IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පීසීආර් කර ගෙදර ඇවිත් උපන් ඇඳුමෙන් ඉන්න වෙලා

(දූනගහ බටේපොළ විජයසිරි)
කොරෝනා සැක සහිත පුද්ගලයකු ඇසුරු කළේ යැයි පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ සැමියකු පරීක්ෂණයට ගොස් ආපසු එන විට ඔහුගේ නිවසේ තිබූ ඇඳුම් පැලඳුම් කොට්ට මෙට්ට සියල්ල පුළුස්සා දැමූ බිරියක ගැන සියනෑවට නුදුරු ගමකින් අසන්නට ලැබේ.


සිද්ධිය මෙසේය.


මෙම සැමියාත් බිරියත් වයස 60-70 ආසන්න වූවෝය. සැමියා ගමේ කඩපිලට ගොස් පාළු කැපීමට හුරු පුරුදු වූ කෙනෙකි.


දිනක් සැමියා කඩෙපාළේ සිට නිවෙසට ගිය විට කඩපොළේ කොරෝනා ආශ්‍රිතයකු සිටියේ යැයි එහි සිටි සියලු දෙනාම පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමට දන්වා තිබුණි.


ඒ අනුව සැමියාද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා කැඳවාගෙන ගියේය.


සැමියා නිවෙසින් ගිය පසු බිරිය සිදුකළේ සැමියාගේ ඇඳ කොට්ට, මෙට්ට ඇඳුම් පැලඳුම් සියල්ල පුළුස්සා දැමීමය. එසේ කළේ වයිරසයෙන් ආරක්ෂා වීමටය. සැමියා පරීක්ෂණයෙන් නෙගටිව් වී ආපසු නිවෙසට ආවේ ජයග්‍රාහී විලාසයෙනි.


එසේ වුවද නිවෙසට ආවිට ඔහුට සිදුවූයේ පෙර නොසිතූ සිදුවීමකි.


ඒ වන විට ඇඳුම් පැලඳුම් තබා තමන් නිදන ඇද කොට්ට මෙට්ට සියල්ලමද බිරිඳ විසින් ගිනි තබා විනාශ කර තිබිණි.
ඔහුට දින කිහිපයක් අමුඩය ගසාගෙන සිටීමට සිදුවූයේ එකම සරමත් බැනියමත් සෝදා පිරිසිදු කරගත් දිනවලදීය.
පැදුරු කඩමාල්ලක වැටී බිම නිදාගන්නටත් සිදුවිය.



අදහස් (0)

පීසීආර් කර ගෙදර ඇවිත් උපන් ඇඳුමෙන් ඉන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site