ණනා කර ගැනීමේ දැඩි ආශාවකින් යුත් ඇය පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගන්නා කාලයේ සිට විවිධ ප්‍රචාරක ක්‍රම භාවිත කරමින් සිය නිවසේ පැවැත්වෙන උපකාරක පන්ති පිළිබඳව විශාල ප්‍රචාරයක්ද ඇය සිදුකරන බව පැවසේ. ඇයගෙන් බේරීමට බැරි කල හිත මිතුරන් සහ ඥාතීන් හා දෙමව්පියෝ ඇයගේ උපකාරක පන්තියට සිය දරුවන් රැගෙන ගියහ.
ළමයින් තිහක් හතළිහක් අතර ප්‍රමාණයක් ඇයගේ සෑම පන්තියකටම පැමිණෙන අතර සතියේ සෑම දිනකම සවස් කාලයේ ඇය පන්ති පැවැත්වූවාය. සෑම දිනකම ගුරුවරියගේ නිවසේ පන්ති පැවැත්වුවද තම දියණිය ඒවාට සහභාගි නොකරවා බිරිඳගෙන් ලැබෙන දෝෂාරෝපණයද නොතකමින් වෙනත් ගුරුවරයෙකුගේ පන්තියකට රැගෙන යාමට ඇයගේ සැමියා වගබලා ගත්තේය.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට ආසන්න බව දැනගත් ගුරුවරිය මෙවරත් උසස් ප්‍රතිපල අපෙන් යනුවෙන් සඳහන් අලංකාර බැනරයක්ද මුද්‍රණය කිරීමට අමතක නොකළාය. මධ්‍යම රාත්‍රිය වනවිට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැර තිබූ අතර පසුදා උදෑසන වනවිට අැයගේ බලාපොරොත්තු සියල්ල සුන්වී තිබුණි. පන්තියට පැමිණි කිසිම ළමයකු ලකුණු සියය ඉක්මවා ලබාගැනීමට අසමත් වී තිබුණු අතර තම දියණිය එකසිය අසූවකට ආසන්න ලකුණු ප්‍රමාණයක් ලබාගැනීම නිසා ඇය තවත් අසරණ වූවාය.
තම පාසලේ පන්තියේ ළමයින් කිහිපදෙනෙකු විභාගය සමත්ව තිබූ අතර ඔවුහු කිසිවකුත් තම පන්තියට පැමිණි අය නොවූහ. වරුවක් නිවාඩු දමා නිවසට ගිය ඇය දුරකතනයද ක්‍රියා විරහිත කළාය. අසනීප බව පවසමින් දින කීපයක් නිවාඩු ලබාගෙන නිවසේ කාලය ගත කළ අතර ළමයි එම පන්තියට පැමිණීම නතර කළහ. ඇය උපකාරක පන්ති ව්‍යාපාරයට සමුදුන්නාය. ටීචර් ළමයි කීයක් පාස්ද අර බැනර් එක ගහන්නේ නැද්ද කියා ඇයට ලැබෙන නාඳුනන ඇමතුම් නිසා සිය දුරකතනයේ සිම්පතද වෙනස් කිරීමට ගුරුවරියට සිදුව ඇති බව පැවසේ.
හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන
2025 දෙසැම්බර් මස 18
43
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පහේ ශිෂ්‍යත්වය ෆේල් වුණාම ගුරුවරියට උපකාරෙත් එපාවෙලා
Tuesday, 28 November 2023 10:25 AM
හොඳ වැඩේ
Kadhija Tuesday, 28 November 2023 02:23 PM
ගුරුවරු බොරුවට ටියුෂන් ක්ලාස් දාගෙන උගන්වන්නේ නැහැ .සල්ලි තමා හම්බ කරන්නේ .ඊට වැඩිය හොඳයි ඒ ටයිම් එකේ ලමයව ගෙදර තියලා හොඳට උගන්වන එක