වේලාව රාත‍්‍රී අටට පමණ ඇත. ගාල්ල බස් නැවතුම් පොළේ සිට මාතර බලා ධාවනය කිරීමට සූදානම්ව තිබූ ලංගම බස් රථයකි. එහි එතරම් මගීන් පිරිසක් නොසිටියත් දිවා කලමෙන් කොන්දොස්තර මාතර, මාතර කියා කෑගැසුවේ ද නැත.
තරුණයෝ පස් දෙනෙක් බස් රථයට ගොඩවී පිටුපස අසුණේ වාඩි වූහ. ඔවුන්ගෙන් කිහිප දෙනකු කොණ්ඩය වවා එක කනක කරාබුවක් ද පැළඳ සිටි අතර කිහිප දෙනකු අත සිලිසිලි බෑග් ද තිබිණි.
විවිධ වැකි සහිත ටී-ෂර්ට් සහ තුන්කාල් කලිසම් හැඳ සිටි ඔවුන් බසයට ගොඩ වූ වෙලේ සිට නොයෙක් දේවල් කියමින් මහ හඬින් සිනාසෙන්නට විය. ‘උණවටුනට පහක් දෙන්න’ එක් අයෙක් කොන්දොස්තරගෙන් ටිකට් ගත්තේය.
බසය උණවටුනට ළඟා වනවාත් සමග එක් අයෙකු පස් වරක් සීනුව නාද කළේය. රියැදුරු ඉදිරිපස කණ්ණාඩියෙන් පිටුපස බලා ‘මොකද බෙල් එක කඩන්න ද හදන්නේ මගේ කන් දෙක ඇහෙනවා’ යයි කෙන්තියෙන් කීවේය.
‘නෑ... නෑ... ඩ‍්‍රයිවර් මහත්තයෝ අපි පස් දෙනෙක් බහින්න ඉන්නවා. ඒකයි බෙල් පහක් ගැහුවේ’ කියා තරුණයෙකු කීවේ සිනාසෙමිනි. තවත් කෝපයට පත් රියැදුරු බස් නැවතුම් පොළේ සිට මීටර් කිහිපයක් ඉදිරියට ගොස් බසය නතර කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැළණි ඔයා ඉන්න රට කොහෙද කියාල කියන්නකෝ. (අ)
අනේ කොහොමද රට හදන්නේ ඔය ස්කොලේ නොගිය කට්ටිය බස් වල යද්දී. කොහොමත් උණවටුන ඔය වගේ දේට ප්‍රසිද්ද ගමක් නේ.(නදී)
පස් දෙනාම එකතුවෙලා නෙලන්න තිබ්බේ රියදුරාට හෙට ඉඳල ස්ට්‍රියික් කරන්න කියලා.(නදී)
මම ඉන්නේ කැනඩාවේ ජයා. (නදී)
මම ඉන්න රටේ බස්වල මුලින්ම බෙල් එක ගැහුවට පස්සේ ආයේ වයර් එක ඇද්දට නාද වෙන්නේ නැහැ ඒ හෝල්ට් එකේ නවත්තනකල්. පොඩි ඉලෙක්ට්‍රොනික් උපක්‍රමයක් ඇත්තේ. (අ)
කැනඩාවේ ක්‍රමේ ලංකාවට හරියන්නේ නැහැ. අපේ රටේ කොන්දොස්තරවරුන්ට පුළුවන් බෙල් තුනක් ගහලා පළමු බෙල් පහර කැන්සල් කරන්න.(දිල්)
මෙහෙ බස් වල කොන්දොස්තර ලත් නැහැනේ. රියදුරා තමයි වැඩ දෙකම කරන්නේ.(නදී)
කොලු කමට කරන දේවල් ගනන් ගන්න එපා වැඩිය. (නදී)
මහන්සි වෙලා රැකියාව කරන අයව විහිලුවට ගන්න හොද නැහැ.(නදී)
අන්න කොල්ලෝ .මට හිනා වෙලා කදුළුත් ආවා (දිල්)
මේ වැඩේ මටත් වුණා ඇත්තටම. හැබැයි වෙන විධියකට. මම දවසක් බස් එකක බෙල් එක ගැහුවා බහින්න. ඒ එක්කම මහා සද්දෙන් බස් එක හෝන් එක ගැහැවුවා. ඉතින් ඒ සද්දෙත් එක්ක ඩ්‍රයිවර් ට බෙල් එක ඇහෙන්නේ නැහැ කියලා මම ආපහු බෙල් එක ගැහුවා. මෙන්න ආයෙමත් බස් කාරයා පෝං කියලා ගැහුවේ නැද්ද හොඳ එක! මගේ වෙලාව! ඉතින් මම ආයිමත් බෙල් එක ගැහුවා. මෙන්න එක පාරටම ඩ්‍රයිවර් හැරිලා මොකද ඕයි බෙල්බෙල් එක කඩන්න හදන්නේ, හෝල්ට් එක තව ඉස්සරහ තියෙන්නේ, ටිකක් ඉවසල ඉන්නවකෝ කියලා මට කඩාගෙන පැනපි. මම උඩ ගියා. බලනකොට මේ හත්වලාමේ බෙල් එකේ සද්දේ බස් හෝන් එකක් වගෙ හදල තියෙන්නේ! ඉතින් මම කොහොමද වදේ ඒක දන්නේ! ඔන්න ඇත්තම සිද්ධියක් මට වෙච්ච.(දිල්)
අහන්න දෙයක් නැහැ දකුනෙනේ.(නදී)
ඒකත් හොද ක්‍රමයක් නැතිනම් රියැදුරා දන්නේ නැහැනේ කොච්චර බභිනවද කියලා. (නදී)