කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
කෑකෝ ගසන පන්තියේ පන්ති නායකයාට ඒ සම්බන්ධයෙන් දෝස් මුරයක් දැමීමට ගිය විදුහල්පතිට දවල් තරු පෙනුණු පුවතක් දකුණේ පාසලකින් අසන්නට ලැබේ.
විදුහල්පතිගේ වැඩි අවධානය තිබුණේ මේ පන්ති කාමරයටය. ඒ ඔහුගේ පුත්‍රයා ඉගෙනුම ලබන්නේත් මේ පන්තියේ නිසාය.
එදා මේ පන්තිය නිරීක්ෂණය කළ ඔහුට දැක ගන්නට ලැබුණේ අදාළ විෂය භාර ගුරුවරයා නොපැමිණ පන්තියේ සිසුන් කෑකෝ ගසන අයුරුය. කොල්ලෝ මහ හඬින් සිංදු කීහ. කෙල්ලෝ එක එක වල්පල් කතාවල නිරතව සිටියහ. දෙගොල්ලෝම මේ කාර්යයන් දෙකේම නිරතව සිටියේ හිමින්නම් නොවේ. ගාලගෝට්ටියක් පරිද්දෙනි.
මේ සිසුන්ගේ අවිනීත ක්‍රියාව දුටු විදුහල්පති ඒ පන්තිය දිහාවට ඇදුණේ ඒ නිසාය. ගුරුවරයකු නොමැති අවස්ථාවක පන්තිය නිශ්ශබ්ද කිරීමේ වගකීමක් පන්ති නායකයා සතුව තිබුණත් එවැන්නක් නොදුටු නිසා මේ සම්බන්ධයෙන් පන්ති නායකයාට දෝස්මුරයක් දැමිය යුතු යයි විදුහල්පති සිතුවේය.
මොකද මේ ශබ්දේ, හරියට මාළු කඩේ වගේනේ. කෝ මේ පන්තියේ පන්ති නායකයා. එයාට බැරි ඇයි පන්තිය නිශ්ශබ්ද කරගන්න. නැගිටිනවා බලන්න පන්ති නායකයා යැයි ඔහු මහ හඬින් ඇසුවේ වේවැලද ලෙලවමිනි. ඔහු එසේ කී විට නැගිට්ට සිසුවා දුටුවිට විදුහල්පතිට හීන් දහඩිය දැමුවේ තමන්ගෙන් වරදාන වරප්‍රසාද ලබා ගැනීමට තමාගේ පුතා පන්ති නායකයා බවට පත්කොට ඇති බව තේරුම්ගත් විදුහල්පතිවරයා හිතින් බැනවැදුණේ පන්ති භාර ගුරුවරයාගේ මව්පියන් මතක් කරමිනි.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පිස්සු නටන මොනිටර් මාට්ටු කරන්න ගිස විදුහල්පතිට තරු පෙනිලා